SInhala.
මීට ටික මොහොතකට පෙර කොළඹ ජාතික බෝවන රෝග විද්‍යයතනයේදී පිරිමි පුද්ගලයෙකු (44) මියයාමත් සමග ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ නාවික හමුදා මහ රෝහලේ සායනවලට සහභාගී වන විශ්‍රාමික, සේවය කරන නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතර මාසික බෙහෙත් වට්ටෝරු බෙදා හැර තිබේ.
ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය (IEOA) විසින් රට තුළ COVID-19 පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායක වෙමින් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් 547,063.43 ක් පරිත්‍යාග කරනු ලැබීය.
කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇති කරන ලද කැස්බෑ පැටවුන් 96 දෙනෙක් ගාලුමුවදොර වෙරළ තීරයේදී සාගරයට මුදා හරින ලදි.
මානුෂීය නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන රාජා ගුණරත්න අද (අප්‍රේල් 8) දින උදෑසන රාජ්‍ය නොවන සංවිධාන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන ලදී.
පොලිස් ස්ථානවල අනවශ්‍ය පෝලිම් ඇතිවීම අවම කිරීම සඳහා පොලිස් මූලස්ථානය, සෑම පළාතක්ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, ප්‍රාදේශීය පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථාන විසින් නව ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරේ, අද (මාර්තු 7) සවස ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ මේ බව සඳහන් වේ.
ශ්‍රී ලංකා නාවික හමුදා ගිණිකොණ නාවික විධානය එයට අයත් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර බෙදාදීමට කටයුතු කර ඇත.
64 වන සේනාංකයේ භට පිරිස් මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.
COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ගොවීන් හට තම අස්වැන්න විකිණීම සඳහා වෙළඳපොළට යාමට නොහැකි බැවින්, නිවෙස් අසලට ගොස් ජංගම රථමගින් තම එලවළු අලෙවි කිරීම සදහා අවශ්‍ය පහසුකම් ප්‍රාදේශීය සභාවේ සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සපයා ඇත.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 65 වන සේනාංකයට අනුයුක්ත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි හි තෙවන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධී ප්‍රතිලාභීන් 258 දෙනෙකු අතර රජය විසින් ලබාදෙන ලද සහන සලාක පාර්සල් බෙදා හැරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා නාවික හමුදා විශ්‍රාමික හා සේවයේ නියුතු නාවිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින නිසා ඔවුන් හට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදීම ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බෞද්ධ සංගමය, දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බෞද්ධ විහාරස්ථාන කිහිපයක් අතර වියළි සලාක පාර්සල් බෙදා දී ඇත.
COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින් නිවෙස් වලට වී සිටින බම්බලපිටිය මිලාගිරිය මහල් නිවාසයේ නිවැසියන්ට විනෝදාස්වාදය ලබා දෙමින් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය පළමු ජංගම සංගීත වැඩසටහන් පවත්වයි.
• ශ්‍රී ලංකා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය (RABS) බොල්ගොඩ වැවේ ස්ථානගත කර ඇත
බොල්ගොඩ ජලාශයට හරහා එහා මෙහා ගමන් කිරීමට ගත් උත්සාහයන් වලක්වාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (අප්‍රේල් 5) දින සිට බොල්ගොඩ වැවේ යාබද ප්‍රදේශවල ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය (RABS) යෙදවීමට කඩිනම්න් පියවර ගෙන ඇත.
COVID-19 හේතුවෙන් ඇති වන ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ජාතික රුධිර බැංකුවේ ප්‍රමාණවත් සංචිතයක් පවත්වා ගැනීමට සහාය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශයේදී සිදු කර ඇත.
• කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දන්වනතුරු ඇඳිරි නීතිය
ඉහළ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 09) උදෑසන 6.00ට ඉවත් කොට නැවත එදිනම සවස 4.00ට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
COVID 19 ට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයින් වෙත පුද්ගල ආරක්ෂක උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් , ‘මනුසත් දෙරණ’ සමඟ එක් වෙයි.
COVID-19 ආසාධිත බවට සැක සහිත රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද නව බාහිර රෝගී අංශය අද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දී තිබේ.
විඩත්තපලෙයි සහ කුන්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල පුද්ගලයින් 279 දෙනෙකු ඊයේ සිය නිවෙස් බලා පිටත්ව ගියහ.