පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිතුමන්ට පළඳවයි

රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (මාර්තු 05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංගලාදේශ නාවික හමුදා නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (මාර්තු 03) දින දිවයිනට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව අද (මාර්තු 06) දින සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ තවත් භූමි ප්‍රමාණයක් නිදහස් කෙරේ

ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් පසුගිය සඳුදා (මාර්තු 04) දිනට යෙදුන මහා ශීවරාත්‍රි දිනයේ දී නිදහස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා බලඝණ දෙකක් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 02) දින හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවතී උත්සවයකදී ගුවන් හමුදාවේ අංක 7 බලඝණය හා අංක 8 බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනමන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ නිවේදනය

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය මාර්තු 15 වැනි දා දක්වා දීර්ඝ කෙරේ


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ තවත් භූමි ප්‍රමාණයක් නිදහස් කෙරේ

ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් පසුගිය සඳුදා (මාර්තු 04) දිනට යෙදුන මහා ශීවරාත්‍රි දිනයේ දී නිදහස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් ඇතුළු නියෝජිත පිරිසක් අද (පෙබරවාරි 27) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ නිවේදනය

දැනට භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් (chainsaw mashines) ලියාපදිංචි කිරිම සදහා දි තිබු කාලය හෙටින් (28) අවසන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රතිකාර සහ නිවාරණ අංශ ශක්තිමත් කිරීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකගුඩු රෝගීන්ගේ ව්‍යාප්තියේ අඩුවක් සිදුව ඇති බව ජනපති පවසයි.

පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

කිලිනොච්චි ජයපුරම් ප්‍රදේශයේ ජිවත්වන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද තවත් නිවසක් පසුගියදා එම පවුල වෙත භාරදීම සිදු කෙරුණු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව විසින් ප්‍රාථමික පාසලක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරයි

අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් විසින් මෑතකදී අලුතින් ඉදිකරන ලද රාජගල ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියක් සිසු අයිතියට පත්කර ඇති බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ වැසියන් වෙනුවෙන් ප්‍රජා සත්කාර තවදුරටත්

උතුරු ප්‍රදේශයේ ජිවත්වන ජනතාවගේ ජිවන තත්වය නංවාලීම සඳහා සහ සිවිල්-හමුදා සහයෝගීතාව සහ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගයේ දී අත්විඳීමට හැකි වනු ඇති බව ජනපති පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා ප්‍රදර්ශනය හිඟුරක්ගොඩ දී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වන සංවත්සරය ලබන මාර්තු මස අභිමානවත්ව සැමරීමට නියමිතව ඇති අතර, එය ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා ගුවන් සංදර්ශනයක් ද ඇතුළුව සිදුවීම් රැසක් සමඟින් පැවැත්වීමට නියමිත බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වන දිනට යෙදී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා සුබසාධන වැඩසටහන් මගින් උතුරේ අඩු ආදායම්ලාභී පවුල් සහ ආබාධිත අයවලුන් සඳහා පහසුකම් සලසයි

යාපනය අර්ධද්වීපයේ ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනලද සුබසාධන වැඩසටහනක් තුලින් ඔවුන් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සයුරළ නෞකාව ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සහභාගී වෙයි

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 16) දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය (Mina Zayid) වෙත සේන්දු වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) මගින් සංවිධානය කරන ලද මාර්ග ධාවනය 2019

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) මගින් සංවිධානය කරනු ලබන 2019 මාර්ග ධාවනය සඳුදා (පෙබරවාරි 18) දින කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සයුරළ’ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වේ

පකිස්ථානයේ කරච්චි නුවරදී රටවල් 44 කගේ නාවික නෞකාවල සහභාගිත්වයෙන් පැවතී ‘අමාන්’ (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු හට නව නිවාස ඉදිකරදීම සඳහා විදෙස්ගත ද්‍රවිඩ යුවලක් සහාය වේ

ඕමානයේ පදිංචි ද්‍රවිඩ යුවලකගේ මුල්‍ය දායකත්වයෙන් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා නව නිවාස දෙකක් ඉදිකර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය කටයුතු කර ඇති බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනතුරකට පත් ධීවරයකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 16) දින බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් ධීවරයෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් දිවයිනට

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා ඉරාන නාවික හමුදාවට අයත් නෞකා තුනක් සිකුරාදා (පෙබරවාරි 15) දින දිවයිනට ලඟාවිය.