පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව විසින් ආර්.පී.ජී., මෝටාර් සහ අත් බෝම්බ සොයා ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 12) දින  ඉරණමඩු චලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී RPG බෝම්බ, මෝටාර් බෝම්බ සහ අත් බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.

 




පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශගතවී සිටි ශ්‍රී ලාංකිකයින් 350 ක් අද මාලදිවයිනේ සිට මෙරටට පැමිණේ

විදේශගතවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මාලදිවයිනේ සිට අද (මැයි 14) දින විශේෂ ගුවන් යානයකින් මෙරටට  පැමිණීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 435 ක් පිටව යති

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 435 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 13) දින  සති තුනක නිරෝධායනය කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු සිය නිවෙස් බලා  පිටව ගියහ.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂාව අධීක්ෂණය කිරීමේ සංචාරයක

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිවිධ හමුදාව අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මැයි 12 සහ 13 යන දෙදින තුල යාපනය අර්ධද්වීපයේ සියලුම ත්‍රිවිධ හමුදා කදවුරු වල සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 8,099 පිටව ගොස් ඇති අතර තවත් 3,444 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් බදාදා (මැයි 13) දින වන විට පුද්ගලයින් 8,099 ක් සිය නිවෙස් බලා  පිටව  ගොස් ඇති බව වාර්තා වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල ‘ඉටුකම’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අද සිදුකරන ලදි

COVID-19 පැතිරීම අවම කිරීම හා ඒ ආශ්‍රිත සමාජ සුභසාධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා සහයෝගය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට මුලපුරමින්  ‘ඉටුකම’ වැඩසටහන අද දින ආරක්ෂක අමාත්‍යාංශයේදී දියත් කරන ලදී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුවය ලැබූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු රෝහල්වලින් පිටව යයි

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත්  සමඟ මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා ආසාදිතව සිට රෝහල් ගත කළ නැවියන් 19 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිට වෙයි

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් නැවියන් 19 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන මන්නාරම, නච්චිකුඩා  නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්කල  පුද්ගලයින් 28 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම අද (මැයි 12) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ. 



පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ආධාර ලබාදෙයි

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්හි දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනය විශාල වෛද්‍ය ආධාර තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කිරීම පිළිබඳ වන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය  ආසාදිත නැවියන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීමෙන් වැළකී සිටින බවට ඇතැම් මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන පියවර ගැන ජනාධිපති රාජපක්ෂ උපදෙස් දෙයි

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබාගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩකළ යුතුව ඇතැයි COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අවධාරණය කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය සිවිල් සහ ආරක්‍ෂක හමුදා සහයෝගීතාවයේ මධ්‍යස්ථානය (Harmony Center) විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ සාමය, සංහිඳියාව සහ ජනජීවිතයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ‘සහයෝගීතාවයේ මධ්‍යස්ථානයක්’ ඊයේ (මැයි 11) දින විවෘත කළේය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව දකුණු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන විෂබීජහරණය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන විෂබීජ නාශක වැඩසටහන යටතේ, ගාල්ලේ සිට බෙලිඅත්ත දක්වා වන සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඉන්දියානු නාවික හමුදා නෞකාවකින් මෙරටට රැගෙන එයි

ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් 10 දෙනෙකු ඉන්දීය නාවික හමුදා    ‘ශර්දා’ නෞකාව මගින් ඊයේ (11) ශ්‍රී ලංකාවට ගෙන එන ලදි.




පසුගිය පුවත් | පසුගිය පුවත්

මේජර් ජෙනරාල් මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ නව ලේකම් ලෙස පත් කෙරේ

විකිරණවේදී විශේෂඥයෙකු ලෙස කටයුතු කරන යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සන්නද්ධ සේවා යුද ආබාධිත නිලධාරීන්ගේ සංගමය (DSWDOA) නැවත භාවිතා කළ හැකි ආරක්ෂක ඇදුම් කට්ටල පරිත්‍යාග කරයි

සන්නද්ධ සේවා යුද ආබාධිත නිලධාරීන්ගේ සංගමය විසින් අද (මැයි 11) කොරෝනා වෛරසය ව්‍යාප්තියට එරෙහිව පෙරමුණ ගෙන සටන් කරන සෞඛ්‍ය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් අතර බෙදා දීම සඳහා නැවත භාවිතා කළ හැකි ආරක්ෂක ඇදුම් කට්ටල 100 ක් පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායනය අවසන් කල තවත් 175 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යයි

ඉරණමඩු පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සති තුනක නිරෝධායන ක්‍රියාවලිය  අවසන්  කිරීමෙන් පසු අද (මැයි 11) දින තවත් සිවිල් වැසියන් 175 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල සිවිල් වැසියන් 10 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවනු ලබන බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් සිවිල් වැසියන් 10 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ