පසුගිය පුවත්
කොරෝනා ආසාදිත නැවියන් 30 දෙනෙකු සොයා ගැනීමෙන් පසු වැලිසර නාවික කඳවුර හුදකලා කරයි
පළමු කොරෝනා වෛරසය ආසාදිත නැවිකයකු ඊයේ දින වාර්තා වීමෙන් පසුව නාවික හමුදා කඳවුරේ සිදුකරන ලද PCR පරීක්ෂණවලින් අනතුරුව නැවියන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් පසු වැලිසර ශ්‍රී ලංකා නාවික කඳවුර අද දින සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.
අහඹු ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කිරීම සඳහා යුද්ධ හමුදාව ක්ෂණික විහිදුම් කණ්ඩයේ යතුරු පැදි ධාවකයින් යොදවයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටින සහ කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 16 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වේ
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී සති තුනක නිරෝධායනයට භාජනය වූ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 23) දින උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 101 මෙරටට රැගෙන එයි
ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (අප්‍රේල් 23) දින මෙරටට රැගෙන එන ලදී.
පොලොන්නරුවේ ගම්මාන 12 ක් වසා දමයි.
COVID-19 ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගැනීමෙන් පසු අද (අප්‍රේල් 23) දින පොලොන්නරුව ප්‍රදේශයේ ගම්මාන 12 ක් හුදකලා කර ඇති බව පොලොන්නරුවේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කරුණාරත්න defence.lk වෙත පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා රොබෝ යන්ත්‍ර, කෘතිම ශ්වසන උපකරණ සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කරයි
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා රොබෝ යන්ත්‍ර, කෘතිම ශ්වසන උපකරණ සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කරයි
ඇඳිරි නීතිය උල්ලංඝනය කල 588 දෙනෙකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත
ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 588 දෙනෙකු සහ වාහන 132 ක් අද අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානයේ සිට ආපසු පැමිණි ශිෂ්‍යයන් සහ ත්‍රිවිධ හමුදා සෙබළුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලදි
ලාහෝර් සිට කොළඹට පැමිණි පාකිස්ථානයේ පුහුණු පාඨමාලා සඳහා සහභාගී ව සිටි යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු මගීන් 106 දෙනෙකු ඊයේ (අප්‍රේල් 21) දින සවස පූනානි සහ වයික්කාල ඩොල්ෆින් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල වෙනත් රටවල හමුදාවන් යෙදවීමට අවශ්‍ය නැත - ආරක්ෂක ලේකම්
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වෙනත් රටවල හමුදාවන්ගේ සඳහා ආධාර ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
යුද්ධ හමුදාව ඇන්ඩර්සන් සහ ලේක්වීව් මහල් නිවාස අසල තවත් සංගීත සංදර්ශන දෙකක් පවත්වයි
COVID - 19 පැතිරී යාම වැළැක්වීම සඳහා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් “නිවසේ රැඳී සිටින” පුද්ගලයින්ගේ විනෝදාස්වාදය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් සංගීත සංදර්ශන දෙකක් පසුගිය ඉරිදා (අප්‍රේල් 19) දින සහ සදුදා (අප්‍රේල් 20 ) දින තිබිරිගස්යාය ඇන්ඩර්සන් මහල් නිවාසය සහ අංගොඩ ලේක්වීව් රෙසිඩන්සීස් මහල් නිවාසය අසල පවත්වන ලදී.
කොරෝනා වෛරසය ආසාදිතයින් 321 දක්වා ඉහල යයි
අද දින රෝගීන් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහල යයි.
MSC Magnifica නෞකාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයා සිය නිවෙස බලා පිටත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් MSC Magnifica නම් ඉතාලි නෞකාවේ සිට අප්‍රේල් 6 වන දින මෙරටට රැගෙන ආ අනුර බණ්ඩාර හේරත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඊයේ (අප්‍රේල් 21) දින සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.
ත්‍රිකුණාමලයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීමට හමුදා සාමාජිකයින්ගේ සහාය
නැගෙනහිර ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් ත්‍රිකුණාමලය සෞඛ්‍ය බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් සඳුදා (අප්‍රේල් 13) දින මැනියවේලි ග්‍රාම නිළධාරි ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සහාය දැක්වූහ.
පුද්ගලයින් 149 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි
සති තුනක නිරෝධායන කාලසීමාව අවසන් කල පුද්ගලයින් 149 දෙනෙකු ඊයේ (අප්‍රේල් 21) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල දින තුනකට වසා දැමේ
මත්ස්‍ය වෙළඳපොලට පැමිණේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීම නිසා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හෙට (අප්‍රේල් 22) දින සිට දින තුනක් වසා දැමීමට තීරණයක් කර තිබේ.
පිළියන්දල ප්‍රදේශයේ පවුල් 11 ක් නිරෝධායනයට
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු පිළියන්දල ප්‍රදේශයෙන් සොයා ගැනීමෙන් පසුව එම ප්‍රදේශයේ පවුල් 11 ක පුද්ගලයින් 66 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.