පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල නැගෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

නැගෙනහිර පළාතේ යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (ජනවාරි 18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි.පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව භාවිතාකල තවත් උතුරේ ඉඩම් අක්කර 1200 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ

යුද්ධ හමුදාව විසින් ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල උදයාරකට්ටු සහ තවත් ගොවිපොලවල් තුනක් ඇතුළු මූලතිව්, කිලිනොච්චි, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් සඳුදා (ජනවාරි 21) දින නිදහස් කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් එක්සත් රාජධානියේ යුද හමුදා පාසලෙහි පාඨමාලාවක් සඳහා සහභාගී වේ

රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු කාන්තා ගුවන් නිලධාරිනියක් සහ ගුවන් කාන්තාවක් එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂයර් හි කැටරික් නගරයේ පිහිටි යුද හමුදා පාසලෙහි පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (MRE) නිෂ්පාදනය ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශයේ පූර්ණ සහයෝගීත්වය ඇතිව වැලිකන්ද, කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේදී කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (Meal Ready to Eat (MRE) ration pack) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ හමුදා භට පිරිස් ප්‍රදේශවාසින් සමඟ එක්ව තෛපොංගල් සමරයි

උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදේශවාසින් සමඟ එක්ව සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් සමගින් තෛපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සමරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම වැඩසටහන් ප්‍රදේශය පුරා ස්ථාන ගණනාවක සිදු කරනු ලැබීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආර‍ක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් ඊයේ (ජනවාරි 16) ආර‍ක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් නිදහස් කිරීමට සුදානම්

ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි උතුරේ සහ මූලතිව් දිස්ත්‍රික්කයේ දී සඳුදා (21) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයන්හිදී නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කිරීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩාව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් අද (ජනවාරි 16) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්තුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් සයිඩ් මැක්සූමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජනවාරි 14) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ ප්‍රදානයක්

රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත රුපියල් මිලියන 14.2 ක් පමණ වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණක, පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්‍රදානය කිරීම පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අඩුආදායම් ලාභි පවුලක් සඳහා නව නිවසක්

කිලිනොච්චි මනික්කපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා කිලිනොච්චි භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකර බාරදෙන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය හඳුන්වා දෙයි

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CRD) මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) පසුගිය බදාදා (ජනවාරි 9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉදිරිපත් කරනු ලැබු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

233 වන බලසේනාවේ සහයෝගය ඇතිව ළමා නිවාසයේ නේවාසික ළමුන්ට පාසල් උපකරණ සහ නව උද්‍යානයක්

නැගෙනහිර, වාකරේ ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනාවේ භට පිරිස් මහරගම ටී.එන්. විජේතුංග මහතාගේ සහයෝගීත්වය ඇතිව බදාදා (02) දින කදිරවේලි පිහිටි තිලකවතියර් කාන්තා ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම්තුමන් සහභාගී වෙයි

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීටයේ පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින පැවති කෙඩෙට් නිලධාරි විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් පොලිසියට උපදෙස්

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය

සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වු පාසල් දරු දැරියන් වෙත පාසල් උපකර බෙදාදේ

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පිඩාවට පත් පාසල් සිසු දරු දැරියන් 800 ට අධික පිරිසක් සඳහා පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (ජනවාරි 07) දින පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරේ

අදින් සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබු බවත්, එහි දී ලැබු ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබු පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව 2019 ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධනය කරනු ලබන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව -2019 (Asymmetric Warfare Course) පසුගිය සඳුදා (ජනවාරි 07) දින ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම පාඨමාලාව විශේෂ යාත්‍රා බළඝනය විසින් සංවිධනය කරනු ලබන අතර එය ත්‍රිකුණාමලය නැගෙනහිර වරායේ දී පවත්වනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහනුවර ගොඩනැගිල්ලක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සහාය

මහනුවර නගරයේ පිහිටි බහුකාර්ය වාණිජ ගොඩනැඟිල්ලක ඊයේ (ජනවාරි 08) උදෑසන අතු වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහාය වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.