විදේශ රටවල සිටින සියළුම දූත මණ්ඩලවලට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යොදවා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක ලබා දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් දී ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මොහොමඩ් රියාජ් බදියුදීන් පුත්තලම්හි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අද (15) රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
SInhala.
ශ්‍රී ලංකාවේ දේශීය ශාකසාර ආශ්රිත නිෂ්පාදන කාණ්ඩයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී සමාගම විසින් ස්වදේශී කොහොඹ ශාකසාර සබන් සහ සනීපාරක්ෂක අත් සේදුම් දියර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඊයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කර තිබේ.
ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනපතා ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මෙවැනි නීතිවිරෝධී ප්රවේශයන් රට තුළට ගෙන ඒම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වීම මෙමගින් බලාපොරොත්තු වේ .
ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ නාගලම් වීදීය, ගුණසිංහපුර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිට සාම්පූර් සහ පූනානි හි නාවික නිරෝධායන මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත් කර යවා තිබේ.
නවීන තාක්ෂණය, අන්තර්ජාතික සහයෝගීතාවන් සහ නාවික බුද්ධි අංශ භාවිතා කරමින් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා සිදු කල සාම්ප්‍රදායික නොවන සැළසුම් කල මෙහෙයුම් වලදී සාර්ථක ප්‍රථිපල ළගා කරගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සදහන් කළේය.
දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 19 කට අප්‍රේල් 16 වන දින අලුයම 6.00 ට තාවකාලිකව ඉවත් කර කදී එදිනම සවස 4.00 ට නැවත පනවනු ලැබේ.
කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ‘අපි වෙනුවෙන් අපි - 67 කණ්ඩායම’ විසින් COVID -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයට සහය දක්වමින් රු. 400,000 ක් පරිත්‍යාග කර තිබේ.
ඊයේ අත්හිටවූ කොළඹ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම අද යථා තත්ත්වයට පත් කර ඇති බව තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලූඕ චොන්ග් පවසයි.
අද දින පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු එක් රෝගියෙකු ද සමඟ ශ්‍රි ලංකාවේ මුළු Covid-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 219 දක්වා ඉහල යයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාඇල සහ රාගම ප්‍රදේශවලින් පුද්ගලයින් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) දින නාච්චිකුඩා හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
බුස්ස ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු පුද්ගලයින් 9 දෙනෙකු අද (අප්‍රේල් 13) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
ජාතිය සුවපත් කිරීම සඳහා සොල්දාදුවන් නිරෝගීව සිටිය යුතු බවත් COVID-19 සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු පූර්වෝපායයන් අනුගමනය කළ යුතු බවත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ජනතාවට සහ රටට තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගතය පරාජය කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් රජය සමඟ කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.