පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ පදවිය - පරාක්‍රමපුරහිදී පසුගිය සතියේ පැවැත්විණි. යුධ හමුදා මාධ්‍යයට අනුව මෙම ප්‍රදර්ශනය ජූලි මස 26 සහ 27 දෙදින පුරා විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පදවිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චියේ දී ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය පිහිටුවයි

වසර 5000 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ‘අංගම්පොර’ ආදීවාසී ශ්‍රී ලාංකීක සටන් කලාව අඛණ්ඩව පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය පුරාවෘත්තය පිළිබඳ දැනුම හා දක්‍ෂතාවය ලබාදෙමින්, එහි තවත් සුවිශේෂි පියවරක් ඉදිරියට තබමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට යාබදව පිහිටි ඉරානමඩු වැව් බැම්ම අසල ස්ථාපිත කරන ලද ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය ඉකුත් සිකුරාදා (26) දින පැවති විධිමත් උත්සවයකදී, චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇසල පෙරහැර සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යෙදවීමට පියවර

මහනුවර වාර්ෂික ඇසල පෙරහැර සමයේදී ජනතාවගේ සහ ස්ථානයන්හි උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග සහ, ඕනෑම තර්ජනයකට හෝ සිදුවීමකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් උතුම් ආගමික කටයුත්තක් වන පෙරහැර දිනයන්හිදී සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බවත් මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂ උපදෙස් නිකුත් කර ඇති බව


පසුගිය පුවත් | පසුගිය පුවත්

මව් රෙජිමේන්තුවෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ට උපහාර

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ජුලි 27) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ (SLLI) සිදු කල සංචාරයේදී මව් රෙජිමේන්තුවෙන් එතුමන් වෙත ආචාර පුද කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සාකච්ඡා වැඩසටහන - 2019

හමුදා සාකච්ඡා වැඩසටහන - 2019 හි 3 වන සැසිවාරය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. සංහිදියා යාන්ත්‍රණ පිලිබද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද දෙදින සාකච්ඡාව සදුදා (ජුලි 22) දින ආරම්භ වූ බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සහයෝගිතා සහ හුවමාරුව පිළිබද අවබෝධතා ගිවිසුමක්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ ජපාන ආරක්‍ෂක අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර ආරක්‍ෂක සහයෝගිතා සහ හුවමාරුව පිළිබද අවබෝධතා ගිවිසුමක් අද (ජූලි 26) දින අත්සන් තැබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව (SLN) සහ පාකිස්ථාන නාවික හමුදාව (PN) අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව බදාදා (ජූලි 24) දින සාර්ථකව අවසන් විය. නාවික හමුදා මාධ්‍යයට අනුව, දෙදිනක් පුර පැවැත්වූ ‘මාණ්ඩලික සාකච්ඡා’ අඟහරුවාදා (ජූලි 23) දින කොළඹ ලයිට් හවුස් ගැලේ හිදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනපතිට පිළිගන්වයි

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් මහා ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ මහතාට එතුමාගේ පාසැල් ශිෂ්‍යභටයකුගේ සිට ආරක්ෂක ලේකම් දක්වා වූ තේජාන්විත ගමන සිහිපත් කරවමින් සිහිවටනයක් ප්‍රදානය කරයි

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එම් එම් එස් පෙරේරා මහතා අද (ජූලි 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ එක් තීරයක් එක් මාවතක් (B R I) ගොඩනැගීමට මුල පිරීමේ ආරක්‍ෂක කටයුතු පිළිබද තුන්වන මට්ටමේ රැස්වීම

චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ එක් තීරයක් එක් මාවතක් (Belt and Road Initiative) ගොඩනැගීමට අදාළ ආරක්‍ෂක කටයුතු පිලිබඳව තුන්වන මට්ටමේ රැස්වීම අද (ජුලි 25) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් 25 වැනි ජාතික විරුජන සමිමාන ප්‍රදානෝත්සවයට සහභාගී වේ

25 වැනි ජාතික විරුජන සමිමාන ප්‍රදානෝත්සවය - 2019 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (ජූලි 25) දින පැවැත්විණි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු පළාත් සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

මේ වසරේ අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. (උ/පෙ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිකුරාදා (ජූලි 19) දින සංවිධානය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ස්විට්සර්ලන්ත තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මැතිතුමන් අද (ජූලි 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනුරාධපුර අභිමන්සලෙහි සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය 2019 ජුලි 11 දින අනුරාධපුරයේ පිහිටි අභිමන්සල 1 හි සංචාරයක නිරත විය. සුවසහන නිකේතනයෙහි නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් එතුමිය විසින් මෙම සංචාරය සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සේවා වනිතා ඒකකය වෙතින් රෝද පුටු පරිත්‍යාගයක්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය විසින් 2019 ජුනි 12 වන දින කුලියාපිටිය රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට රෝද පුටු පරිත්‍යාග කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සේවා වනිතා ඒකකය සභාපතිනිය විශේෂ රැස්වීමක් පවත්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය විසින් 2019 ජුලි 21 වන දින පැවැත්වීමට නියමිත දානමය පිංකම පිලිබදව සාකච්ඡා කිරීම සදහා ජුලි 15 වන දින විශේෂ රැස්වීමක් අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් දානමය පිංකමක්

පාස්කූ ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අයවළුන්ට පිං අනුමෝදන් කිරීම හා තුවාලවූවන්ට ඉක්මන් සුවය පතා පවත්වන ලද තෙමස් පූර්ණ ‘පිංකම’ ඉකුත් ඉරිදා (21) දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සත්විරු අභිමන්’ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් වූ ‘සත්විරු අභිමන්’ සුභසාධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් අද (ජූලි 22) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘2017/2018 යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය’ අතී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ ව්‍යාපෘතීන්ගෙන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී කුසලතා හඳුනාගෙන ඒවා ඇගයුමට ලක් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය 2017/2018’ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති මෙන්ම තවත් සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා (19) දින කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයට පිං පමුණුවමින් දානමය පුණ්‍ය කර්මයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

පසුගිය අප්‍රියෙල් (21) පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුවී මාස තුනක් සම්පුර්ණ වීම නිමිත්තෙන් එහිදී විපතට පත් වූවන් සිහිපත් කරමින් දානමය පුණ්‍ය කර්මයක් අද (ජුලි 21) දින කොළඹ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දි පැවැත්විණි. සිදු වූ අවාසනාවන්ත සිදුවීම සිහිපත් කරමින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම් වල ආගමික නායකයින් විසින් ආගමික වතාවත් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සත්විරු අභිමන්’ ජාතික උත්සවය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

රට තුළ සාමය හා සමගිය ඇතිකිරීම උදෙසා තම ජීවිතය හා අත් පා කැප කළ රණවිරුවන්ට ජාතියේ කෘතඥතාවය පළ කරයි. සාමය උදාවූ දා සිට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව රට තුල සංහිදියාව ඇතිකිරීම හා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි හි නවතමයෙන් ඉදිකරන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරියට භාර දෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පූවරසංකුලම් ප්‍රදේශයේ ඉදිකරන ලද නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරිය වෙත සඳුදා (ජූලි 15) දින භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආබාධිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ‘ආයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

යුද්ධ හමුදා ප්‍රජා සුභසාධන කටයුතුවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද තෙමහල් ‘ආයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අද (ජුලි 18) දින උදෑසන පැවති සරල උත්සවයකදී ශ්‍රී ලංකා ‘ආයතී’ භාරය සහ කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨය වෙත පවරා දෙනු ලැබිණි.