පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් ජනාවාස පිහිටි ප්‍රදේශයේ වන ගහනය සම්බන්ධව නවතම වාර්තාව

හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය තුළ උතුරු වසන්තය යටතේ නැවත පදිංචි කිරීම් සිදු කළ මුස්ලිම් පවුල් සඳහා වෙන් වූ ඉඩම් සම්බන්ධව පරිසර සංවිධාන කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල ජනාවාස සහ සංවේදී පරිසර පද්ධතියට දැඩි අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ.

රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

"ත්‍රිපිටකාභිවන්දනා" සතියට සමගාමිව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වේ

"ත්‍රිපිටකාභිවන්දනා" සතියට සමගාමිව අද (මාර්තු 22) දින කොළඹ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති තුමාගේ උතුම් සංකල්පය යථාර්ථයක් වීමට නම් ‘ත්‍රිපිටකය ජාතික උරුමයක්, ලෝක උරුමයක් පමණක් නොව ඉදිරියේ දී පුද්ගල උරුමයක් කරගතයුතු බව’ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් අද (මාර්තු 22) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී. එහිදී ත්‍රිපිටකය පිළිබඳව ධර්ම දේශනයක් පවත්වමින් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමියෝ විසින් මෙසේ ප්‍රකාශ කළහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනයයි

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි භට පිරිස් වෙතින් සමාජ සුභසාධන වැඩසටහන් තවදුරටත්

කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් කිලිනොච්චි රෝහලේ රුධිර බැංකුව වෙතින් කරනලද ඉල්ලීමකට අනුව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රුධිරය ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලීමා - 2019 ට සහභාගී වීම සඳහා සාගර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ලීමා - 2019 ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් වන ‘සාගර’ ඊයේ (මාර්තු 19) දින දිවයිනෙන් පිටත් වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිපිටකභිවන්දනා සතියට සමගාමිව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් වැඩසටහන් මාලාවක්

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සමගාමිව මාර්තු මස 16 වනදා සිට 23 වනදා දක්වා පුරා සතියක කාලයක් “ත්‍රිපිටකාභිවන්දනා සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

යුද්ධ හමුදාව විසින් නැගෙනහිර පළාතේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ත්‍රිකුණාමලයට පැමිණෙයි

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ඉරිදා (මාර්තු 17) දින ත්‍රිකුණාමලයට ලඟාවූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව ජනපති අවධාරණය කරයි.

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව පවත්වයි

කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සෙනසුරාදා (මාර්තු 16) දින ඇති සාර්ථකව පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කිරීමේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගි වේ

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කරමින් සෙනසුරාදා (මාර්තු 16) දින පවත්වන ලද සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක   අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව සනීපාරක්ෂක පහසුකම්

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාබි පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර දිළිඳු පවුල්වල සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීමේ අභිලාෂයෙන් දියත්කල වැඩසටහන් එවැනි එක විශේෂිත වූ ව්‍යාපෘතියකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීම සඳහා ආධාර

යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ ප්‍රවාහන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය අර්දද්විපය තුල රාජකාරියේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් අදාළ සිසුන් වෙත පාපැදි 50 ක් පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ජිවන තත්ත්වය නංවාලීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කරමින් නැගෙනහිර පළාතේ අඩු ආදයම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදි කිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ නව ලේකම් වැඩ අරඹයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස එන් කේ ජි කේ නැම්මේවත්ත මහතා අද (මාර්තු 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් අනතුරුව සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 09) දින මුහුදේදී දැඩි ලෙස රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත් උවදුර මැඩලීමට අප්‍රේල් 03 වන දායින් පසු ත්‍රිවිධ හමුදාවේ වැඩි දායකත්වයක් – ජනපති කියයි.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටනට ත්‍රිවිධ හමුදාවන් සක්‍රියව දායක වෙයි

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

සිය සංවත්සර සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් ගණනාවක් දියත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය 68 වන සංවත්සරය සැමරීමට සමගාමිව ප්‍රජා සුබසාධන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇත.