ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය අද (ජූනි 24 ) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (NMA) සෙනසුරාදා (2019 ජූනි 22) දින පැවති නාවික හමුදා විසිරයාමේ උත්සවය සදහා අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජූනි 22) දින “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය’’ ලෙස අධිකාරියට පත් කීරීම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී සිදුකරන ලදී.
එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිෂ්කාශන ක්‍රියාවලිය ප්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.
SInhala.
ඉන්දීය ත්‍රිවිධ හමුදා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය තෙදින සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අගහරුවාදා (ජූනි 18) දින ඉන්දියාව බලා පිටත් වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් (Samsung HS40 Ultrasound Scanner Units) යන්ත්‍ර 02 ක් සඳුදා (ජූනි 17) දින ‘අපේක්‍ෂා’ රෝහල වෙත පරිත්‍යාග කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු සෙයිඩ් මක්සුමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජූනි 18) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ඉන්දියානු නාවික හමුදාවට අයත් රන්වීර් (Ranvir) නෞකාව අද (ජූනි 18) තෙදින සුහද සංචාරයක් සදහා දිවයිනට ලඟා වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. අද උදෑසන කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලදී.
ද්වීපාර්ශවික හමුදා සුහද සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (15) දින දිවයිනට පැමිණි ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉරිදා (ජූනි 16) දින මහනුවර ශ්‍රී දලදා මාලිගාවෙහි සංචාරයක නිරත වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජුනි 14) දින මුහුදේදී තුවාල ලැබූ ධීවරයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති මොහොමඩ් සයරි අමිරනී (H.E Mr. Mohammad Zaeri Amirani) මැතිතුමන් අද (ජූනි 13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
නවතමයෙන් පත් කරන ලද ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා වෙත අද (ජුනි 13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා විසින් අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිය පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මුලතිව් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සුභසිද්ධිය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වන ලද බව වෙරළාරක්‍ෂක බලකා නිල වෙබ් අඩවිය පවසයි.
2019 අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.
පසුගිය සතියේ (ජුනි 07) කඩ්ඩුවාන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද නිවසක් සහ සනීපාරක්‍ෂක ඒකක 18 ක් ප්‍රතිලාභී පවුල් වෙත ලබාදීම සිදුකරන ලදී.
අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය මත දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකඟ වෙති.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලද පී 626 දරන විශාලතම ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව, ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සුරතින් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු’ ලෙස ඊයේ (ජූනි 06) දින කොළඹ වරායේදී අධිකාරියට පත්කෙරිණි.