පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නිදහස් දින පණිවිඩය

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංගලාදේශ සහ නේපාල විදේශ අමාත්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණේ

බංගලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් අද (පෙබ‍රවාරි 02) දිවයිනට පැමිණෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞදි අරාබි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Staff Brig. Gen. (Dr.) Mohammad Essa H Alhrbi  මහතා අද (පෙබ 02) ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැළැස්ම

75 වන ජාතික නිදහස් දින පෙලපාලිය සහ එහි පෙරහුරු වැඩසටහන්වලට සමගාමීව කොලඹ ගාලු මුවදොර හා ඒ අවට ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සහ භාවිතා කළ හැකි විකල්ප මාර්ග පහත දැක්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිදහස් දින පෙරහුරු කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්‍ෂණයට

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබරවාරි 02) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේදී ජාතික නිදහස් දින පෙළපාලියේ පෙරහුරු කටයුතු අධීක්‍ෂණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භට පිරිස් වේරගම වෙල්යායේ ගින්න නිවා දමයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සිටින හමුදා භට පිරිස්, කළුතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් එක්ව වේරගම වෙල්යායක හටගත් ගින්න පැතිරීම පාලනය කිරීමට ක්‍රියාකර ඇත


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු දූ දරුවන් වෙත රැකියා අවස්ථා ලබාදීමට ජාතික වැඩපිළිවෙලක්

දේශිය හා විදේශිය වශයෙන් වෘත්තීය නිපුණතාවයෙන් යුතු රණවිරු තරුණ ප්‍රජාවක් බිහිකිරීම අරමුණු කොට ගෙන රණවිරු සේවා අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කිරීමට අපේක්ෂා කරනු ලබන ජාතික වැඩසටහන් මාලාවක සැලසුම් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභාවේ දී පසුගිය දා පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකියි – ජනපති

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (National Authority for Implementation of the Chemical Weapons Convention - NACWC) අධ්‍යක්‍ෂවරයා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ 2023 ජනවාරි මස 27 වන දින සිට පත් කිරීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ රැසකට තද වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (ජනවාරි 31) තද වැසි අපේක්‍ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සාමාජිකයින් සඳහා සහන මිලට සිමෙන්ති ලබාදීමට INSEE සිමෙන්ති සමාගම සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා සහන මිලකට සිමෙන්ති ලබාදීමට INSEE සිමෙන්ති සමාගම ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ අද (ජනවාරි 30) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පිළිගනී

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පසුගියදා සංවිධානය කරන ලද චාම් උත්සවයකදී විශ්වවිද්‍යාලයීය කුලපති ධූරයෙන් නික්ම යන ජෙනරල් ජෙරාඩ් හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික) වෙත සමුදීම සහ නව කුලපති ලෙස පත්වූ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) පිළිගැනීම සිදුකරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෙල්ල කතරගම ජනතාවට නාවික හමුදාවෙන් ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

සෙල්ල කතරගම ප්‍රදේශයේ පවුල් 450 කට පමණ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකරන ලදී.   


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ප්‍රදේශයේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක රණවිරුවන් අනුස්මරණය කරයි

වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (26) දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ

අනුරාධපුර සඳහිරු සෑයේ නව පරිපාලන ගොඩනැගිල්ල ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් අද (ජනවාරි 28) විවෘත කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වෛද්‍ය කණ්ඩායමක්

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ (පෙබරවාරි 2) දින සිට සේවය කිරීමට යන 9 වැනි වෛද්‍ය කණ්ඩායම වෙත ඉකුත් බදාදා (ජනවාරි 25) එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා පිටත්ව යාමට පෙර වේරහැර ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩාංගණයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සුභ පැතුම් එක් කලහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට
ජනපතිගෙන් උපදෙස්

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය (CARAT–2023) සාර්ථකව නිමාවට පත් වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2023 ජනවාරි මස 19 වන දින සිට 2023 ජනවාරි මස 25 වන දින දක්වා කොළඹ, ත්‍රීකුණාමලය සහ ‍මුල්ලිකුලම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු අතර, එය 2023 ජනවාරි මස 26 වන දින සාර්ථකව නිමාවට පත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නියාමන බලතල සහිතව
තවදුරටත් ශක්තිමත් කෙරේ - ආරක්‍ෂක ලේකම්

යෝජිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත බලාත්මක කිරීමත් සමඟ ඉදිරි වර්ෂයේදී ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ තවදුරටත් නියාමන බලතල සහිතව ශක්තිමත් කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂක ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ජනවාරි 25) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේදී පසුගිය සඳුදා (23) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සක්‍රීයව දායක වෙමින් ඒ වෙනුවෙන් සිය රුධිර සංචිතයන් ලබා දුන්හ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නන්දිකඩාල් පාසල් සිසුන්ට යුද හමුදාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක්

මාන්තෛ, නන්දිකඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 652 වන බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ගේ අවශ්‍යතාවයක්ව පැවති බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක් ඉදිකර පසුගිය බදාදා (18) දින සිසු අයිතියට පවරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

CARAT - 2023 අභ්‍යාසයේ මුහුදු අදියර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වේ

CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව 2023 ජනවාරි මස 21 වන දින ‍කොළඹ වරායෙන් පිටත් වූ අතර, එම නෞකා මීගමුවට ඔබ්බෙන් වූ බටහිර නාවික විධාන මුහුදු තීරයේදී 2023 ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හීදී නාවික අභ්‍යාස රැසක් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ අවසන් වසර ව්‍යාපෘති ප්‍රදර්ශනය

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද අවසන් වසර ව්‍යාපෘති ප්‍රදර්ශනය පසුගියදා ඉංජිනේරු පීඨයේදී පැවැත්විණි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ මානුෂිය
ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් පවත්වයි

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාස (Marine Exercise - MAREX) 2023 ජනවාරි මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලඝණය, ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය,