පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනපති පවසයි

රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව් වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩී නිති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව හෙට ජනපති ප්‍රධානත්වයෙන්

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සුභසාධක සමිතිය මගින් උපහාර උළෙලක් පවත්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ රාජකාරී කර විශ්‍රාම ලැබූ, ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්ට හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන්ගේ 2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස (සා/පෙ) සමත් හා අ.පො.ස (උ/පෙ) සමත් විශ්ව විද්‍යාල වරම් ලද සිසු දරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ (ජුනි 27) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි


පසුගිය පුවත් | පසුගිය පුවත්

රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනපති පවසයි.

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප‍්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී විසින් නිකුත් කල නිවේදනය.

රට නැවත සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වලින් පසු මහජන ආරක්ෂාව තහවුරු කිරීමත් රටේ ස්වරීභාවය සහ භෟමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහාත් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත


පසුගිය පුවත් | පසුගිය පුවත්

වාර්ෂික ප්‍රධාන පෙරහැරවලට ආරක්‍ෂාව සැපයීම පිළිබඳ ආරක්‍ෂක ලේකම්ගේ අවධානය

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථාන භාර ප්‍රධාන නාහිමිවරුන් හා විහාරස්ථාන භාරකරුවන් අතර වාර්ෂික පෙරහැර උත්සවයන් පැවැත්වීමට සමගාමීව ඒ සඳහා සැලසිය යුතු ආරක්‍ෂක විධිවිධාන පිලිබඳව සාකච්ඡාවක් අද (ජූනි 27) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය පොලිස් සංස්කෘතික අංශයේ සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (ජුනි 27) පොලිස් සංස්කෘතික අංශයේ සංචාරයක නිරත විය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනය අදයි ..

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වන දා සිට ජූලි 01 වන දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කරයි

වවුනියාව දිස්ත්‍රික්කයේ ම/පරණගම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් හට අත්‍යවශ්‍ය තොරතුරු තාක්‍ෂණ උපකරණ කිහිපයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) විසින් පරිත්‍යාග කර ඇති බව යුද හමුදා නිල වෙබ් අඩවිය පවසයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ජල පිරිපහදු යන්ත්‍රයක් වැලි ඔය පාසලේ ස්ථාපනය කරයි

නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන ප්‍රදේශ වල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා කැපවෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ජල පිරිපහදු යන්ත්‍රයක් (Reverse Osmosis) වැලිඔය, පරණගම වැව විද්‍යාලයේ ඊයේ (ජුනි 23) දින ස්ථාපනය කර ඇත


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය අද (ජූනි 24 ) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිකුණාමලයේදී පැවති නාවික හමුදා නිලධාරීන් විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපතිතුමන් සහභාගි වේ

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (NMA) සෙනසුරාදා (2019 ජූනි 22) දින පැවති නාවික හමුදා විසිරයාමේ උත්සවය සදහා අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය ජනපති විසින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජූනි 22) දින “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය’’ ලෙස අධිකාරියට පත් කීරීම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක බලඇණිවල ගැටලු ජනපතිගේ අවධානයට

එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිෂ්කාශන ක්‍රියාවලිය ප්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ඉන්දීය ත්‍රිවිධ හමුදා ද්වීපාර්ශවික සුහද සංචාරය නිමවේ

ඉන්දීය ත්‍රිවිධ හමුදා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය තෙදින සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අගහරුවාදා (ජූනි 18) දින ඉන්දියාව බලා පිටත් වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘අපේක්‍ෂා රෝහල’ට අත්‍යවශ්‍යව තිබු ස්කෑනර් යන්ත්‍ර දෙකක් යුද්ධ හමුදාව වෙතින් ලබාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් (Samsung HS40 Ultrasound Scanner Units) යන්ත්‍ර 02 ක් සඳුදා (ජූනි 17) දින ‘අපේක්‍ෂා’ රෝහල වෙත පරිත්‍යාග කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක  උපදේශක කොමදෝරු සෙයිඩ් මක්සුමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජූනි 18) දින ආරක්‍ෂක  අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නාවික නෞකාවක් දිවයිනට පැමිණේ.

ඉන්දියානු නාවික හමුදාවට අයත් රන්වීර් (Ranvir) නෞකාව අද (ජූනි 18) තෙදින සුහද සංචාරයක් සදහා දිවයිනට ලඟා වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. අද උදෑසන කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ත්‍රිවිධ හමුදා දුත පිරිසක් ශ්‍රී දළඳා මාලිගාවේ සංචාරයක

ද්වීපාර්ශවික හමුදා සුහද සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (15) දින දිවයිනට පැමිණි ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉරිදා (ජූනි 16) දින මහනුවර ශ්‍රී දලදා මාලිගාවෙහි සංචාරයක නිරත වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

තුවාල වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජුනි 14) දින මුහුදේදී තුවාල ලැබූ ධීවරයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවට සහභාගිවීමට ජනපති තජිකිස්ථානයේ තෙදින නිල සංචාරයක් අරඹයි.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.