පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් යුධ,ගුවන්,නාවික සහ පොලිස් සාමාජිකයින් හමුවෙයි

සෞඛ්‍ය අවදානම් තත්වයද නොතකා  රජය විසින් ගෙනයන කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ වැඩසටහනට සහාය දැක්වීම සඳහා සොල්දාදුවන්, ගුවන් භටයින්, නාවිකයින් සහ පොලිස් බලකායන් ගත් පරාර්ථකාමී උත්සහයන් ප්‍රශංසාවට ලක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෛරසය පිටුදැකීමේ පශ්චාත් උපායමාර්ගය පිලිබදව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී (NOCPCO) සාකච්ඡාවක්

COVID  පිටුදැකීමේ  පශ්චාත් උපායමාර්ගය පිලිබදව  සලකා බැලීමේ සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 17) දින COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී (NOCPCO) පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වලංගු ධිවර බලපත්‍ර නොමැති ධිවර කටයුතුවල යෙදී සිටි ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වලංගු ධිවර බලපත්‍ර නොමැති ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදේ ධිවර කටයුතුවල යෙදී සිටි ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ



පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා කටයුතු කිරීමේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇත - ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීමෙන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇති බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් තිදෙනෙකුට COVID-19 ආසාධිත බව තහවුරු වෙයි - වෛද්‍ය අනිල් ජාසිංහ

අද දින වාර්තා වූ රෝගීන් හතර දෙනාද සමග මුළු කොරෝනා ආසාදිත  රෝගීන් සංඛ්‍යාව 242 දක්වා වැඩි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 222 ක් පිටව යයි

අනිවාර්ය නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද (අප්‍රේල් 17) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා සැමරුම නිවෙස්හිදී පැවැත්වීමට නියමිතය

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළ සියලුම මහජන සැමරුම් උත්සව අවලංගු කරන බව නිවේදනය කරමින් කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (අප්‍රේල් 16) දින සඳහන් කළේ මහජන සහභාගීත්වයෙන් තොරව සියලු සැමරුම් උත්සව පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

රු.මිලියන 133 ක චීන වෛද්‍ය උපකරණ අද කොළඹට ලගා වෙයි

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 693,191.2 ක් වටිනා නවතම වෛද්‍ය උපකරණ තොගය  China Eastern Airlines MU231 මගින් අද සවස ෂැංහයි සිට ගුවන් මගින් කොළඹ වෙත ලගා වීමට නියමිතය.

 




පසුගිය පුවත් | පසුගිය පුවත්

‘එක්ව රැකෙමු’ සංගීතමය වීඩියෝව එළිදක්වයි

COVID - 19 වසංගතයට එරෙහි සටනට සම්බන්ධ සියලු අංශවලට ගෞරව කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද තේමාත්මක වීඩියෝ ගීතය වන ‘එක්ව රැකෙමු’ මෑතකදී එළිදැක්විණි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ හමුදා භටයින් අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා සහනාධාර බෙදා දෙයි

යාපනයේ අර්ධද්වීපයේ රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා හමුදා භට පිරිස් සිය මානුෂීය ආධාර ලබා දීම තවදුරටත් සිදු කරමින් අප්‍රේල් 15 වන දින අර්ධද්වීපයේ අගහිඟකම් ඇති පවුල් අතර වියළි සලාක ඇසුරුම් බෙදා දීම සිදු කළහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා සාමාජිකයින් 120 කට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරියේ නියුතු 62 වන සේනාංකය නියෝජනය කරමින් 120 කට අධික භට පිරිසක්  ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කර තිබේ. සියලුම වන්නි රෝහල්වල හදිසි අවස්ථා වලදී රෝගීන්ගේ භාවිතය සඳහා වන රුධිර අවශ්‍යතාවය සපුරාලීම සදහා මෙය සිදුකර ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පොදු ස්ථාන විෂබීජහරණ වැඩසටහන් නොනවත්වා ඉදිරියට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රට පුරා සිදු කරන විෂබීජහරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්  අප්‍රේල් 12 දින සිට 16 දින දින දක්වා වූ කාලය තුල කොළඹ වරායට ඇතුළු වන දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා විද්‍යාලය විෂබීජහරණය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් බලපෑම අවම කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්හි කඩිනම් මැදිහත්වීම් ඉවහල් වුනා - ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ බුද්ධි අංශවල සහාය ඇතිව හමුදාව සහ පොලීසිය විසින් කරන ලද ක්ෂණික මැදිහත්වීම්, අනෙකුත් රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ බලපෑම අඩු කිරීමට සමත් වූ අතර, එමගින් අඩු මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල සිදු වූ බවයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පාලවිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේදී රුධිර බැංකුවට ලේ පරිත්‍යාග කිරීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් අප්‍රේල් 15 වන දින පවත්වා ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව අතර වියළි සලාක බෙදා දෙයි

කිලිනොච්චි හි 57 වන සේනාංකයේ හමුදා භට පිරිස් සෙනසුරාදා (අප්‍රේල් 11) දින කිලිනොච්චි, කෝරක්කන්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පැකට් 32 ක් බෙදා දුන්හ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

3,720 කට අධික පිරිසක් දින 14 ක නිරෝධායනය ක්‍රියාවලිය සම්පූර්ණ කරයි

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන සදහා ඇතුලත් වූ පුද්ගලයින් 3,721 දෙනෙකු සිය නිරෝධායන කාල සීමාව මේ වන විට සම්පූර්ණ කර ඇති බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයේ (NOCPCO) ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( අප්‍රේල් 16) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙට සිට එළවළු මිලදී ගැනීමට හා බෙදා හැරීමට කටයුතු කෙරේ

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙට (අප්‍රේල් 17) දින සිට ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත් එළවළු තොග බෙදා හරින බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් ශල්‍ය මුහුණු ආවරණ 4000 ක් යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරයි

මහාචාර්ය පැපිළියාන ශ්‍රී සුනේත්‍රාදේවි රාජ මහා පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් විසින් ඊයේ (අප්‍රේල් 15) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශල්‍ය මුහුණු ආවරණ 4000 ක් පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කරයි

වියළි සලාක බෙදා හැරීම වැඩි කිරීමට සහ දිවයිනට ආපසු පැමිණීමට නොහැකි වූ සංක්‍රමණිකයින්ගේ ක්ෂණික ගැටළු වලට විසදුම් ලබා දීම සදහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව අසනීප ව සිටි විදේශීය නාවිකයෙකු ප්‍රතිකාර සඳහා ගෙන එයි

වෙළඳ නැවක අසනීපව සිටි නාවිකයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (අප්‍රේල් 16) දින සහාය විය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් එකොළොස් දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව අද (අප්‍රේල් 16) දින පුද්ගලයින් 11 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.