ශ්‍රී ලංකා පොලිසිය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් සහ රීෆොරස්ට් ආයතනය ඒකාබද්ධව කළුගඟ ඉවුර දෙපස කුඹුක් පැල (Terminalia arjuna) සිටුවීමේ පරිසර ආරක්ෂණ වැඩසටහනක් සිදුකරන ලදී.
වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (29) පෙරවරුවේ සිදු විය.
මේ වන විට දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, මෙම තත්වය මහජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් සදහා විවිධාකාරයෙන් බලපා ඇති අතර ගංවතුර හා නායයෑම් තත්වය ජනජීවිතයට බාධාවක් වී තිබේ.
පවතින කාලගුණික තත්වය හේතුවෙන් හදුනාගත් ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශ සඳහා පූර්වාරක්‍ෂිත පියවරක් ලෙස සහන සැලසීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට කටයුතු කර ඇත.
අවශ්‍යතා සහිත පවුලකට ජීවන තත්වය නගාසිටුවීම කෙරෙහි තම මානුෂීය සැලකිල්ල යොමුකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ (MIR) භටයින් විසින් නවීකරණය කරන ලද ත්‍රීරෝද රථයක් සිකුරාදා (ඕම්තොම්බර් 25) ලබා දී ඇත.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝම්බර් 28) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
කඹුරුපිටිය ‘අභිමන්සල’ සුවතා නිකේතනයේ ආබාධිත රණවිරුවන් පිරිසකට සෙනසුරාදා දින (ඔක්තෝබර් 26) නාගදීප රජමහා විහාරය නැරඹීම සදහා මුහුදු මඟින් ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සෙනසුරාදා (ඔක්තෝම්බර් 26) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කිලිනොච්චි ලේ බැංකුවට ලේ ලබාදීම සදහා රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
ශ්‍රී ලංකා පොලීසිය විසින් කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක මුර කුටියක් මෑතකදී විවෘත කර ඇත.
නිරිතදිග බෙංගාල බොක්කෙහි වයුගොලීය කැලඹීමත් සමග දිවයිනේ දකුණු ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර මෙම තත්වය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ තිබේ.
දහසකුත් දුක්ඛදෝමනස්සයන් ස්වකීය අදිටනින් මැඩපවත්වා මානව සමාජය හිමිකරගත්තා වූ සතුට, ජයග්‍රහණය සහ නිදහස සමරනු වස් ලෝකවාසී ජනතාව නොඒක සැමරුම් පවත්වා තමන් දිනූ ජයග්‍රහණය සමරති.
උතුරු පළාත් යුධ හමුදා සාමාජිකයන් සිවිල් වැසියන් සමග එක්ව සඳුදා (ඔක්තෝබර් 21) කනගරායන් ආරු ඇල මාර්ගය පිරිසිදුකර ජලය ගලායාම විදිමත් කිරීමට කටයුතු කර ඇත
ආරක්ෂක අමාත්‍යාංශ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය 2019 අද කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
උතුරු අර්ධද්වීපයේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගියදා සිදුකරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 30 ක් සපිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උත්සව මාලාව තුල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද දින (ඔක්තෝබර් 25) සවස පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන “කොළඹ ගුවන් සම්මේලනය 2019” අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඞ් උත්සව ශාලාවේදී අද දින (ඔක්තෝබර් 24) පෙරවරුවේ ආරම්භ විය.
ආරක්ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩලය වෙනුවෙන් ආචාර විධි,සන්නිවේදනය සහ ධාරිතා වර්ධනය පිළිබඳ වැඩමුළුවක් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහන බදාදා (ඔක්තෝබර් 23) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.
ප්‍රජා සුභසාධන කටයුතු වෙනුවෙන් කැපවෙමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා නාවික හමුදාව එහි තවත් පියවරක් ලෙස උතුරු අර්ධද්වීපයේ පෙර පාසල් දෙකක් ඉදිකිරීම සදහා සහාය විය. ඒ අනුව මෑතදී මන්ඩතිව් සහ පුන්කුඩුතිව් දූපත් වල ඉදිකරන ලද ගොඩනැගිලි දෙකක් මහජන ප්‍රයෝජනය සඳහා පවරා දී ඇත.
නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලිය සදහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලීස් ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.
බ්‍රිතාන්‍ය හමුදාවේ ජාත්‍යන්තර “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය” සදහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “විශේෂ බලකා කණ්ඩායම” ලෝකඩ පදක්කමක් දිනා ඇත.
The US is lifting sanctions imposed on Turkey nine days ago over its offensive against Kurdish fighters in northern Syria, President Donald Trump says.
ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ අද (22* ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරින් සමග ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දින (ඔක්තෝබර් 18) පොලිස් සුභසාධන කටයුතු විශේෂයෙන්ම වෛද්‍ය සේවාව පිලිබදව සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ත්‍රිකුණාමලය වරායේදී පසුගිය ඉරිදා දින (ඔක්තෝබර් 20) නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරන ලදී.
එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන අපොස (සා/පෙ) විභාගයට සමගාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකාරක වැඩසටහන් පැවැත්වීම ආරම්භ කරන ලදී.