පසුගිය පුවත්
විදෙස්ගතවී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක්
සංචාරක සීමාවන් පැනවීම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 433 දෙනෙකු ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය බලා විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.
නැවත දැනුම් දෙන තුරු සුරාසැල් වසා දමයි
දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් වහාම වසා දමන ලෙස රජය නියෝග කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (අප්‍රේල් 21) දින පැවසීය.
සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ යයි
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව අද (අප්‍රේල් 21) දින 100 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල විෂබීජහරණය කරයි
මාළු මිලදී ගැනීම සඳහා වෙළඳපොළට පැමිණි වෙළෙන්දෙකු කොරෝනා වෛරසය ආසාදිත බව සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව අද (අප්‍රේල් 21) දින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල විෂබීජහරණය කළේය.
තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් හය දෙනෙකු අද දින වාර්තා වේ
තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු අද වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
රජය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් සදහා කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත - ආරක්ෂක ලේකම්
පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේදී 270 කට අධික පිරිසක් ඝාතනය කළ සහ අහිංසක මිනිසුන් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු කරනු ලැබූ පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීමට, මුදල් සැපයීමට සහ සහාය දුන් සියලු වැරදිකරුවන් රජය විසින් නිතිය ඉදිරියට ගෙන බව මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව දුම්රිය ස්ථාන විෂබිජහරණයට ලක් කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ විෂබීජහරණය කිරීමේ වැඩසටහන් පොදු ප්‍රවාහන අංශය වෙත ව්‍යාප්ත කරමින් ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ මගීන් දුම්රිය භාවිතා කරන නිසා මෑතකදී (අප්‍රේල් 19 සහ 20 දින ) මහව සහ ගාල්ල දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක් කර ඇත.
යුද හමුදා සාමාජිකයින් යාපනය ප්‍රදේශයේ ‘සමෘද්ධි’ ප්‍රතිලාභීන් වෙත සලාක පාර්සල් බෙදා දෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යාපනයේ සමෘද්ධිලාභීන් වෙත සෙනසුරාදා (අප්‍රේල් 18) දින සලාක සහ පිසින ලද ආහාර පාර්සල් බෙදා දෙන ලදී.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 49 දෙනෙක් පිටව යයි
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු අද (අප්‍රේල් 20) දින තවත් පුද්ගලයින් හතළිස් නව දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
‘හෙළ රණවිරු බළමුළුව’ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත ලබාදීමට සහල් සහ එළවළු පරිත්‍යාග කරයි
‘හෙළ රණවිරු බළමුළුව’ සංවිධානයේ මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් විසින් අද (අප්‍රේල් 20) දින කොළඹ දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත ජනතාව අතර බෙදා හැරීම සඳහා සහල් සහ එළවළු පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවක් අලුත්වැඩියා කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පසුගියදා රෝහල් නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව සිදු කරන ලද රෝහල් වාට්ටුවේ අලුත්වැඩියා කටයුතු අවසන් කළේය.
යුද්ධ හමුදාව මුලතිව් ගොවීන්ගේ එළවළු අස්වනු දකුණු පළාතට ගෙන එයි
හමුදා භට පිරිස් මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ට ඔවුන්ගේ එළවළු අස්වැන්න දකුණු පළාතේ නගරවලට ප්‍රවාහනය කිරීම සදහා සහාය වී ඇත.
නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 63 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවේ
සති තුනක නිරෝධායන කාල සීමාව අවසන් වූ පසුව තවත් පුද්ගලයින් 63 දෙනෙකු ඊයේ (අප්‍රේල් 19) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියහ.
ඇඳිරි නීතිය ලිහිල් කරන කාලය තුල වගකීමෙන් යුතුව කටයුතු කරන්න - ජනාධිපති රාජපක්ෂ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (අප්‍රේල් 18) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්ය.
කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමු වේ
තවත් පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟ දිවයිනේ මුළු කොරොනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කැළණි ගඟේ දියේ ගිලෙමින් සිටි අයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී.
පෑලියගොඩ නව කැළණි පාලම අසල කැළණි ගඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.