පරිත්‍යාග ඉල්ලුම පිලිබදව ව්‍යාජ ලෙස ගොතන ලද ප්‍රචාරයන් සංසරණය වීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටින්නේ කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබන බවයි.
රට තුළ ඇතිවූ තිබෙන කොරෝනා වෛරස් වසංගතය සඳහා වූ ඔවුන්ගේ දායකත්වයට අමතරව, දිවයින පුරා ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පියවර ගෙන තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අද (22) දින උදෑසන සමුද්‍ර කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් දකුණු වෙරළ තීරයේ, ගාල්ල සිට පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදේ ක්‍රියාත්මක වන නාවික හා ධීවර ප්රජාවන්ගෙන් ඉල්ලා සිටියේ සුළං වේගය පැයට කිලෝමීටර් 60 සිට 65 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවින් සුපරීක්ෂාකාරී වන ලෙසයි.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මැයි 24 සහ 25 යන දිනයන්හි දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ඇති බවයි.
SInhala.
අද (මැයි 21) දින තවත් වෛරසය ආසාදිත රෝගීන් 20 දෙනෙකු සුවය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් සුව වූ රෝගීන් සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් ඇත .
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අළුතින් ඉදිකරන ලද නිවසක්, වඩුක්කොඩෙයිහි අඩු ආදායම්ලාභී පවුලක් වෙත ඊයේ (මැයි 20) දින භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාව අද (21) දින ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කර තිබේ. ඒ මෑතකදී ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්ව ඉන්දුනීසියානු මුහුදට ගසාගෙන ගොස් ඇති බහු දින ධීවර යාත්‍රාවලට සහාය වීම සදහායි.
ඉන්දුනීසියාවේ සිට එරට ජාතික ගුවන් සේවයට අයත් GA 9820 ගුවන් යානය මගින් මීට ටික වේලාවකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු පැමිණ ඇති බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු රුවන් ප්‍රියදර්ශන පැවසීය.
ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් පිහිටුවන ලද ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’, ‘ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ලෙස නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
සීමා සහිත හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් ආයතනය විසින් රැවුල බාන රේසර් 30,000 ක් සහ රුපියල් මිලියන 2 ක් වටිනා අනෙකුත් පාරිභෝගික නිෂ්පාදන තොගයක් COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හා ත්‍රිවිධ හමුදාවට බෙදා හැරීම සදහා පරිත්‍යාග කළේය.
ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් KU 1453 ගුවන් යානය කුවේට් සිට අද (මැයි 20) දින අලුයම 1.00 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු චමින්ද ජයසුන්දර පැවසීය.
අද (මැයි 20) දින උදෑසන 6.00 ට අවසන් වූ පැය 12 ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 660 දෙනෙකුද සමග මාර්තු 20 දින සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇත.
දිගින් දිගටම පදනම් විරහිත චෝදනා නගමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් පීඩනයට පත් කරන ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට පසුබට නොවන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පැවසීය.
මේ වන විට ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (18) දින ගාල්ල ගිං ගගේ වක්වැල්ල පාලම යට සිරවී තිබු සුන්බුන් ඉවත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (18) නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කරමින් දිවයිනේ පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම්වලට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ කිහිපයක් නම් කර ඇත.
අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බැංකොක් සිට ශ්‍රී ලාංකිකයන් 69 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 17) දින මව්බිමට පැමිණියහ.
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් වෑතර ග්‍රාමීය රෝහලේ බාහිර රෝගී අංශයේ අලුත්වැඩියා කටයුතු බ්‍රහස්පතින්දා (මැයි 14) දින අවසන් කළේය.
11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ඊයේ (මැයි 18) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ.
බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් මේ සටහන තබනුයේ සතුට සහ අභිමානය පිරි සිතැතිව ය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසිදු බලවේගයකට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොදෙන බවයි.
මව්බිම එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මුදවා තිරසාර සාමයක් ඇති කිරීම සඳහා සටන් කළ නිර්භීත රණවිරුවන් හෙට (මැයි 19) දින සැමරීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබේ.
බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.