පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලියට එක්වේ

දියගම මහින්ද රාජපක්‍ෂ ‍ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ අද (ජූලි 15) දින පත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සුබසාධනයේ තවත් ඓතිහාසික පිටුවක් අලුතෙන් ලිය වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව පුලියන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 1997 අගෝස්තු මස 21 වන දින ත්‍රස්තවාදීන් විසින් අටවන ලද මර උගුලකට හසු වීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු සැරයන් එච්.ජී නෙලුම් කුමාර වෙත කෘතිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදුකලේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ධූරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මැතිතුමා සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව අද (ජුලි 13) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තායිලන්තයේ පැවැත්වෙන 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න
මිටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනියි

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 12) පැවති මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව, එම ඉසව්වේ ලෝකඩ පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ ආරක්‍ෂක සමුළුව 2023 මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ වේ

දකුණු ඉන්දීය සාගර කලාපයේ අන්තර් සම්බන්ධතාවය සහ ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 7 වැනි කොළඹ ආරක්‍ෂක සමුළුව ඊයේ (2023 ජූලි 12) දින පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වවුනියාව වෙළඳ සංගමයේ දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය යුධ හමුදා භටපිරිස් ශ්‍රම දායකත්වයෙන් ඉදිවේ

ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් සිවිල් ජනතාව සහ හමුදා අතර සංහිඳියාව සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් වවුනියාව වෙළඳ ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක් පසුගියදා ඉදිකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු මුහුදේදී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව ඊයේ දින (2023 ජුලි 11) කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

INSEE සිමෙන්ති සමාගම විසින් විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමි රණවිරුවන් සඳහා සහනදායී මිල යටතේ සංස්ථා සිමෙන්ති නිකුත් කිරීම අරඹයි

මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට, ආබාධිත රණවිරුවන් හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් සහන මිලක් යටතේ INSEE සිමෙන්ති ලබා ගැනීම සදහා රණවිරු සේවා අධිකාරිය හා INSEE සමාගම විසින් අවබෝධතා ගිවිසුම් සදහා අත්සන් තබන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානිතුමන් පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව 2023 ඡුලි 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්‍රමරත්න මහතා වෙත  නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මනම්පිටිය, කොටලීය පාලම අසලදී අනතුරට පත් බස් රථයේ මඟින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගිය ඉරිදා (09) දින සන්ධ්‍යාවේ 7.30 ට පමණ කොටලීය ඔයට පෙරලුණු බස් රථයේ මඟින් මුදවාගැනීම සඳහා 12 ගැමුණු හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ (ජුලි 06) කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති -
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර රාජකාරීන් භාර ගැනීමෙන් පසු ප්‍රථම හමුව රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද (ජුලි 06) සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් සිය ධූරයේ රාජකාරී නිමාවෙන් අනතුරුව අද දින (ජූලි 06) ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් ඉදිකළ නිවසක්

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී මුලතිව්, වල්ලුවර්පුරම් ප්‍රදේශයේ පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් පසුගියදා ප්‍රදානය කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ගුවන් හමුදා ප්‍රධානි සිය ධූරයේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජුලි මස 01 වන දින  සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා 5 වන සංග්‍රාමික රථ
ආරක්‍ෂක භට ඛණ්ඩය පිටත්ව යයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඉතිරි භටපිරිස් අදියර වශයෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සාම සාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වවුනියා සිවිල් වැසියන්ට යුද හමුදාවේ සෞඛ්‍ය ව්‍යාපෘති හරහා ප්‍රතිලාභ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුධ හමුදා ක්ෂේත්‍ර රෝහලේ දී  පසුගියදා ලේ පරිත්‍යාග වැඩසටහනක්  සංවිධානය කර වවුනියාව දිස්ත්‍රික් රෝහලේ පිහිටි ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ජනාධිපති ගරු. රනිල්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ වික්‍රමසිංහ මහතා අද (2023 ජූනි 29) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාපතිවරයා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර වි‍ශේෂ හමුවක්

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර විශේෂ හමුවක් අද දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාම යන ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඊයේ දින (ජූනි 28) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව නැගෙනහිර කලපුවේ කඩොලාන වගා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් විසින් සඳුදා (ජුනි 26) දින ලංකාපටුන, උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේ කඩොලාන පැල 1000 ක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. සියලුම නාවික විධානයන් ඇතුළත් නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික කර්මාන්ත ප්‍රදර්ශණය නැරඹීමට

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය වූ අද (ජූනි 25) ප්‍රදර්ශණ කුටි නැරඹීමට වැඩබලන ආරක්‍ෂක ඇමති ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක් විය. පුරා දින 04ක කාලයක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශණයට සිය දායකත්වය දක්වමින් ප්‍රදර්ශණ කුටි එක් කරනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා අදාළ ආයතන අමාත්‍යවරයාගේ පැසසුමට ලක්කරන ලදි.