පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්ධන බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සහ පොලිසියේ සහාය

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අඩාල වූ කොලොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පර්යන්තයේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට  අඟහරුවාදා (28) පස්වරුවේ ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් විසින් සහය ලබා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම,
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා පිටත්ව යාමට පුහුණුවීම්වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ හැකියාවන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම පසුගිය සිකුරාදා (24) දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මාර්තු 28) කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාවන් වෙත එක්සත් ජනපදයෙන් හමුදා උපකරණ

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් සහ සාම සාධක මෙහෙයුම් සඳහා අවශ්‍ය යුද උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සංවිධානය කර තිබූ උත්සවයකදී ඊයේ (මාර්තු 27) ශ්‍රී ලංකා හමුදාවන් වෙත ප්‍රදාන භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මඩකලපුව දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ ගැටළු නිරාකරණයට ජංගම වැඩසටහනක්

රණවිරුවන්ගේ ගැටළු නිරාකරණය කිරිම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා මඩකලපුවේදී පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළ පිරිසිදු කිරීම කාර්යක්‍ෂම කිරීමට නාවික හමුදාව වෙත BTS යන්ත්‍රයක්

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත යාන්ත්‍රික වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් (Beach Tech Sweepy) භාරදීම පසුගියදා (මාර්තු 25) ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ජර්මනියේ බ්‍රෙමන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම අලුත් කරයි

ජෙනරල් සර්  ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ ජර්මනියේ බ්‍රෙමන් විශ්වවිද්‍යාලය  පසුගියදා ඔවුන්ගේ අවබෝධතා ගිවිසුම අලුත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සිකුරාදා (24) දින පස්වරුවේ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක ‌‌දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ සේවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකගේ ඉහල ඇගයීමට

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාවන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් අද (මාර්තු 24) මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී ඉතා ඉහල ඇගයීමට ලක් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දෙස් විදෙස් පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන්
රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමේ

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් දෙස් විදෙස් පරිත්‍යාගීලින්ගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය යුද, නාවික, ගුවන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවා වනිතා ඒකක සභාපතිනියන්ගේ සහභාගීත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන කාර්යාලයේ දී පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන ශූරතාවලිය - 2023 වැලිසරදී පැවැත්විණි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන තරඟාවලිය - 2023 පසුගියදා 12 වන වරටත් කොළඹ සුපර් ක්‍රොස් ධාවන පථය පිහිටි වැලිසරදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පරිසරය සහ එහි අනාගතය කෙරෙහි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලා හදාරන්නන‍්ගේ විශේෂ අවධානය

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලා හදාරන්නන් සඳහා මහාචාර්ය සරත් කොටගම මහතා විසින් පසුගියදා (22) කොළඹ 03, ගාලු පාරේ පිහිටි විද්‍යාල පරිශ්‍රයේදී ආරාධිත දේශනයක් පවත්වන ලදි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ යුද හමුදා සාමාජිකයින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ
දැනුවත් කිරීමේ වැඩසටහනක්

යාපනයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (මාර්තු 19) පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්වූ මෙම වැඩසටහනේදී ‘මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය වලින් වැළකීම’ යන මැයින් දේශන යක් පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලෝක බැංකුවේ ආධාර ඇතුව නවීකරණය කිරීමට
සැලසුම් කරයි - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවාවන් ආර්ථික අංශ රැසකට දැඩි බලපෑමක් ඇති කරන අතර රජය සෑම විටම මෙම අංශයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇත. ආපදාවලට මුහුණදීමට සහ අවම කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලෝක බැංකු ව්‍යාපෘතිය සමග එක්ව නවීකරණය කිරීමට රජය තීරණය කර ඇති බව අද (මාර්තු 23) කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බිම් බෝම්බ ඉවත් කිරීමේ යුද්ධ හමුදා පළමු කාන්තා කණ්ඩායමට
නිල ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රථම කාන්තා කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, යුද හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයේ දී සිය නිල ලාංඡන ලබා ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උපදේශක කණ්ඩායමක් දිවයිනට

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උපදේශක කණ්ඩායම අඟහරුවාදා (21) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ උසස් ඇගයීම් සහ උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භඨ ඛණ්ඩය බී - 1’ සාමසාධක මෙහෙයුම් සඳහා ඇති සූදානම නිරීක්‍ෂණ කරමින් සියලුම සංග්‍රාමික ප්‍රවාහන උපකරණවල (CCE) තාක්‍ෂණික ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් පිළිබද සොයාබැලීමට නියමිතව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් භාරතීපුරම් සිසුන්ට පාසල් උපකරණ

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භටපිරිස් විසින් කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය තවත් මුහුදු කැස්බෑ පැටවුන් මුහුදට මුදා හරියි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 8000 කට වැඩි ප්‍රමාණයක් 2023 වර්ෂයේදී මුහුදට මුදාහැර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා යුධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගය කරයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මාර්තු 21) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉටුකරනු ලබන සේවාවන් ඇගයීමට ලක් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව හමුදා සම්බන්ධතා නිලධාරි වැඩ භාර ගනී

බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයි‌ජී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව හමුදා සම්බන්ධතා නිලධාරි ලෙස අද (මාර්තු 21) සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට පේදුරුතුඩුව ප්‍රජාව එක්වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා මුනායි, පේදුරුතුඩුව, සුපර්මඩම් සහ සක්කොටෙයි වෙරළ ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ග්‍රාමීය පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය බෙදා දෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පෙරියමඩු මුස්ලිම් පාසලේ සහ තච්චන්මරදමඩු රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් සඳහා අභ්‍යාස පොත් සහ පාසල් උපකරන බෙදාදීම පසුගියදා පෙරියමඩු මුස්ලිම් පාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනට තද වැසි අපේක්ෂා කෙරේ

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල ශිෂ්‍ය නිලධාරීන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් අද (මාර්තු 17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණෙන ලදි.