බෙල්ජියමේ, බ්‍රසල්ස් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි Boeing 737 ගුවන් යානයෙන් පැමිණි විදේශීය නැව් තුනකට අයත් පිරිසක් ගාලු වරායේදී නැව්වලට මාරු කිරීමට ඊයේ (28) දින ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව ගෆූර් ගොඩනැගිල්ලේ සිටි දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කල නැවියන් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීම ආරම්භ කර ඇති බව ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මිට සුළු මොහොතකට පෙර defence.lk වෙත පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඓතිහාසික මුහුදු මහා විහාරයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (28) දින ස්ථාපිත කරන ලදි.
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 775 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, පුද්ගලයින් 68 දෙනෙකු නිරීක්‍ෂණයන්ට යටත්ව සිටින බව වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) දින උදෑසන 05.30 ට ඉදිරි පැය 24 සදහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින්නේ ගාල්ල සිට දකුණු මුහුදු ප්‍රදේශය හරහා මඩකලපුව දක්වාත් සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් වන මුහුදු ප්‍රදේශ පිලිබදව සෝදිසියෙන් සිටින ලෙසත් ඉදිරි පැය 24 තුළ සුළගේ වේගය පැයට කි.මී. 70-80 දක්වා වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් පවසා සිටී.
SInhala.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පානදුර මූලික රෝහලේ ඉදිකරන ලද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ පළමු ‘Triage Center’ අද (මැයි 28) දින විවෘත කරන ලදී.
පසුගියදා හදුනාගත් කොරෝනා වෛරසය ආසාදිත නාවිකයා පිළිබදව පැතිර යන ලද පදනම් විරහිත තොරතුරු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ගෆූර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි එම නාවිකයා ගිලන් රථ රියදුරෙකු වන අතර මෙම රෝගියා වැලිසර පොකුරේ බවත් පවසයි.
සීෂෙල්ස් හි වෙසෙන සහ සේවය කරන මෙරටට නැවත පැමිණීම සදහා ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයින් දැනට පවත්නා රෙගුලාසි වලට අනුකූලව සහ පවතින නිරෝධායන පහසුකම්වලට අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
මාර්තු 20 දින සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 66,519 දෙනෙකු සහ රථවාහන 18,733 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට ටික සුළු මොහොතකට පෙර තහවුරු කරන ලදි.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත පාසල් නැවත විවෘත කළ පසු මෙරට අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් දරුවන්ගේ භාවිතය සදහා චීන තානාපති කාර්යාලය විසින් මුහුණු ආවරණ 125,000 ක් අධ්‍යාපන අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය අද (28) දින නිකුත් කල නවතම ඇඳිරි නීතිය පිළිබද නිවේදනය අනුව මැයි 31 ඉරිදා සහ ජුනි 4 සහ 5 යන දෙදින තුලද දිනවල දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට නියමිතය.
ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මාර්තු 20 දින සිට අද (මැයි 28) අළුයම 4.00 දක්වාවූ කාලය තුල පුද්ගලයින් 66,519 ක් සහ රථ වාහන 18,733ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයින් 150 දෙනාගෙන් 97 දෙනෙකුම කුවේටයේ සිට පැමිණි පුද්ගලයින්ය.
නැගෙනහිර පළාතේ පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකරණ සහකාර අධ්‍යක්ෂ, පූජ්‍ය කිරිදිවැල ශ්‍රී සෝමරතන හිමියන් විසින් රු. 61000 ක් මුදලක් අද (27) ආරක්ෂක අමාත්‍යාංශයේ ‘ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල' වෙත පරිත්‍යාග කරන ලදි.
‘ස්වර්ණවාහිනී’ රුපවාහිනී නාලිකාව විසින් පවත්වන ‘ස්වර්ණ සත්කාර’ වැඩසටහන සමඟ සම්බන්ධතාවයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ (26) දින දිවයිනේ බස්නාහිර පළාතේ නගර ආවරණය වන පරිදි විෂබීජහරණ වැඩසටහනක් ආරම්භ කළේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව (ඉහළ මණ්ඩපය) ඉදිකිරීම සඳහා පළමු ගඩොල තැබීම සඳුදා (25) දින සිදු විය.
යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලය ඉදිකිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (27) දින පොරොන්දු විය.
මාර්තු 20 වනදා සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 66,341 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 18,695 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මීට සුළු මොහොතකට පෙර defence.lk වෙත පැවසීය.
කටාර්හි දෝහා සිට ළදරුවන් සිව්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 272 දෙනෙකු රැගත් යූඑල් 218 ගුවන් යානය අද (27) දින පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරන පැවසීය.
අද උදෑසන 7.15 ට පමණ යාපනය, වල්ලිපුරම් පොලිස් මාර්ග බාධකය අසල සුළු පිපිරීමක් සිදුව තිබේ.