මාර්තු 1 සිට 15 දක්වා එක්සත් රාජධානිය, ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව ඇතුළු යුරෝපීය රටවලින් පැමිණි සියලුම ශ්‍රී ලාංකිකයින් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙස හෝ පොලිසියට දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.
කොරෝනා වෛරසය පිළිබඳව කටකතා පතුරවන හා නොමඟ යවන තොරතුරු පළ කරන සමාජ මාධ්‍ය ජාල සහ වෙනත් ඩිජිටල් මාධ්‍ය වෙබ් අඩවි හරහා පළකරන අයවළුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය (COVID-19) හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම් කර ඇති බවට පැතිර යන කටකතා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාඟම අද දින ප්‍රතික්ෂේප කළේය.
කොරෝනා වෛරස තර්ජනය පාලනය කිරීම සඳහා සැබෑ ශ්‍රී ලාංකිකත්වය මුසු වූ නිර්භීතභාවය හා කැපවීම ප්‍රදර්ශනය කරමින් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ ඕනෑම ආපදා තත්වයකදී පළමු ප්‍රතිචාර දක්වන්නේ හමුදාව බවයි.
මිලියන 21.4ක් වන ශ්‍රී ලාංකික ජනතාව COVID - 19 වෛරසයෙන් ආරක්ෂා කිරීමට රජය පූර්ණ වශයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (මාර්තු 13) දින පැවසීය.
කොරෝනා වෛරස් (COVID-19) වාහකයන් හඳුනා ගැනීම සඳහා නිවාස වල රඳවා නිරෝධායන පවත්වන බවට පැතිර යන කටකතා හේතුවෙන් ඇති වූ බිය නිසා සුපිරි වෙළඳසැල් සහ වෙනත් සිල්ලර වෙළඳසැල් වලින් භාණ්ඩ හා තොග එක් රැස්කර තබා නොගන්නා ලෙස ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කොරෝනා වෛරසය (COVID - 19) ආසාදිත රටවලින් පැමිණෙන පිරිස් සහ මිලියන 20 කට අධික රටේ ජනගහනය මෙම වෛරසයට ගොදුරු විමට ඉඩකඩක් ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලාංකිකයන් හට කොරෝනා වෛරසය (COVID - 19) පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ.
කුඩා කඳු මුදුනක පිහිටි , සුදු පැහැති බිත්ති මල් වලින් සහ විවිධ වර්ණවලින් සරසා ඇති කච්චතීව් හි ශාන්ත අන්තෝනි දේවස්ථානය, පැය ගණනක දීර්ඝ මුහුදු ගමන් වලින් පසුව පැමිණෙන කතෝලික බැතිමතුන්ට නිතැතින්ම සන්සුන් වටපිටාවක් ලබා දෙයි.
රණවිරුවන් රැකබලා ගැනීමට කැපවී සිටින රජය, සටනේදී දිවිපිදු හා ආබාධිත තත්වයට පත් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හා දීමනා වල විෂමතා විසඳීම සඳහා පවත්නා විධිවිධාන නව කැබිනට් පත්‍රිකාවක් මඟින් සංශෝධනය කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකාබද්ධව දින 25 ක් පුරා සිදු කරන ලද මෙහෙයුමකදී විදේශීය ධීවර යාත්‍රා තුනක ගබඩා කර තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ අයිස් (crystal methamphetamine) කිලෝග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය මුහුදේදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.
ආගම් හෝ විශ්වාසයන් ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු වන අහමඩ් ශහීඩ් මහතා පසුගිය 2019 අගෝස්තු 15 සිට 26 දින දක්වා සිදු කල සංචාරයෙන් පසුව ඉදිරිපත් කල වාර්තාවට ශ්‍රී ලංකාව අවධානය යොමු කර අදහස් දක්වයි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රදේශයේ ජිවත්වන 48 හැවිරිදි මහින්ද එදිරිසුරිය, පසුගිය සැප්තැම්බර් මාසයේ දින 20 කට ආසන්න කාලයක් පැවති උපවාසයේදී නිරාහාරව සිටි රණවිරුවන්ගෙන් අයෙකි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සොල්දාදුවන් පස් දෙනෙකු සමඟ ආරම්භ වූ උපවාසය සදහා පසුගිය රජයෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් සමාජ විරෝධයක් ඇති කිරීමත් සමඟ රණවිරුවන්ගේ උද්ඝෝෂණය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.
රැඩිකල්කරනය වීම, ත්‍රස්තවාදය යලි ඉස්මතු වීම, බෙදුම්වාදය, ආගමික අන්තවාදය, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම හා වැඩ වර්ජන වැනි අභ්‍යන්තර කැළඹීම් ප්‍රධාන අභියෝගයන් වන අතර රජය, රටේ ජාතික අරක්ෂාව තහවුරු කිරීම සඳහා හොඳ සුදානමක් හා අවධානයකින් පසුවන වන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේය.
කේරළ ගංජා ඇතුළුව නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පුළුල් ලෙස වැටලීම් තීව්‍ර කිරීමට, ආරක්ෂක අංශ හා පොලිසිය වෙත ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.
අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රජය පවසා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ ස්ථාවර ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාකරන බවත් මහ කොමසාරිස්ගේ වර්තමාන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් මෙවර සැසිවාරයේදී ඵලදායි සාකච්ඡාවන්හි නිරත වන්නේ එමගින් මෙම කවුන්සිලය මෙරට යථාර්ථයන් හඳුනා ගනු ඇතැයි යන අවංක බලාපොරොත්තු ඇතිව බවයි.
මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයින් 200,000 කට අධික පිරිසකට ඔවුන් වෙත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් වට්ටම් ලබා දීම පිණිස ‘විරුසර වරප්‍රසාද කාඩ්පත’ (VPCs) නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රජය පවසා සිටියේ ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් වුවද, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකා ජනතාව විසින් තබා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.
මියගිය හා ආබාධිත සොල්දාදුවන්ගේ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සැලසුම්කර ඇති ‘විරුසුමිතුරු’ නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි.
මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින අතර එම බෙදුම්වාදී මතවාදයන් පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
40/1 සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති තානාපති එලිසෙබෙත් ෆිස්ල් බර්ගර් හට දැනුම් දුන්නේය.
“අක්‍රීයව පවතින ත්‍රස්ත සංවිධානයක් වන ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇත.” මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින් යසින් පැවසීය.
2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදි.
250 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය (සීඅයිඩී) විසින් කරගෙන යනු ලබන විමර්ශණ වල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශවල පසුවිපරම් යටතේ සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්‍ෂ්ප කරයි.
රට තුළ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා විනයගරුක හා වෘත්තීයමය පොලිස් බලකායක අවශ්‍යතාවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේය.