පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයට පිං පමුණුවමින් දානමය පුණ්‍ය කර්මයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

පසුගිය අප්‍රියෙල් (21) පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුවී මාස තුනක් සම්පුර්ණ වීම නිමිත්තෙන් එහිදී විපතට පත් වූවන් සිහිපත් කරමින් දානමය පුණ්‍ය කර්මයක් අද (ජුලි 21) දින කොළඹ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දි පැවැත්විණි. සිදු වූ අවාසනාවන්ත සිදුවීම සිහිපත් කරමින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම් වල ආගමික නායකයින් විසින් ආගමික වතාවත් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සත්විරු අභිමන්’ ජාතික උත්සවය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

රට තුළ සාමය හා සමගිය ඇතිකිරීම උදෙසා තම ජීවිතය හා අත් පා කැප කළ රණවිරුවන්ට ජාතියේ කෘතඥතාවය පළ කරයි. සාමය උදාවූ දා සිට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව රට තුල සංහිදියාව ඇතිකිරීම හා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි හි නවතමයෙන් ඉදිකරන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරියට භාර දෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පූවරසංකුලම් ප්‍රදේශයේ ඉදිකරන ලද නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරිය වෙත සඳුදා (ජූලි 15) දින භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආබාධිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ‘ආයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

යුද්ධ හමුදා ප්‍රජා සුභසාධන කටයුතුවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද තෙමහල් ‘ආයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අද (ජුලි 18) දින උදෑසන පැවති සරල උත්සවයකදී ශ්‍රී ලංකා ‘ආයතී’ භාරය සහ කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨය වෙත පවරා දෙනු ලැබිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්‍ෂක හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අතර වේව් රයිඩර් කුඩා යාත්‍රා වල මෙහෙයුම් සහ පුහුණු වීම් පිලිබඳව අවබෝධතා ගිවිසුමකට බදාදා (ජුලි 17) දින කොළඹ වැල්ලවත්තේ පිහිටි වෙරළ ආරක්‍ෂක පසු මුලස්ථානයේදී එළඹ තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ අනාවැකිය

දිවයින තුල ඇතිවූ කාලගුණික තත්ත්වයේ හදිසි වෙනස් වීම තවදුරටත් අඛණ්ඩව පැවතීමට ඉඩ තිබේ. අද (ජූලි 18) දින දහවල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ අනාවැකි වලට අනුව, පවතින වැසි සහ සුළං තත්ත්වය දිවයිනේ නිරිතදිග මධ්‍යම කඳුකර ප්‍රදේශයේ අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කෙරේ

නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැමීබියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්තුමන් හමුවේ

නවදිල්ලි නුවර පිහිටි නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ටයිටස් සයිමන් මහතා අද (ජූලි 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පිළිකා ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නව පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත අතර නාවික හමුදා මාධ්‍යයට අනුව මෙම යෝජිත රෝග නිවාරණ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබිමේ උත්සවය සඳුදා (ජූලි 15) දින පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ ඉඩම් නිදහස් කිරීමක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය සිකුරාදා (12) දින පලාලි ජනපදයේ පෞද්ගලික ඉඩම් අක්කර 26.4 ක් සහ රජයේ ඉඩම් අක්කරයක් පලාලි උතුරු ප්‍රදේශයේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලට භාවිතා කිරීම සදහා නිදහස් කර ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් මිහිඳු සෙත් මැදුරේ පැවති රස මොහොත වැඩසටහනට සහභාගි වේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සෝනියා කොට්ටෙගොඩ මහත්මිය ඉරිදා (ජුලි 14) දින අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ පැවති ‘රස මොහොත’ වැඩසටහන සඳහා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සෙනසුරාදා (13) දින පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ (CRD) නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2019 ජුලි මස 12 වන දින සිරස රූපවාහිනි රාත්‍රි 0700 ප්‍රවෘත්ති විකාශය තුලින් පළවූ ඇමරිකානු ගුවන් යානයක් සම්බන්ධ පුවත හා සබැඳේ.

2019 ජුලි මස 12 වන දින සිරස රූපවාහිනි රාත්‍රි 0700 පුවත් විකාශය මඟින්, ඇමරිකාවේ වෙස්ටන් ග්ලෝබල් එයාර් ලයින් නැමති භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් 11 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 2019 ජුලි මස 12 වන දින උදෑසන 0350 පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීම වාර්තා කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 11) දින මුහුදේදී බරපතල තුවාල ලැබූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හසලක ගාමිණි රණවිරුවාගේ 28 වන ගුණ සැමරුම කොළඹ දී

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවාගේ 28 වන ගුණ සැමරුම අද (ජූලි 11) කොළඹ සංචාරක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්

ජාතික ආරක්‍ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා නව යාත්‍රාව කොළඹ වරායට පැමිණේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා 2019 ජුනි මස 05 වන දින මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ලබාගන්නා ලද පී 625 (P 625) නෞකාව සඳුදා (ජූලි 08) දින කොළඹට පැමිණි බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම නෞකාව කොළඹ වරායට පැමිණි පසු නාවික හමුදා සාම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

15 වන ආසියානු වෙරළ ආරක්‍ෂක ආයතන ප්‍රධානින්ගේ සමුළුව (HACGAM) රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) විසින් සංවිධානය කරන ලද 15 වන ආසියානු වෙරළ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ - ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ රැස්වීම (WLM) අද (ජූලි 09) දින කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකා වාර්ෂික අන්තර් පළාත් ක්‍රීඩා උළෙල ජනමාධ්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික අන්තර් පළාත් ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (ජූනි 06) ආරම්භ විය. ආරම්භක උත්සවය ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වු ව්‍යාපාරිකයන්ට සහන සැලසීම විධිමත් සහ කඩිනම් කරන්න – ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්‍ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත්ව සහ කාර්යක්‍ෂමව ක්‍රියාවට නංවමින් එම ව්‍යාපාරික ප්‍රජාව නැවත ගොඩනැංවීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“රට වෙනුවෙන් එකට සිටිමු” මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන හතරවන දිනටත් සාර්ථකව

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු සුඩානය බලා පිටත් වේ

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ සාම සාධක රාජකාරින් සඳහා (UNMISS) 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද උදෑසන (ජූලි 3) දකුණු සුඩානය බලා පිටත්ව ගියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර ඇති සියලු කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ලංකා නැව් සංගම් නියෝජිතයන් හමුවෙයි

ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ (CASA) නියෝජිතයින් පිරිසක් සිකුරාදා (ජූනි 28) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.