පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

හොඳම නෞකාව ලෙස නාවික නෞකා සිඳුරළ නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන හොඳම නෞකා තේරීමේ තරඟයේදී 2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ තේරී පත් විය. නාවික හමුදා මාධ්‍ය මූලාශ්‍රවලට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ, ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත සහ පී 414 යන නෞකාවන් පිළිවෙලින් ප්‍රධාන සහ කුඩා,  සහ වේග ප්‍රහාරක යාත්‍රා කාණ්ඩවල ඉහළම දක්‍ෂතා දැක්වූවන් ලෙස නම් කර ඇත. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ තරුණයින් සඳහා වෙරළ වොලිබෝල් පුහුණු සැසියක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ, නැඟෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා වෙරළ වොලිබෝල් පුහුණු සැසියක් පසුගියදා තලයිඩි වෙරළ තීරයේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ නාවික අභ්‍යාසය - 2023 (CONEX - 23) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි අවසන් අභ්‍යාසය අධීක්‍ෂණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිට සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව කටාන ප්‍රදේශයේ ගින්න නිවා දමයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ ගුවන් හමුදා ගිනි නිවන භටයින් විසින් කටාන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඊයේ (පෙබරවාරි 12) හටගත් ගින්න මැඩපවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී මෝර මසුන් සහ වරල් තොගයක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ලබා ගන්නා ලද මෝර මසුන් සහ මෝර වරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු දික්ඕවිට ධීවර වරායේදී ඊයේ (12) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල එළවළු සහ වී අස්වැන්න නෙලීම
ආරම්භ කරයි

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන දිවයින පුරා පිහිටි ගොවිපළවල්වල දැනට මාස කිහිපයකට පෙර වගා කරන ලද මහ කන්නයේ වී අස්වැන්න සහ එළවළු ඵළදාව නෙලීමේ කටයුතු ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2023’ ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එය 2023 පෙබරවාරි මස 13 වන දින දක්වා බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා කාලසීමාවක් ප්‍රකාශයට පත්කිරීම

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් (බලපත්‍රයක්) නොමැතිව ලඟ තබාගෙන සිටින සියළුම බලපත්‍ර රහිත තුවක්කු රජයට භාරදීම සඳහා 2023 පෙබරවාරි මස 06 වන දිනැති අංක 2318/02 දරණ ගැසට් පත්‍රය මඟින් 2023.02.06 සිට 2023.03.15 දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති: ශ්‍රී ලංකා හමුදාවන්ට අඛණ්ඩ පුහුණු සහාය ලබා දෙන බවට පාකිස්තානයෙන් ප්‍රතිඥා

පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza, NI) අද (පෙබ 10) ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ ප්‍රධානත්වයෙන්

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව දිවයිනේ දිස්ත්‍රික් මට්ටමෙන් රණවිරුවන් වෙත ගොස් ඔවුන්ගේ ගැටළු සොයා බලා ඒ සඳහා එකම ස්ථානයකදී පිළිතුරු සැපයීමේ ජංගම වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන පසුගියදා බදුල්ල මහ නගර සභා ශාලාවේදී  සාර්ථකව පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසරණ අයවළුන්ට යුද හමුදාවෙන් උපකාර

උතුරු පළාතේ උදයාර්කට්ටු ප්‍රදේශයේ සිසුන් පිරිසකට නව සපත්තු පිරිනැමීමේ වැඩසටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සාමාජිකයින් පසුගියදා (පෙබ 05) පවත්වන ලදි. 68 වන සේනාංකයට අයත් 682 පාබල බලසේනාවේ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් වල මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අත්තනගලු ඔයේ අවහිරය හමුදා සහයෙන් ඉවත් කෙරේ

මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ බැම්මට ඉහලින් පිහිටි ගස් කඩා වැටීම හේතුවෙන් අතු, කොළ සහ පස් රැඳීමෙන් ජලය ගලා බැසීම අවහිර වී තිබූ ඔයේ එම අවහිරය අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් විසින් ඉවත් කිරීමට කටයුතු කරන ලදි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවතම ආරක්‍ෂක වර්ධනයන් හඳුනාගැනීම සඳහා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය වේදිකාවක් සකසයි - ආරක්‍ෂක ලේකම්

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ සහ ආරක්‍ෂක අධ්‍යයනයන් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයට ජාතික ආරක්‍ෂක ප්‍රවේශයන් සහ නවතම ආරක්‍ෂක වර්ධනයන් සැකසීමට මඟ පෑදී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික නිදහස් පාපැදි සවාරියේ ජයග්‍රහණය යුද හමුදාවට

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව පසුගියදා සංවිධානය කරන ලද 75 වැනි ජාතික නිදහස් දින පාපැදි සවාරියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා පාපැදිකරුවන් විසින් හිමිකර ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල උපාධි අධ්‍යයන පීඨයට
විද්‍යුත් පුස්තකාලයක්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පසුගියදා උපාධි අධ්‍යයන පීඨ පරිශ්‍රයේ විද්‍යුත් පුස්තකාලයක් (e-Library) ආරම්භ කරන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තවත් මුහුදු කැස්බෑ පැටවුන්
මුහුදට මුදා හැරේ

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මිරිස්ස සහ බලපිටිය ප්‍රදේශවලින් මුහුදු කැස්බෑ පැටවුන් 140 කට අධික ප්‍රමාණයක් මුහුදට මුදා හරින ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශෝක පණිවිඩය

තුර්කියේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ  භූමිකම්පාවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාවේ


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශෝක පණිවිඩය

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාවේ සියලුම සාමාජිකයින් පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් (විශ්‍රාමික) පර්වේස් මුෂාරෆ්ගේ අභාවය පිළිබඳව සිය


පසුගිය පුවත් | පසුගිය පුවත්

75 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “නමෝ නමෝ මාතා සියවසට පියවරක්” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිදහස් දින පෙළපාලිය ආරක්‍ෂක අමාත්‍යාංශ‌යේ පැසසුමට

ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුම “නමෝ නමෝ මාතා සියවසට පියවරක්” යන තේමාව යටතේ අද (පෙබ 04) දින කොළඹ ගාලුමුවදොර පිටියේදී ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානය විදහා දක්වමින් සාර්ථකව පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව වන සඳහා තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමස් අද (පෙබ 3)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නේපාල ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාවේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රාම් චන්ද්‍ර කට්රි අද (පෙබ 3) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයිවරි කෝස්ට් තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

අයිවරි කෝස්ට් තානාපති අතිගරු Eric Camille N'dry මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ 03) කොළඹ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආහාර සුරක්‍ෂිතතාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා වැදගත් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

අද ශ්‍රී ලංකා රජය අප රටේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා විශේෂ අවධානයක් යොමු කරන අතර එහිදී  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා තීරණාත්මක බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.