පසුගිය පුවත්
පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Aslat නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණේ
පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Aslat යුධ නෞකාව ඊයේ (මාර්තු 5) දින මෙරට නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
ගංවතුර හමුවේ ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත්
කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන බැතිමතුන් හට නාවික හමුදාව සහන සලසයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව 2025 මාර්තු මස 04 වැනි දින, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසීය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.
පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි
අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ
බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂී ස්ථානයකට උරුමකම් කියන ඓතිහාසික නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා (මාර්තු 04 දින) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් පසුගිය සඳුදා (මාර්තු 3) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණියහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කිරීම අනුමත කර ඇත.
ගැමුණු හේවා බලකායෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරයි
යුද්ධ හමුදාවේ ධෛර්යය සහ කැපවීම විදහා දක්වමින්, නන්පේරියල් යුද්ධ හමුදා අනුකණ්ඩයේ ස්ථානගත කර ඇති ගැමුණු හේවා බලකායේ ආපදා සහන භටපිරිස් විසින් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු සාර්ථකව බේරා ගන්නා ලදී.
බංග්ලාදේශයේ ඩකා හි පැවති කලාපීය සමුළුවේදී කර්නල් නලින් හේරත්
දේශගුණික ආරක්‍ෂාව පිළිබඳ දේශනයක් ඉදිරිපත් කරයි
බංග්ලාදේශයේ ඩකා හි "Renaissance" හෝටල් පරිශ්‍රයේ දී "Droughts, Floods and Fault Lines: Climate Security in South Asia" තේමාව ඔස්සේ පසුගියදා පැවති කලාපීය සමුළුවේදී ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් විසින් විශේෂ දේශනයක් ඉදිරිපත් කළේය. යුරෝපා සංගමයේ ද සහයෝගයෙන්, බංග්ලාදේශයේ සාමය සහ ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් පෙබරවාරි 24-25 යන දින වලදී මෙම සමුළුව පවත්වනු ලැබිණ.
දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේදී ජයග්‍රහණ ලබාගත්
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් ඇගයීමට ලක් කෙරේ
ඉන්දියාවේ බැංගලෝර් හි පසුගිය ජනවාරි 10 වන දින සිට 12 වන දින දක්වා පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේදී ජයග්‍රහණ ලබාගත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් පෙබරවාරි 18 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කේඑච්පීපී ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි.
ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා
ස්ථිරසාර විසඳුම් අත්‍යවශ්‍ය වේ - නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය
ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කෙරෙන ස්ථිරසාර උපාය මාර්ගික විසඳුම් සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අවධාරණය කළේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ 14 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය පෙබරවාරි 25 දින තලවතුගොඩ Grand Monarch හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කලේය.
ජනපති සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
මෙරට වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි.
ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත්කල කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් මෙන්ම, විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ තවත් සාකච්ඡාවක් ඊයේ (පෙබ 24) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
ගුවන් හමුදා සහායෙන් නල්ලතන්නි රක්‍ෂිතයේ ඇති වූ
ගින්න සාර්ථකව මැඩපවත්වයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය නල්ලතන්නිය වාලමලේ ඉහල ප්‍රදේශ රක්‍ෂිතයේ ඊයේ දින (පෙබ 24) ඇති වු හදිසි ගින්නක් මැඩ පැවැත්විම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 04 බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් ගිණි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන බම්බි බකට් උපාංගය සමඟ යොදවා ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ පුර්ණ සහයෝගය - ආරක්‍ෂක ලේකම්
පසුගිය දිනවල දිවයින පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ජාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහභාගිත්වයේ අද (පෙබ. 22) දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ.
Clean Sri Lanka වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පාසල් 1000ක් පිරිසිදු කිරීමේ
වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය
ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන "Clean Sri Lanka" වැඩසටහන යටතේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වසරේ (2025) පෙබරවාරි හා මාර්තු මාස තුලදී දීපව්‍යාප්තව තෝරාගත් පාසල් 1000 ක පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ හා අබලන් වී ඇති ඩෙස්පුටු ඇතුළු පාසල් උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම
වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි
ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාරදීම, අද (2025 පෙබරවාරි 18) කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු Paul Stephens මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ලෝක හමුදා දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්
CISM මාර්ග ධාවනය පැවැත්වේ
ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින Conseil International du Sport Militaire’ (CISM) මාර්ග ධාවනය පැවැත්විණි. ලොව පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙර සූදානම සහ ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කරගනිමින් මෙම මාර්ග ධාවනය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.
නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ
පුණ්‍ය මහෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ
නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2025 ක් වූ මාර්තු මස 04 වන දින පැවැත්වීමට මේවන විට කටයුතු සංවිධානය කරමින් පවතී.
“Clean Sri Lanka” පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක්
“Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (පෙබ 18) ආරම්භ විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වසර 80 ක් සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 80 වන සංවත්සර දින සැමරුම පසුගිය ඉරිදා (පෙබරවාරි 16) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, දෙල්ගොඩ Tamarind Banquet උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් ඉතා උණුසුම් අයුරින් ඔහු පිළිගනු ලැබීය.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI BUNG TOMO' නෞකාව - 357 කොළඹ වරායට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI BUNG TOMO - 357' නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ 16) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 8 වන වාර්ෂික අධ්‍යයන සැසිය
ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ (SLCOMM) 8 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවයට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම සැසිය ඊයේ (පෙබ 14) කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂවරයා සිය නික්මයාම සනිටුහන් කරමින්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවේ
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සුදන්ත ෆොන්සේකා අද (පෙබ 14) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.