පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් රාජකීය විද්‍යාල රණවිරු අනුස්මරණ ස්මාරකය විවෘත කරයි

කොළඹ රාජකීය විද්‍යාල භූමියේ නැවත ස්ථානගත කරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අද (සැප්තැම්බර් 23) විවෘත කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්න මහතා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දියකාවා යුද අභ්‍යාසය - 2019’සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” සදුදා දින (සැප්තැම්බර් 23) ත්‍රිකුණාමලය කුච්චවේලි හිදී අවසන් අභ්‍යාසය වන ‘Critical Engagement’ පුහුණු  මෙහෙයුමෙන් ලෙස අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංගීත කණ්ඩායම්වලට උපහාර

පසුගිය දා පවත්වන ලද ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සදහා දායකත්වය ලබාදුන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංස්කෘතික සහ සංගීත කණ්ඩායම්වලට උපහාර දැක්වීමේ උත්සවයක් ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ප්‍රදේශයේ පාසැල් සිසුන්ට නව පාපැදි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සෙනසුරාදා (21) දින පැවති උත්සවයකදී  ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් පාසල් වෙත යෑමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සදහා පාපැදි පරිත්‍යාග කර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදා භටපිරිස් විසින් ශාකසාර උද්‍යානයක් පිරිසිදු කරයි.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක් විසින් මීගොඩ ‘ඔසු උයන’ පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්  බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 19) ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු ඔසු උයන පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදා දායකත්වය ලබා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් සමාජ සුභසාධන ව්‍යාපෘති

වන්නි ප්‍රදේශයේ හමුදා භට පිරිස් විසින් සංවිධානය කරන ලද විශේෂ අක්ෂි සායනයකින් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ඉන්ධන නෞකාවක  සිටි තුවාල ලැබු නාවිකයෙකු බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 20) නාවික හමුදා  වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගොඩබිමට රැගෙන එන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ස්ථානයක් වැටලීමේ පුහුණු මෙහෙයුම සාර්ථකව සිදු කරයි.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ යේ ත‍්‍රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වැටලීම සදහා  බ්‍රහස්පතින්දා තවත් එක් සාර්ථක පුහුණු  මෙහෙයුමක් සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා (Vinod K Jacob) අද (සැප්තැම්බර් 20) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටළු විසදීම සඳහා වන අනුකමිටු වාර්තාව අවසන් අදියරේ

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය - කොල්ලුපිටිය, හිදී ඊයේ දින (සැප්තැම්බර් 18) ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආබාධිත හා මියගිය රණවිරුවන්ට වැටුප් හා දීමනා වයස අවුරුදු 55න් පසුවද ගෙවීම පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය ආයතන වල විකාශනය වන සාවද්‍ය ප්‍රවෘත්ති නිවැරදි කිරීම

අන්තර්ජාලය තුලින් සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන මගින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට යුද්ධ හමුදාවට සම්බන්ධ පිරිසක් සූදානම් වන බවට පුවතක් ප්‍රචාරය කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය” වෙනුවෙන් නාවික හමුදාවෙන් වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඟහරුවාදා (සැප්තැම්බර් 17) දින ගාලු මුවදොර වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක ලේකම් හමුවෙයි

ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වර්ෂා කාලගුණය තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් ඉදිරියට පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප සීමාවේ (EEZ) මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදා නෞකාවකට මාලදිවයිනට අයත් මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධනුජි, සුභ පැතුම් 4, ලක්ප්‍රිය දේහි සහ නලින් 10 යන ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රාවන් 4 ක් නිරීක්ෂණය වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකාවන් යලි දිවයිනට

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය 2019 සඳහා සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකාවන් පසුගිය සති අන්තයේ දී නැවත මෙරටට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නෙළුම් කුලුන ජනපතිතුමන් අතින් විවෘත කෙරේ.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘නෙළුම් කුළුණ’ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින  (2019 සැප්තැම්බර් 16) විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා ආරක්ෂක ලේකම් හමුවෙයි.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා අද (සැප්තැම්බර් 16) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සීපීඑල් ටී-10 ක‍්‍රිකට් තරඟාවළියේ ශූරතාවය ආර්එස්එෆ් චැලෙන්ජර්ස් දිනයි

කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් අඛන්ඩව දෙවන වතාවට සංවිධානය කරන ලද කලම්බු ප‍්‍රිමියර් ලීග් - 2019 (සීපීඑල් ටී-10) ක‍්‍රිකට් තරඟාවළිය 2019 අගෝස්තු මස 20 වන දින සිට 2019 සැප්තැම්බනර් මස 10 වන දින දක්වා කොලඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගෑස් කාන්දුවීමෙන් ඇතිවූ පිපිරීමෙන් දෙදෙනෙකුට තුවාල

අද (සැප්තැම්බර් 15)දින කොළඹ 9 දෙමටගොඩ මහවිල පාරේ නිවසක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අති සාර්ථකව නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනි

සංගීතයට පෙම්බැඳි සුවහසක් සංගීත ලෝලී රසික රසිකාවියන් වෙත මෙතෙක් නොලද නව සංගීතමය අත්දැකීමක් තිලිණ කරමින් උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද (සැප්තැම්බර් 14) දින සවස නෙලුම් පොකුණ රඟහලේදී සාර්ථකව පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“උදාරයි ඔබ” අද සවස නෙලුම් පොකුණ රගහළේ දී

උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද සවස 06.30 ට (සැප්තැම්බර් 14 ) නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වේ. ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින්  සංවිධානය කරන මෙම ප්‍රසංගය සදහා දිවයිනේ ජනප්‍රියතම  කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් ආර්ථික වටිනාකමකින් යුත් පැල බෙදා දෙයි.

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ජාතික සංවර්ධනයට ශක්තියක් වෙමින් තිරසාර ආර්ථික ප්‍රමිතීන් ළඟා කර ගැනීමට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යළිත් වරක් කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව සදහා ආර්ථික වටිනාකමක් ඇති පැල වර්ග විශාල ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත‍්‍රස්තවාදීන් විසින් රඳවාගෙන සිටි ප‍්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කොළඹදී පුහුණු මෙහෙයුමක් දියත් කරයි.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දියකාවා යුද අභ්‍යාසයේ 2019 තවත් එක පුහුණු මෙහෙයුමක් දඹුල්ලෙදී

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක පුහුණු මෙහෙයුමක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදෙශයෙදී සාර්ථකව අවසන් විය.