පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී පත් කර ඇත. යුද හමුදා මාධ්‍යයට අනුව ඔහු යුද හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ මාධ්‍ය නිවේදනයයි

හදිසි නීතිය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි...


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකෙරේ, ආරක්‍ෂක ලේකම්

මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පවරා ඇති බලතලවලට අනුකූලව, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා පොලීසියට සහාය වීම සඳහා ආරක්ෂක හමුදාවන් යොදා ගැනේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය වුවන්ගේ අවශ්‍යතා සපුරාලයි

වන්නි හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් තවත් මහජන සුභසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් වව්නියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් තුනක් සඳහා නව සනීපාරක්ෂක පහසුකම් ඒකක තුනක් (වැසිකිළි) ඉදිකර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මගී ප්‍රවාහන සේවය සදහා නාවික හමුදාව බෝට්ටුවක් නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මගී බෝට්ටුවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නිල වශයෙන් ගරු. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) දින කොළඹ කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්නයේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේදී භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව

 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සුභසාධන ව්‍යාපෘතිය යටතේ පාසැල් ළමුන් සදහා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමා ඇත. ගුවන් හමුදා මාධ්‍යට අනුව බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) දින ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයේදී ගුවන් හමුදාවේ සේවයේ නියුතු අයගේ හා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සිවිල් අයවලුන්ගේ තෝරාගත් ළමුන් හට ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බෙල්ලන්විල පෙරහැරේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්තුමන් විශේෂ රැස්වීමක් කැඳවයි

අද (අගෝස්තු 23) දින එළඹෙන බෙල්ලන්විල ඇසල පෙරහැරේ ආරක්ෂක විධිවිධානයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ(විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් විශේෂ රැස්වීමක් කැඳවන ලදී. මෙම රැස්වීමට ආරක්ෂක අංශ සහ පොලීසියේ නිලධාරීන් සහභාගී වූහ


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවට එක්වූ නවතම නෞකාව පරාක්‍රමබාහු ලෙස ජනපති අතින් අධිකාරියට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චීනය වෙතින් ලද ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව (Offshore Patrol Vessel) ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” ලෙස අද (අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා) සවස කොළඹ වරායේදී අධිකාරියට පත් කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුද්ධ හමුදාධිපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි

නව යුද හමුදාධිපති ලූතිතන් ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර් ඩබ්ලිව්පී, ආර්එස්පී, පීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී අද (අගෝස්තු 21) දින කොළඹ යුධ හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයේදී සිය ධූරයෙහි රාජකාරි නිල වශයෙන් භාර ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා අවම කර ගනිමින්, විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් බව යසුෂි අකාෂි මහතා පවසයි.

කෲර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතරම, රටේ වාර්ගික සාමය සහ සන්හිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හිටපු යුද හමුදාපති නිල උසස් වීම් ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කර නික්ම යන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 2019 අගෝස්තු 17 දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් සදුදා (අගෝස්තු 19) දින සාකච්චාවක් සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ජනපති අතින් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කෙරේ.

රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දෙන බව ජනපති පවසයි.

පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් අක්කර 23.5 ක් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ

කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් පුළුල් කරමින් කිළිනොච්චි ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හි රජයේ බලපත්‍රලාභීන් සතු ගොඩනැගිලි ද ඇතුළුව අක්කර 23.5 ක භූමි භාගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින කෙටි උත්සවයකදි නිදහස් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ බලකා රෙජිමේන්තුව “රණ පරශුව” ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය මාතලේ නාවුල හිදී අද (අගෝස්තු 16) දින පැවති ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන “රණ පරශුව” සම්මාන ප්‍රදානය කිරීමේ උලෙළ සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වාර්ෂික“ඇසල පෙරහැර” සාර්ථකව අවසන් වේ

බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර කිරීම සඳහා පවත්වනු ලබන ඓතිහාසික අසිරිමත් පෙරහැර මංගල්‍යය වන වාර්ෂික “ඇසල පෙරහැර” ඉතා සාර්ථක අවසන් වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අඩු ආදයම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබේ

ශ්‍රී ලංකා යුධ හමුදා සහයෝගීතා සමාජ වගකීමේ ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) වන දින උරාව මහසෙන්පුර ප්‍රදේශයේදී පැවති බව යුධ හමුදා මාධ්‍ය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගම්පහ ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්‍ෂක වැඩමුළුවක්

ජලයෙන් ආරක්‍ෂා වීම, දියේ ගිලීම වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව සිවිල් වැසියන් හා විශේෂයෙන්ම ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක ජීවිතාරක්‍ෂක පුහුණු පාසල විසින් ජීවිතාරක්‍ෂක සහ දියේ ගිලී යාම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් පෙර පාසලක් නවීකරණයට යුධ හමුදාවේ සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන සේනාංකයේ 681 බලසේනාව යටතේ රාජකාරී කරන 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් පසුගිය අගහරුවාදා (අගෝස්තු 06) දින මුලතිව් කලෙයිවානෙ අම්පලවාන්පොක්කනෙයි ප්‍රදේශයේ පෙර පාසලක් සඳහා එළිමහන් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය සඳහා එනම් ළමා ක්‍රීඩා පිටියට නව අංගයන් එක් කිරීමට ඔවුන්ගේ පලපුරුද්ද සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.