එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ දේහයන් සඳුදා (පෙබරවාරි 04) දින දිවයිනට ගෙනෙන ලදී.
ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය අදයි. ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කරයි.
වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි
මාලි ජනරජයේ අතිගරු ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා (HE the President of the Republic of Mali, Ibrahim Boubacar Keïta) විසින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතුව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපනික දක්ෂතා දැක්වූ දු දරුවන් ඇගයීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 31) ගුවන් හමුදා මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැලේසියානු නාවික හමුදාවට අයත් නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට අද (ජනවාරි 30) කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
පසුගිය 25 වනදා මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනා ඊළඟ නිලයට උසස් කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
SInhala.
ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඉරිදා (ජනවාරි 27) දින හික්කඩුවට බටහිරින් වු මුහුදේ දී ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) දින කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කරන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මහතා සහභාගි විය.
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී..
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (. Mr. Akira Sugiyama) මැතිතුමන් අද (ජනවාරි 25) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිය සඳුදා දින (ජනවාරි 21) දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2019 .01 .22 ,23 සහ 24 දිනයන්හිදී ජාතික රයිෆල් සංගමය (NRA) සහ ජාතික ක්‍රීඩා වෙඩිතැබීමේ සංචිතයට (NSSF) අයත් ක්‍රීඩා කටයුතු සඳහා පමණක් ලබා දී ඇති ගිනි අවි වල සංගණනය...
උතුරු ප්‍රදේශයේ මෑතදී ඇතිවූ ගංවතුර හේතුවෙන් පිඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ පොත් පත් විශාල ප්‍රමාණයක් පසුගියදා බෙදා දෙන ලදී.
නැගෙනහිර පළාතේ යුද්ධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (ජනවාරි 18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි.පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.