කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 16 දෙනෙකු ඊයේ (මැයි 01) දින වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගොස් තිබේ.
යාපනයේ සිට කොළඹ බලා යමින් සිටියදී කරෙයිනගර් වේලිමගේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට වැටුණු බස් රථයක් ගොඩට ගැනීම සදහා ඊයේ (මැයි 1) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
SInhala.
ශ්‍රී ලංකා නාවික හමුදා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (30) කාත්තන්කුඩි මහ රෝහල වෙත යවා ඇත.
හඳුනාගත් COVID-19 පොකුරු 31 න් පොකුරු හතරක් පමණක් සක්‍රීයව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
අතීතයේ ඇති වූ දුෂ්කර හා අභියෝගාත්මක කාලයන් ජයගත් අත්දැකීම් සහිත ශ්‍රී ලංකාව නිසැකවම COVID - 19 ට එරෙහි සටන ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
මේ වන විට PCR පරීක්ෂණ 21,000 ක් සිදු කර ඇති අතර දිවයිනේ වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඉන් 3% පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සමස්තයක් ලෙස COVID-19 පැතිරීම පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 42,101 ක් සහ වාහන 10,860 කට වැඩි ප්‍රමාණයක් මාර්තු 20 දින සිට අද (අප්‍රේල් 30) දින දක්වා වූ කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
අද දින රාත්‍රී 8.00ට දිස්ත්‍රික්ක 21 ක් සදහා පැනවෙන ඇඳිරි නීතිය මැයි මස 04 වන දින අළුයම 5.00 දක්වා පවතින බව රජය නිවේදනය කර තිබේ.
ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 32 ක පුද්ගලයන් 3,609 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී.
වෛරසය පැතිරීම වැළැක්වීම සදහා සටන් කල ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආසාදිත වූ නැවියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අපහාස නොකරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු ගෙන්වා ගැනීම සඳහා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද (29) නවදිල්ලියට පියාසර කර තිබේ.
COVID - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 866 ඉක්මවා ඇති අතර පරිත්‍යාග ලංකා බැංකු ශාඛාවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමකට (85737373) බැර කෙරේ.
අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ විසින් නිවසේ රැඳී සිටිමින් එළඹෙන වෙසක් උත්සවය සැමරීමට මහජනතාවගෙන් ඉල්ලා සිටීමට එකග වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
‘Imagine Entertainment’ පෞද්ගලික ආයතනය අද (අප්‍රේල් 28) දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත වෝකි ටෝකි යන්ත්‍ර 50 ක් පරිත්‍යාග කරයි
වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ (අප්‍රේල් 27) දින සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. ඊයේ දින තුල පමණක් සිදුකල පරීක්ෂණ සංඛ්‍යාව 1400 කි.
ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ඉරිදා (අප්‍රේල් 26) දින සවස කොයිම්බතූර් ගුවන්තොටුපළෙන් කොළඹට පැමිණියහ.