SInhala.
ඊයේ අත්හිටවූ කොළඹ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම අද යථා තත්ත්වයට පත් කර ඇති බව තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලූඕ චොන්ග් පවසයි.
අද දින පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු එක් රෝගියෙකු ද සමඟ ශ්‍රි ලංකාවේ මුළු Covid-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 219 දක්වා ඉහල යයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාඇල සහ රාගම ප්‍රදේශවලින් පුද්ගලයින් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) දින නාච්චිකුඩා හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
බුස්ස ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු පුද්ගලයින් 9 දෙනෙකු අද (අප්‍රේල් 13) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
ජාතිය සුවපත් කිරීම සඳහා සොල්දාදුවන් නිරෝගීව සිටිය යුතු බවත් COVID-19 සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු පූර්වෝපායයන් අනුගමනය කළ යුතු බවත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ජනතාවට සහ රටට තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගතය පරාජය කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් රජය සමඟ කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් , අර්ධද්වීපයේ අගහිඟකම් ඇති ප්‍රජාවන්ට පෙර පිසූ ආහාර පැකට් 300 ක් බෙදා දුන්හ. COVID -19 වසංගතය පැතිරීමට එරෙහිව රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා දැනට ක්‍රියාත්මක මානුෂීය ආධාරවල තවත් වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රජය සතු ව්‍යාපාරයක් වන ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගම විසින් රු. මිලියන තුනක් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇත.
COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට ඩිජිටල් විසඳුම් රාශියක් ලබා දීම සඳහා සහතික වී තිබේ.
LOLC සමාගම් සමූහය ‘මනූසත් දෙරණ’ සමඟ එක්ව පුද්ගල ආරක්‍ෂක උපකරණ 75 ක්, මුහුණු ආවරණ 06 ක් සහ සනීපාරක්ෂක දියර කෑන් 06 ක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත අප්‍රේල් 10 වන දා පරිත්‍යාග කළේය.
COVID-19 පැතිරීම වැළැක්වීම පිණිස ජනතාවගේ ගමනාගමනයන් සීමා කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති බැවින් ඇඳිරි නීති කාලසීමාව තුල අලුත් අවුරුදු සැමරුම් සිදු කිරීම තහනම් බව පොලිසිය පවසයි.
COVID- 19 ආසාධිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහය සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජා-ඇල , සුදුවැල්ලෙහි COVID-19 ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දුන් නිරෝධායන නියෝග වලින් වැළකී සිටි බැවින් ඔවුන්ව නිරෝධායනය කිරීමට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහල සඳහා අඩු පීඩන හුදකලා කාමර දෙකක් (NPIR) නිර්මාණය කර තිබේ.