ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (මැයි 31) දින සිලාවතුර මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මිලිමීටර් 12 බෝර තුවක්කුවක් සමග 34 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
SInhala.
අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකළ තවත් එක් නිවසක් සදුදා (ජුනි 01) එහි හිමිකාරිය වෙත භාරදෙන ලදී.
මාරාව,මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයෙකුට ඊයේ (මැයි 31) දින රාත්‍රී 9.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මිය ගොස් ඇත.
පුද්ගලයින් 58 දෙනෙකු ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද (ජුනි 01) දින පිටත්ව යාමට නියමිතය.
කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 403 දෙනෙකු සුවය ලබා සදුදා (ජුනි 01) දින රෝහල් වලින් පිටව ගොස් ඇත.
මීට සුළු මොහොතකට පෙර 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මරණය වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අද වන විට 11 දක්වා ඉහළ ගොස් තිබේ.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු විශේෂ කාර්ය සාධක බලකාය විසින් ඊයේ සවස (30) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.
විදෙස්ගතව සිට බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම සඳහා ගුවන් තොටුපල රාජකාරියේ යොදවා සිටි හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ (මැයි 30) දින තහවුරු වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 388 දෙනෙකු සෙනසුරාදා (මැයි 30) දින සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානයෙන් පසුගියදා රාත්‍රියේ (මැයි 30) ලන්ඩනයේ සිට කොළඹ බලා පැමිණියේය.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 223 දෙනෙකු අද (මැයි 31) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය| සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (SLCERT|CC) විසින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි දෙකක් සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් අක්‍රීය කර ඇති බවට තහවුරු කර ගෙන ඇත.
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 179 දෙනෙකු අද (30) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
අද (මැයි 30) උදෑසන ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 285 දෙනෙකු සහ ඉන්දියාවේ සිට තවත් 18 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද පස්වන ස්වයංක්‍රීය මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් ඊයේ (29) දින තෙල්දෙණිය මූලික රෝහලට භාර දී තිබේ.
‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 59 වන සේනාංකයේ යුධ හමුදා භට පිරිස් සඳුදා (මැයි 25) දින වට්ටප්පලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිල් භූමියේදී පැළ සිටුවීමේ වැඩසටහනක් සිදුකරන ලදි.
ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ ඊයේ (29) දින රාත්‍රී 12.20 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අවන්හලකට වෙඩි තබා පලාගොස් ඇති බවත් වෙඩි තැබීමෙන් එම අවන්හලේ විදුරු වලට අලාභ හානි සිදුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න Defence.lk වෙත පැවසීය.
කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් බෙලරුස් හි අතරමංව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකික 275 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා (මැයි 29) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 1206 ගුවන් යානයෙන් කොළඹට ළගා විය.
ශ්‍රී ලංකාවේ අතරමංව සිටි පිලිපීන ජාතිකයන් කණ්ඩායමක් රැගෙන යාමට කොළඹ වරායට පැමිණි පිලිපීන නාවික හමුදා නෞකා දෙකක් අද (30) දින නැවත පිටත්වීමට නියමිතය.
රජයේ වෙබ් අඩවි දෙකකට අද උදෑසන (මැයි 30) සයිබර් ප්‍රහාරයක්