කිලිනොච්චි හි කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොන්නගර්හි අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (මැයි 8) දින අත්‍යවශ්‍ය ගෘහ උපකරණ ලබා දෙන ලදී.
ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු ක්‍රමයක් භාවිතා කරමින් සිදුවන වංචා සහ පුද්ගලයන්ට තර්ජනය කර කප්පම් ගැනීම් සිදුකිරීම පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු PCR පරීක්ෂණය සිදුකිරීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා රෝහල්වලින් පිටත් කර යවා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන මුලතිව් හි නිරෝධායන මධ්‍යස්ථානයේ සිවිල් වැසියන් 256 දෙනෙකු ඊයේ (මැයි 10) දින සති තුනක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළහ.
SInhala.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (මැයි 07) දින බොරැල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක සහ එළවළු පාර්සල් 30 ක් බෙදා දුන්නේය.
තවත් සිවිල් වැසියන් 604 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සති තුනක නිරෝධායන කාල සීමාව අවසන් කර ඉරිදා (මැයි 10) දින නිවෙස් බලා පිටත්ව ගියහ.
යුද හමුදා සෙබළුන් කිලිනොච්චි හි පොන්නාගර්, විශ්වමඩු බටහිර සහ කල්ලාරු යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් අතර එළවළු කිලෝ ග්‍රෑම් 2,400 කට අධික ප්‍රමාණයක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 07) බෙදා හැර තිබේ.
ඇඳිරි නීතිය සඳුදා (මැයි 11) දින සිට ලිහිල් කර තිබියදී අත්‍යවශ්‍ය සේවාවන් සහ අත්‍යවශ්‍ය දෛනික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පමණක් ගමනාගමනය සීමාකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
57 වන සේනාංකයට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් ඊයේ (මැයි 9) දින කිලිනොච්චි නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කරන ලදි.
නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම පවතිනු ඇත.
ඉදිරියේදී ඇතිවිය හැකි ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර වැළැක්වීම සඳහා ගාල්ල ගිං ගඟේ අගලිය පාලම යට එක්රැස් වී තිබු සුන්බුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 9) දින ඉවත් කර තිබේ.
පුත්තලම තබ්බෝව ප්‍රදේශයේ සේවය කරන යුද්ධ හමුදා භට පිරිස් අඟහරුවාදා (මැයි 5) දින මහකුඹුක්කඩවල සහ පල්ලම ප්‍රදේශවල තෝරාගත් පවුල් වෙත වියළි සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කළහ.
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් මුදා හැරීමත් සමඟ මෙරට තුල සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුලතිව් ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ වෙසක් වැඩසටහන්හි කොටසක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත පිසූ ආහාර සහ වියළි සලාක පාර්සල් ලබා දුන්හ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 274 දෙනෙකු රැගත් යූඑල් 605 ශ්‍රී ලංකන් ගුවන් යානය අද (මැයි 10) පෙරවරු 6.12 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු චමත් සෝමතිලක තහවුරු කලේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන යාපනය විඩත්තල්පලෙයි සහ අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, පුද්ගලයින් 378 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
පසුගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 859 දෙනෙකු සහ සහ රථ වාහන 206 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (8) දින තවත් රැඳවියන් 118 දෙනෙකු දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු නාවික හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව ගියහ.
ඉන්දියාවේ සිට විශාල ප්‍රමාණයක ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ (8) මෙරටට පැමිණියේය.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අලුතින් ඉදිකරන ලද නිවසක් බදාදා (6)දින එප්පාවල, ඉහළ හල්මිල්ලෑව , අදිරානිගම හි ජීවත් වන අඩු ආදායම්ලාභී පවුලකට භාර දී තිබේ.
COVID - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 900 ඉක්මවන අතර පරිත්‍යාගයන් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමකට (85737373) බැර කරනු ලැබේ.
පුත්තලම්හි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් තිස් එක් දෙනෙකුට බ්‍රහස්පතින්දා (මැයි 07) ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වියළි සලාක සහ ආහාර ලබා දෙන ලදී.