සමස්ත ලෝකයම COVID-19 භීතියෙන් ගිලී සිටින අතර, වෛරසය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පූර්වාරක්ෂක පියවරක්ම ගන්නා ශ්‍රී ලංකා රජය, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් , ත්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමට දැඩි පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
කළුතර අටළුගම සහ මහනුවර දිස්ත්‍රික්කවල අකුරණ මුළුමනින්ම හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු මෙම ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොමැත.
අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු විට දිස්ත්‍රික්ක අතර සංචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අධි අවදානම් කලාපවලට (කොළඹ, ගම්පහ,කළුතර , පුත්තලම, මහනුවර සහ යාපනය) පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු නොවෙනස්ව පවතින අතර හෙට (අප්‍රේල් 1) දින අලුයම 6.00 ට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර නැවත එදිනම සවස 2.00 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූ තවත් පුද්ගලයින් 206 දෙනෙකු සිය නිවෙස් වලට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර (SLNS SAYURA) මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක් පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.
COVID-19 ආසාධිතව මියගිය දෙවන පුද්ගලයාගේ දේහය ඊයේ (මාර්තු 30) දින මීගමුව මහජන ආදාහනාගාරයේ දී මහජන සෞඛ්‍ය නිලධාරීන් ඉදිරියේ ආදාහනය කරන ලදී. මියගිය පුද්ගලයා මීගමුව රෝහලෙන් ප්‍රථිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.
සිටි COVID-19 ආසාධිතයකු සොයා ගැනීමත් සමග සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (මාර්තු 30) දින සිට සති දෙකක කාලයක් වසා දමා තිබේ.
රජයේ රෝහල්හි සායනවලදී නිකුත්කරන ඖෂධ බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හරහා රට පුරා ඖෂධ බෙදා හැරීම ඊයේ දින සිට ආරම්භ කරන ලදී.
SInhala.
අත්‍යවශ්‍ය සේවා යටතේ මාධ්‍යයට ඇඳිරි නීති බලපත්‍ර ගත හැකිය.
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශය යටතේ බරපතල තත්ත්වයන් යටතේ සිටින රෝගීන් සහ අත්‍යවශ්‍ය සේවා හැර කිසිවෙකුට ඇඳිරි නීති අවසරපත් නිකුත් නොකරන බව පොලිසිය පවසයි.
විදේශ රටවල සිට මාර්තු 16 දිනෙන් පසු මෙරටට පැමිණි පුද්ගලයින් හෙට (අප්‍රේල් 1) දින දහවල් 12 ට පෙර ලියාපදිංචි විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 321 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද (මාර්තු 31) දින නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත් වීමට නියමිතය.
කළුබෝවිල කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ වාට්ටුවක COVID-19 රෝගියෙකු වාර්තා වීමෙන් පසුව , රෝගීන් 15 දෙනෙකු සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කර ඇත.
හදිසි අවස්ථාවන් වලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉල්ලුම් කිරීමට හෝ COVID 19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු පිලිබදව වාර්තා කිරීමට හෝ COVID 19 රෝගියෙකු සමග සම්බන්ධතා පවත්වා ඇතැයි ඔබට සිතන්නේ නම් හෝ ඔබ පසුගිය දින 14 ක කාලය...
COVID -19 රෝග ලක්ෂණ පෙන්නුම් කල වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරණෝදය මාවත මුද්‍රා තබා ඇත.
දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව තවත් 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සිය නිවෙස් බලා ගොස් ඇත.
ප්‍රාදේශීය මට්ටමේ තීරණ ගැනීමේදී සිවිල් ජන ජීවිතයට බාධා නොවන පරිදි ක්‍රියාකළ යුතු බව රජය අද නිවේදනය කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරිමකට අනුව COVID-19 ආසාදිත පුද්ගලයකු සමඟ සබඳතා පැවැත්වු ධීවරයෙකු මුහුදේ යාත්‍රා කරමින් සිටිනයදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන එන ලදි.