පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව වෙතින් භාවිත කළ මඩකලපුව ප්‍රදේශයේ ඉඩම්
සිවිල් වැසියන් වෙනුවෙන් නිදහස් කෙරේ

රජයේ නියෝගයන්ට අනුකූලව 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ මඩකලපුව, සිට්ටන්ඩි ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පසුගිය අඟහරුවාදා (ජුනි මස 6) දින නිදහස් කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදානය 2023 ජුනි මස 09 වන දින විශේෂ යාත්‍රා බලඝණයේ විධායක නිලධාරී කොමාණ්ඩර් පීසීපීඒ ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, මාලිමා සෝබර් දූපත් අවන්හලේදී සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර හමුදා සහයෝගීතාවය
තවදුරටත් වැඩිදියුණු කෙරේ

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Francois Garraux අද (ජුනි 09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පුහුණු පාසලක් පිහිටුවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා
ප්‍රංශ තානාපතිවරයා සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා බ්‍රහස්පතින්දා දින (ජුනි 08) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අපගේ සන්නද්ධ හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්ත්මත්වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනතුරකට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක්‍
නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව බදාදා (ජුනි 07) දින උදෑසන යාපනයේ ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරකට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිරවී සිටි 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරා ගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය උපාය මාර්ගික
ඇගයීම් මධ්‍යස්ථානයක් පිහිටුවයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනයේ (ISG) සහාය ඇතිව උපක්‍රමික ඇගයීම් මධ්‍යස්ථානයක් (CSA) පිහිටුවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධයේදී ආබාධිත වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරු යැපෙන්නන් වෙත
සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීම සබැඳිවයි

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින අයවළුන් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ගෙන යන අතර, අදාල දීමනාව නුදුරේදීම ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා සේවා සාමාජිකයින් හට වෘත්තීය පරිසාධක මට්ටම්
සහතික පත්‍ර ප්‍රධානෝත්සවයක්

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මුලස්ථාන ඉදිකිරිම් ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා වෘත්තීය සාමාජිකයින් 519 ක් වෙත වෘත්තීය පරිසාධක මට්ටම් 3 සහ 4 (NVQ Level 3 and 4) සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 30 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ
නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි අද (ජුනි 05) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් මහරගම අපේක්‍ෂා රෝහලට විශේෂ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම 'අපේක්‍ෂා රෝහල' වෙත රුපියල් ලක්ෂ 15ක් වටිනා විශේෂ පරිත්‍යාගයක් පසුගියදා සිදුකළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරිතදිග මෝසම් වැසි ආරම්භ වේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ අනුරාධපුර මහ රෝහලට
රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

රටේ යුද්ධය පැවති සමයේ එවකට යුද පෙරමුණේ දී බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා උදාර සේවයක් ලබා දුන් හමුදාවට සුවය දෙන නිවහනක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් තමන්ද දෙවරක් ප්‍රතිකාර ලබා ගත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සිහිපත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශෝක පණිවිඩය

ඉන්දියාවේ ඔඩිෂා හි සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ශෝකය ප්‍රකාශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උත්කර්ෂවත් පොසොන් භක්ති ගීත සඳහිරු සෑය අභියස

දේශයේ උදාරතර හමුදා රණවිරුවන්හට ඉහළම උපහාර පිරිනැමීම උත්තමාචාරය පිරිනමමින් විශේෂ ‘පොසොන් භක්ති ගීත’ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑ පරිශ්‍රයේදී ඊයේ (ජුනි 03) සවස පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විස්තීරණ පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පස්දින නිල සංචාරයක් සඳහා මැයි 31 දින දිවයිනට පැමිණි විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා ඊයේ සවස (ජුනි 02) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමාගේ පොසොන් පණිවිඩය

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිතය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීම් මධ්‍යස්ථාන නිලධාරීන් කණ්ඩායමක්
කැනඩාවේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට

නුදුරේදී කැනඩාවේ පැවැත්වෙන පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහනකට (Training of Trainers) සහභාගීවීමට නියමිත ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීම් මධ්‍යස්ථාන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී කරන ලද කර්නල් පෝල් ක්ලේටන් සිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමුගැනීම සනිටුහන් කරමින් අද (මැයි 31) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තවදුරටත් ‌වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් තුමන්ගෙන්
රණවිරු කොඩියට දායකත්වයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ස් රුවන්චන්ද්‍ර මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව භාවිත කළ මුලතිව් ප්‍රදේශයේ තවත් ඉඩම් නිදහස් කෙරේ

ආරක්‍ෂක අංශ විසින් භාවිත කරන ලද ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවති ඉඩම් අක්කර 8.178 ක ඉඩම් කට්ටි දෙකක් ඉඩම් නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ඉකුත් සිකුරාදා (මැයි 19) නිදහස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාධිපතිතුමන් හමුදා ක්‍රීඩා සඳහා විශිෂ්ඨ දායකත්වයක්
ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ
“නිලධාරි” යන නාමයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) කුසලතා අනුපිළිවෙලෙහි “නිලධාරී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ සහභාගිත්වයෙන් 2023 මැයි 29 ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදි.