පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු තානාපතිනිය ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මැතිතුමිය අද (පෙබරවාරි 15) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පැවති ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව අද (පෙබරවාරි 15) දින සාර්ථකව අවසන් විය. කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවතී මෙම සාකච්ඡාවේ සමාප්ති දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහාභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය

සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය


පසුගිය පුවත් | පසුගිය පුවත්

KDU උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඊයේ (පෙබරවාරි 14) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ හා දකුණේ සිසුන් සඳහා යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භට පිරිස් විසින් දින තුනක පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද එම ප්‍රදේශයේ පාසල් 30 ක සිසුන් 750 දෙනෙකු සහ දකුණ නියෝජනය කරමින් පාසල් සිසුන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා යාපනය දොරේඅප්පා ක්‍රිඩාංගනයේදී පසුගියදා පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි හා මුලතිව් සිසුන් සඳහා අධ්‍යාපනික ආධාර

පසුගිය දිනවල කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වූ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල් සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය 2019 පෙබරවාරි 18 වන දින මෙවරත් ගාළු මුවදොරදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනපති පවසයි.

තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බ්‍රහස්පතින්දා (පෙබරවාරි 07) දින සිදුකරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

"පියවර" ව්‍යාපෘතිය යටතේ 50 වන පෙර පාසල ජනතා අයිතියට

"පියවර" ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 50 වන පෙර පාසල අනුරාධපුරයේ සියඹලාව ප්‍රදේශයේ මෑතක දී ඉදිකරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් හේමාස් අවුට්රීච් පදනමේ සහයෝගය ඇතිව වන්නි ප්‍රදේශයේ දරුවන් සඳහා පෙර පාසල් 50 ක් ඉදි කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරෙන් හානියටපත් ළමා උද්‍යානය යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කෙරේ

පසුගිය දිනවල උතුරු ප්‍රදේශයට ඇතිවූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් විසින් සහන සැලසීමේ කටයුතු දිගටම සිදුකල අතර එහි තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස ජලගැලීම්වලින් හානියට පත්වූ කාකතිවු අනාකෝට්ටායි පෙර පාසල් පරිශ්‍රයේ ඇති ළමා උද්‍යානය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.‍


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු සමීක්ෂණ නෞකාව කොළඹින් පිටත් වෙයි

මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගී වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (පෙබරවාරි 06) දින දිවයිනෙන් පිටත්ව ගිය බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චියේ සිසුන් සඳහා තවදුරටත් අධ්‍යාපනික ආධාර

ආරක්‍ෂක අමාත්‍යංශය, ආපදා කළමණාකරන අමාත්‍යාංශය සහ ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම සමග එක්ව දියත් කළ 'සෙනෙහෙ සියපත' සුභසාධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ පාසල් සිසුන් 3900 කට අධික පිරිසකට විශාල පාසල් උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා සිදුවිය. ඒ අනුව පසුගියදා ඇති වූ ගංවතුරින් ආපදාවට ලක්වූ කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් 3934 දෙනෙකු සඳහා මෙම වැඩසටහන යටතේ පාසල් උපකරණ ලබාදෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) මහතා ඊයේ (පෙබරවාරි 05) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ දේහයන් සඳුදා (පෙබරවාරි 04) දින දිවයිනට ගෙනෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සිය 71 වන නිදහස් දිනය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය අදයි. ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට එල්ලවූ ප්‍රහාරය මාලි රාජ්‍යයේ ජනාධිපතිතුමන් හෙලාදකි

මාලි ජනරජයේ අතිගරු ජනාධිපති ඊබ්රාහිම් බුබකාර් කීටා (HE the President of the Republic of Mali, Ibrahim Boubacar Keïta) විසින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතුව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව සිය සාමාජික දු දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා ඇගයීමට ලක්කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපනික දක්ෂතා දැක්වූ දු දරුවන් ඇගයීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 31) ගුවන් හමුදා මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදේදී රෝගාතුර වූ මැලේසියානු නාවික හමුදා සාමාජිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැලේසියානු නාවික හමුදාවට අයත් නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට අද (ජනවාරි 30) කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ නිල උසස් කෙරේ

පසුගිය 25 වනදා මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනා ඊළඟ නිලයට උසස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

CONEX 19 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.