පසුගිය පුවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුධ හමුදාව යාල ප්‍රදේශයේ පැළ 60,000 ක වනරෝපණ වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් යාල අභය භූමිය තුළ හෙක්ටයාර් 600 ක් ආවරණය වන පරිදි පැළ 60,000 ක් රෝපණය කරමින් ජාතික වන වගා වැඩසටහනක් දියත් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා හෙද සභාව විසින් පිළිගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය හෙද උපාධිය

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන හෙද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ලංකා හෙද සභාව විසින් පිළිගැනීමට ලක් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023 සඳහා නැවුම් බලාපොරොත්තු සමගින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වැඩ අරඹයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න අද (ජනවාරි 5) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කළාය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ

16 වන අතිඋතුම් බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සහ උන්වහන්සේ විසින් ඉටු කරන ලද උතුම් සේවයට ගෞරවයක් වශයෙන් අද (ජනවාරි 05) සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර,



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය වන “ https://disastermin.gov.lk” ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) කොළඹ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී එළිදැක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එ‌රෙහිව තදබල පහරක් එල්ල කර තිබෙනවා - ආරක්‍ෂක ලේකම්

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව ගෙන ඇති ඵලදායී ක්‍රියාමාර්ග මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දැඩි පහරක් එල්ල කර ඇති බවත් මෙවැනි වැළැක්වීමේ ක්‍රියාමාර්ග මගින් සමාජයට විශාල බලපෑමක් ඇති කර ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.   


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවෙන් කුඹුරුපිඩ්ඩි ගම්මානයට නව ප්‍රතිආශ්‍රැත
ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා නව ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා ඉදිකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය

නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි


පසුගිය පුවත් | පසුගිය පුවත්

අභිනවයෙන් පත් නාවික හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවේ

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (දෙසැම්බර් 30) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලි රාජ්‍යයේ හි සාම සාධක රාජකාරින් හි නියුතු ශ්‍රී ලාංකික භට පිරිස් ඇගයේ

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා ඇති 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ යුද හමුදා භට පිරිස් වෙත පසුගියදා ‘හමුදාධිපති ප්‍රශංසා’ සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක්
නිපදවීමට නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අවබෝධතා ගිවිසුමක්‍ අත්සන් කිරීම 2022 දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් උසස් පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ යුද හමුදා සාමාජිකයින්ගේ දූ දරුවන් පිරිසකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා යුද හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුධිර සංචිත නංවාලීම සඳහා හමුදා නිලධාරින් රුධිරය පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා 72 වන සංවත්සරයට සමගාමීව ඊයේ (දෙසැ 27) වැලිසර නාවික හමුදා මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවහිර වූ ගම්පොළ හෙම්මාතගම මාර්ගය යුද හමුදාව විසින්
යථා තත්ත්වයට පත් කරයි

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පොල සහ හෙම්මාතගම මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් පසුගිය ඉරිදා (දෙසැ 25) සවස එහි ගමනාගමනයට බාධා ඇතිවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරියෙන් සුව සායන වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරිය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන "හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහන් මාලාවේ තවත් අධියරක් පසුගියදා මාතලේ අලුවිහාරය විහාරස්ථානයේ දී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2004 සුනාමියෙන් විපතට පත්වූවන් සිහි කෙරේ

2004 වසරේදී 35,000කට අධික පිරිසක් මරුමුවට පත් කරමින් මුළු රටම කම්පනයට පත් කළ සුනාමි ව්‍යසනය සිදුවී 18 වැනි වසර සනිටුහන් කරමින් ‘ජාතික සුරක්‍ෂිතා දින’ උත්සවය අද (දෙසැ 26) පෙරවරු 8.45 ට පමණ ගාල්ල තෙල්වත්තේ පැරෑලිය සුනාමි ස්මාරකය අභියස පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ නත්තල් දින පණිවිඩය

සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් ජාතික ශිෂ්‍යභට බලකායේ ප්‍රගතිය සොයා බලයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (දෙසැම්බර් 23) පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ජෙනරාල් කෝට්ටේගොඩ පත් කෙරේ

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ජෙනරල් එස්.එච්.එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සති අන්තයේ දී කාලගුණය අයහපත් වන ලකුණු

පවතින වැසි සහ සුළං තත්ත්වය සති අන්තයේ දී (දෙසැම්බර් 24 සහ 25) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩි වීමක් අපේක්‍ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල
නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියානු පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂ ඉන්ද්‍රික රත්වත්තේ ප්‍රමුඛ නියෝජිත පිරිසක් අද (දෙසැම්බර් 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.