611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාර්තු මස 10 දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලගල්ල කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.
‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24), 2024 මාර්තු මස 04 වන දින සිට 08 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි.
ඉන්දියානු සාගර වටද්දර සංගම් දිනය (IORA Day) සැමරීම නිමිත්නෙත්, ‘අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර ඉන්දියානු සාගරයක්’ (Sustainable Indian Ocean for Future Generations) යන තේමාව යටතේ අද දින (2024 මාර්තු 10) ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
මහ සිකුරාදාව යෙදී තිබූ මාර්තු මස 08 දින වාර්ෂික පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ගේ පවස නිවාලීම සඳහා ස්ථාන කිහිපයකදී ඔවුන් වෙත පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් 542 පාබල බලසේනාවට අයත් 4 ගජබා රෙජිමේන්තුවේ සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
ශිව දෙවි පිහිටෙන් ඔබේ දිවියට ආලෝකය උදාවේවා...!
මහජන චීන සමූහාණ්ඩුවේ මධ්‍යම හමුදා කොමිසමේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරල් Zhang Baoqun අද (මාර්තු 07) ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (මාර්තු 05) මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්‍දුල් ලතීෆ් එරට ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී හමු විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (මාර්තු 05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය ගරු මොහොමඩ් ගසාන් මඋමූන් මැතිතුමා එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.
2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” නමැති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහි සම්පාදක මණ්ඩලයේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිළිගැන්වීම, 2024 මාර්තු මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික තඨාකාංගණයේ නාවික මැදුරේදී සිදු කෙරිණි
යූරෝපා සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම [Third Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting (SCM) ] – 2024, අද දින (2024 මාර්තු 05) කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන "ත්‍රිකුණාමල නාවික අභ්‍යාසය (TRINEX) - 24" ඊයේ (මාර්තු 04) ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී ආරම්භ වීමෙන් පසු අද එහි දෙවන දිනයට පිවිසීය. නාවික හමුදා මාධ්‍ය පවසන පරිදි මෙම පුහුණු අභ්‍යාසය නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගෙන පත්වනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 25 වැනි වරටත් සංවිධානය කරන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024' තරගාවලිය ඊයේ (මාර්තු 03) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටිය අසලින් ආරම්භ විය. ගුවන් හමුදා 73 වැනි සංවත්සරයට සමගාමීව දින පහක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් ආරම්භක ධජය එසවීමෙන් සංකේතාත්මකව ආරම්භ කෙරිණ.
ලකඹර සුරකින, ශ්‍රි ලංකා ගුවන් හමුදාව
ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.
රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී, ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්‍රව්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම හා මාර්ගගත රසායනික අධීක්‍ෂණ සහ නියාමන පද්ධතියක් හඳුන්වාදීම ඔස්සේ, ඒ සඳහා වන ශ්‍රී ලංකා රජයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සුවිශේෂී කැපවීම පිළිබිඹු කරයි.
ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සංවිධායක දායකත්වයෙන්, 2024 පෙබරවාරි මස 23 සහ 24 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයෙකුද සහභාගී විය.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රිචඩ් ආර්. වර්මා මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චන්ග් මැතිනිය ඇතුළු එරට නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (පෙබ 23) ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට පැමිණි අවස්ථාවේදී හමු වූ අතර, මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද අමාත්‍යවරයා සමඟ එක් වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය අරාවත්ත බ/ සේරාණ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී 2024 පෙබරවාරි මස 21 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත නිල වශයෙන් අද දින (2024 පෙබරවාරි 21) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී 2024 වර්ෂය සඳහා වන ගෞරවනීය ‘ගෝලීය මානව සම්පත් නායකත්ව සම්මානයෙන්’ පිදුම් ලැබීය.
‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය, මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි 20) කොළඹ වරායෙන් පිටත් විය.