පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රදැල්ලේදී අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා යුද හමුදා සහාය

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් 41 දෙනෙකු, ගුරුවරුන් 8 දෙනෙකු සහ එම සිසුන්ගේ දෙමාපියන් රැගත් බස් රථයක් ඉකුත් සිකුරාදා (20) දින සවස 7.00 ට පමණ නුවරඑළිය - හැටන් මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වී එම බස් රථය අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඇති අතර අනතුරට පත් මගීන් මුදාගැනීමේ කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් යුහුසුළුව කටයුතු කළහ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් USS Anchorage ඇමෙරිකානු නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජනවාරි 20) කොළඹ වරායේ දී එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාවේ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්ෂ ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා අද (ජනවාරි 20) ආරක්‍ෂක  අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගාල්ල ඓතිහාසික නගර සභා ගොඩනැගිල්ල යුද හමුදාව විසින්
ප්‍රතිසංස්කරණය කරයි

ඓතිහාසික වටිනාකමකින් යුත් ගාලු නගර සභා ශාලා ගොඩනැගිල්ල යුද හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කර අදාල බලධාරීන් වෙත පවරාදීම පසුගියදා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතා අයිතියට පත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වන අදියර අම්පාරෙන් අවසන් වේ

ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වැනි අදියර සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද ජල ව්‍යාපෘතියක් පසුගියදා (ජනවාරි 18) අම්පාර ගෝනගොල්ල මායාදුන්න විද්‍යාලයේ දී සිසු අයිතියට පත් කරන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අපගේ සාතිශය සංවේගය

ශ්‍රී ලාංකීය ප්‍රවීන කාන්තා චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම  සිංහල සිනමාවේ කිවිඳිය ලෙස ප්‍රචලිත සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් එතුමියගේ පවුලේ ඥාතීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව CARAT – 2023 සඳහා සහභාගීවීමට කොළඹ වරායට සේන්දු වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මියගිය රණවිරුවන් වෙනුවෙන් සැමරුම් ස්මාරකයක්

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය රණවිරු සංසද සාමාජිකයන්ගේ සංවිධානයෙන්  දෙහිඅත්තකණ්ඩිය ඔරලෝසු කනුව අසල ඉදි කිරිමට නියමිත රණවිරු  ස්මාරකයට  මුල් ගල් තැබිම ඊයේ (ජනවාරි 18) සුභ මොහොතින් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ක්‍රියාත්මක පුහුණු පාඨමාලාවන් රණවිරුවන් සඳහා නොමිලේ හැදෑරිමේ අවස්ථාවක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දිවයින පුරා විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ක්‍රියාවට නංවා තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලාවන් නොමිලේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව රණවිරුවන් වෙත ලබා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ ගැබිනි කාන්තාවන් වෙත වියළි සලාක ලබාදේ

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්  විසින් යාපනය කොඩිකාමම්, උඩුප්පිඩ්ඩි සහ වලෙයි ප්‍රදේශවල පදිංචි තෝරාගත් ගර්භනී කාන්තාවන් සඳහා වියළි සලාක ලබාදීමේ වැඩසටහනක් පසුගියදා (ජනවාරි 14) සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බීඩි කොළ කිලෝ 2,467ක් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට

බීඩි කොළ කිලෝ 2,467 ක් සමඟ ඩිංගි බෝට්ටු තුනක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද (ජනවාරි 18) හලාවත තොඩුවාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදු තීරයේදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට
සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (ජනවාරි 17) අමාත්‍යාංශයේදී සංවිධානය කරන ලදි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

කර්නල් නලින් හේරත් ගේ නවතම කෘතිය ජනාධිපතිතුමන් වෙත පිරිනැමේ

කර්නල් නලින් හේරත් විසින් රචිත “STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” නම් නවතම කෘතිය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පළාත් කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ

අද (ජනවාරි 17) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ පළාත් කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ. අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රථම කාන්තා ජාත්‍යන්තර මල්ලවපොර විනිසුරුවරිය
ශ්‍රී ලංකා ගුවන් හමුදවෙන්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ  ප්‍රථම ජාත්‍යන්තර මල්ලවපොර තීරකවරිය,  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් පියුමි ලක්ෂිකා පසුගියදා කාම්බෝජයේ පැවති ජාත්‍යන්තර මල්ලවපොර තීරක I මට්ටමේ ඔලිම්පික් III කාණ්ඩයේ තරඟාවලියට සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) ත්‍රිකුණාමල වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තෛපොංගල් දින පණිවිඩය

ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශීංසන එක් කරන්නේ මහත් සතුටිනි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

අපි මුළු ලෝකයේම මිතුරන් මිස කිසිවකුගේ සතුරන් නොවේ - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ගෝලීය භූ දේශපාලනික අවශ්‍යතාවල නවතම වර්ධනයන් හමුවේ දූපත් රාජ්‍යයක් ලෙස අපගේ අරමුණු යළි නිර්වචනය කිරීම අත්‍යවශ්‍ය වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතී. සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරන අතර ඵය ජාතික සහ මානව ආරක්‍ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා මාර්ග විවෘත කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අතිගරු කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (ජනවාරි 12) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ ක්‍රිකට් ක්‍රීඩිකාවකට යුද හමුදාවෙන් නව නිවසක්

වයස 19 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ සාමාජිකාවක් වන යාපනයේ චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙල්වරාසා කිරිස්ටිගා මෙනෙවියට ජාතික මට්ටමේ මෑත කාලීන ජයග්‍රහණ අගයමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නව නිවසක් ඉදිකර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාතලේ දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ජංගම වැඩසටහනක්

2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (ජනවාරි 10) දින පවත්වන ලදී.