පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම්තුමන් සහභාගී වෙයි

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීටයේ පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින පැවති කෙඩෙට් නිලධාරි විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් පොලිසියට උපදෙස්

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය

සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වු පාසල් දරු දැරියන් වෙත පාසල් උපකර බෙදාදේ

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පිඩාවට පත් පාසල් සිසු දරු දැරියන් 800 ට අධික පිරිසක් සඳහා පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (ජනවාරි 07) දින පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරේ

අදින් සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබු බවත්, එහි දී ලැබු ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබු පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව 2019 ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධනය කරනු ලබන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව -2019 (Asymmetric Warfare Course) පසුගිය සඳුදා (ජනවාරි 07) දින ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම පාඨමාලාව විශේෂ යාත්‍රා බළඝනය විසින් සංවිධනය කරනු ලබන අතර එය ත්‍රිකුණාමලය නැගෙනහිර වරායේ දී පවත්වනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහනුවර ගොඩනැගිල්ලක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සහාය

මහනුවර නගරයේ පිහිටි බහුකාර්ය වාණිජ ගොඩනැඟිල්ලක ඊයේ (ජනවාරි 08) උදෑසන අතු වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහාය වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කි තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුන්කා ඔසුහදර් (Mr. Tunca Ozcuhadar) මැතිතුමන් පසුගිය සඳුදා (ජනවාරි 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව බස්නාහිර ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

බස්නාහිර පළාත සඳහා අලුතින් පත් කරන ලද ආණ්ඩුකාර අසාද් සාලි මහතා, සිකුරාදා (ජනවාරි 04) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් අපවිත්‍ර වූ ළිං හමුදා භටපිරිස් විසින් යලි පිරිසිදු කරන ලදී

පශ්චාත් ගංවතුර සහන වැඩසටහන් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් ඊයේ (ජනවාරි 06) වනවිට කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල ගංවතුරට යටවූ ළිං යලි පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර ඇති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි ප්‍රදේශයේ අසරණ වූ කාන්තාවක් සඳහා නව නිවසක්

වන්නි ප්‍රදේශයේ දුෂ්කර ගම්මානක ජීවත් වූ අසරණ කාන්තාවක් හට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක සමාජ සුභ සාධන වැඩසටහනක් යටතේ නව නිවසක් ඉදිකර දීමට කටයුතු කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරේ සිසුන්ට අධ්‍යාපනික ආධාර ලබා දෙයි

පසුගියදා උතුරු ප්‍රදේශයේ දුෂ්කර පළාත්වල පාසල් සිසුන් පිරිසකට පාසැල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් පහසුකම් සලසනු ලැබූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා යුද්ධ හමුදාව සහාය වෙයි

යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල් 335 අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් මෑතකදී සහාය වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (ජනවාරි 04) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 04) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ දිළිඳු පවුල් දෙකක් සඳහා තවත් නව නිවාස දෙකක්

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ දිළිඳු පවුල් දෙකක් සඳහා ඉදිකරන ලද නව නිවාස දෙකක් පසුගිය බදාදා (ජනවාරි 02) ඔවුන් වෙත බාරදෙන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය සිසුන් සඳහා පාපැදි ප්‍රධානය කෙරේ

නව වසර සමරමින් මෙම සතියේ මුල් භාගයේදී යාපනයේ අවශ්‍යතා සහිත පාසල් සිසුන් 10 දෙනකුට නව පාපැදි ප්‍රධානය කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් විසින් සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් නව වසර ආරම්භයේ දී මෙසේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන පවුල්වල පාසල් ළමුන් 10 දෙනෙකු සඳහා පාපැදි ප්‍රධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුතුරාජවෙල ඇති වූ ගින්න නිවීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් සහාය වෙයි

මිගමුව මුතුරාජවෙල රක්ෂිතයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි - 17 හෙලිකොප්ටර් යානයක් කඩිනමින් යොදවා ගිනි නිවන භටයින් හට සහාය වූ බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ ජනතාවට සහන රැගෙන දකුණේ සිට ගමන් ඇරඹූ “මනුෂ්‍යත්වයේ දුම්රිය” කිලිනොච්චියට ළඟා වෙයි

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැුගෙන ඊයේ පස්වරුවේ (31) මාතරින් ගමන් ඇරඹු ,මනුෂ්‍යත්වයේ දුම්රිය, අද (01) ප.ව 2.30 ට පමණ කිලිනොච්චි දුම්රිය ස්ථානය වෙත ළඟා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ (ජනවාරි 01) දින සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයේදී 2019 නව අවුරුදු උදාව සමරයි

2019 නව වසර ආරම්භය සනිටුහන් කරමින් අද (ජන:01) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී චාම් උත්සවයක් පැවැත්විණි. ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

අපි වෙනුවෙන් අපි “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ජනපති අතින්

මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් 600 දෙනෙක් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මැයි 10) බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබිය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.