රටවල් 143 ක සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 38,983 කට වැඩි පිරිසක් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ආපසු සිය රට බලා යාමට සහාය ඉල්ලා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය අද (මැයි 17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 17) දින උදෑසන නිකුත් කල කාලගුණ අනාවැකියේ ධීවර ප්‍රජාවන් වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවට අනතුරු ඇගවීමක් කර ඇත.
සෙනසුරාදා (මැයි 16) දින ලද අලුත්ම වාර්තාවන්ට අනුව පුද්ගලයින් 9,374 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.
නිරෝධායනයකට ලක් වූ සිවිල් වැසියන් 102 දෙනෙකු ඊයේ (මැයි 16) දින ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
ජපානයේ සහ මියන්මාරයේ සිට තවත් පුද්ගලයින් 308 දෙනෙකු ඊයේ (මැයි 16) දින මෙරටට පැමිණ ඇත.
SInhala.
ලන්ඩන් ගාඩියන් වෙබ් සංස්කරණයේ සංචාරක ප්‍රශ්නාවලියෙහි ඊලාම් යන වචනය ඉවත් කරන ලෙස රජය පුවත්පතට දැනුම් දී තිබේ.
රට පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව අවදානම් සහිත ප්‍රදේශවල සිය සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.
මැයි 15 වන දින වාර්තාවන්ට අනුව අනුව පුද්ගලයින් 9,258 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇත.
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 411 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටව ගොස් ඇත.
ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (මැයි 16) දින විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා ආපසු යාමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඹතලේ ප්‍රදේශයේ කැළණි ගඟ හරහා ඉදිකර තිබු ලවණ බාධකය ඊයේ (මැයි 14) දින විවෘත කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරන ලද නාවික හමුදා නැවියන්ගේ පවුල් වල සාමාජිකයින් 162 දෙනෙකු ඊයේ (මැයි 14) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව වැලිසර නුගගහවත්ත මාර්ගයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 226 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වන්නි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක කාලයක් නිරෝධායන වූ පුද්ගලයින් 179 දෙනෙකු සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසුව අද (15) දින සිය නිවෙස් වෙත යවා ඇත.
යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පැවසුවේ, කොළඹ 12 හි බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල හි සුදුවැල්ල ,යන ප්‍රදේශ අද උදෑසන සිට නැවත විවෘත කර ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිය මාස තුනක වැටුප වන රුපියල් 292,500.00 ක් ඊයේ (මැයි 14) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල’ වෙත භාර දී තිබේ.
කොරොනා වෛරස් ආසාදිත වූ නැවියන් 59 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (13) දින රෝහල්වලින් පිටව ගොස් ඇත.
නවතම වාර්තාවලට අනුව කොරොනා වෛරසය අසාදිත වූ රෝගීන් 445 දෙනෙකු සුවය ලබා අද (මැයි 14) දින රෝහල්වලින් පිටව ගොස් ඇත.
පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්‍ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වනු ඇත.
වැලිසර නාවික හමුදා මහ රෝහලේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටී. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිතිපතා නාවික හමුදා මහ රෝහල වෙත පැමිණෙන ඔවුන්ගේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය පහසුකම් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගැනීම සඳහා අද (මැයි 14) දින සිට අවශ්‍ය පහසුකම් සලසා ඇත.