පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ
අභිමානවත් 30 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ අභිමානවත් 30වන සංවත්සරය අදට යෙදී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයිනේ සන්නද්ධ හමුදාවන් හට ශ්‍රී ලංකා හමුදාව ලබාදී ඇති පුහුණුව
නව මාලදිවයින් මහ කොමසාරිස්වරයාගේ‍ පැසසුමට

ශ්‍රී ලංකාවේ හමුදා පුහුණු ආයතන විසින් මාලදිවයින් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සඳහා ලබාදෙන හමුදා පුහුණුව උසස් ප්‍රමිතියෙන් යුතු සහ ගුණාත්මක පුහුණුවක් බව ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ නව මහ කොමසාරිස් වන අතිගරු අලි ෆායිස් මැතිතුමා ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රීටා ජුලියානා මැනෙලා (Rita Giuliana Mannella) මැතිනිය අද (මාර්තු 15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුධ හමුදාව ලේ පරිත්‍යාග කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ බටහිර ආරක්ෂක සේනාව යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටයින් 100 කට අධික පිරිසක් පසුගියදා අවස්ථා දෙකකදී ලේ පරිත්‍යාග කළහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සහ නාවික හමුදා නිලධාරීන් සඳහා ප්‍රති නැව්
පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක පාඨමාලාවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් පිළිබද උපදේශක’ පාඨමාලාව සාර්ථකව හදාරන ලද නිලධාරීන් හට සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා (මාර්තු 10) සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වඩමාරච්චි සිසුන් සහ ගම්වාසීන් සඳහා යුද හමුදාවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක්

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අලියාවලෙයි ලංකා පල්ලිය දෙමළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන්ට සහ වඩමාරච්චි නැඟෙනහිර ගම්වාසීන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගියදා ස්ථාපනය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් සහ යාපනයේ පවුල් දෙකකට හමුදාව විසින් නිවාස ඉදිකරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් යාපනය සහ මුලතිව්හි පවුල් දෙකකට ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කරමින් තැනූ නව නිවාස දෙකක යතුරු නිවැසියන්ට ලබාදීමේ උත්සව පසුගියදා පවත්වනු ලැබිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක්
කොඩ්බේ ධීවර වරාය වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ (කිලෝ මීටර් 100 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධිවරයින් හය දෙනෙක් (06) සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නිරුපද්‍රිතව කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට අද දින (2023 මාර්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රෝහල්වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට
ආසේමු - බටහිර භටපිරිස්වල සහයෝගය

රෝහල්වල සුළු සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩපණවූ අත්‍යවශ්‍ය සෞඛ්‍ය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 සහ 61 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් බදාදා (08) දින සහයෝගය ලබාදුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු පවුල් දෙකක් සදහා කෑගල්ලෙන් ඉඩම් ලබා දෙයි

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ මංගලම ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ට ආසන්න ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද ( මාර්තු 9) දින පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා සරඹ උපදේශකයින් යුධ හමුදාපතිගේ ප්‍රශංසාවට

ජාතික ශිෂ්‍යභට බලකායේ පසුගියදා පැවති ජනාධිපති හා බළකා වර්ණ ප්‍රදානෝත්සවයේදී සරඹ උපදේශකවරුන්ගේ  විශිෂ්ට දායකත්වය අගයමින් ත්‍රිවිධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් වෙත යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ඊයේ (මාර්තු 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නෙදර්ලන්ත තානාපතිනිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතනිය වන අතිගරු බොනී හොබැච් (Bonnie Horbach) මැතිනිය අද (මාර්තු 07) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) බ්‍රහස්පතින්දා (02) දින උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වයි

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ සහයක රදගුරු ගරු ඇන්ටන් රන්ජිත් පිල්ලෙනායගම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සංවිධායක දායකත්වයෙන්, සහ ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු මස 03 සහ අද දින (2023 මාර්තු 04) අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයෙහි උප කුලපති සහ අධ්‍යක්ෂවරුන්ගේ 460 වැනි කමිටු රැස්වීම පවත්වයි

සූරියවැව පිහිටි ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  දක්ෂිණ මණ්ඩපයෙහි දී උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ 460 වැනි කමිටු රැස්වීම ඊයේ (මාර්තු 04) පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට වසර 13ක් සපිරේ

2009 අංක 41 දරන වෙරළාරක්‍ෂක පනත මගින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය අද (මාර්තු 04) සිය 13 වන සංවත්සරය සමරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි.

2023 පෙබරවාරි මස 26 වන දින සිට මාර්තු මස 01 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, A 47 කාණ්ඩය යටතේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) බ්‍රහස්පතින්දා (02) දින උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023 ගුවන් හමුදා පාපැදි සවාරිය, දෙවන දිනයට පිවිසෙයි

වාර්ෂිකව පවත්වනු ලබන, ගුවන් හමුදා පාපැදි සවාරිය බදාදා (මාර්තු 03) උදෑසන කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරම්භක සංඥාවෙන් අනතුරුව ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

දශක හතක සාඩම්බර ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මේ වනවිට ගුවන් හමුදාපතිවරු 17දෙනෙකු විසින් අණදීම සිදුකර ඇති අතර 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ අණදීම සිදු කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව humble Chipmunk සහ de Havilland DC 1 ගුවන් යානා මගින් සිදුකළ ප්‍රථම ගුවන් ගමනේ සිට මේ වනවිට Mig 27s, Kfir C7s, සහ F-7s යානා දක්වා බොහෝ දුරක් පැමිණ ඇත. 70 දශකය වනවිට සාම්ප්‍රදායානුකූල ගුවන් හමුදාවක් ලෙස පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 21වන සියවස වන විට සාර්ථක හා සටන්කාමී නවීන ගුවන් හමුදාවක් බවට පරිවර්තනය වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඩුබායි Grand Prix මළල ක්‍රීඩා තරඟාවලියේ රන් පදක්කමක්
රණවිරු අනිල් ප්‍රසන්න දිනාගනී

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන බළලත් නිලධාරි II අනිල් ප්‍රසන්න ජයලත් T42 කාණ්ඩය නියෝජනය කරමින් 2023 පෙබරවාරි මස 28 වැනි දින ඩුබායි හිදී පැවැත්වූ Grand Prix මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද නව රුසියානු තානාපති අතිගරු  Levan S. Dzhagaryan මැතිතුමා අද (මාර්තු 01)දින ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එක්ව සම්පාදනය කරන ලද “ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලදි.