පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

අනතුරකට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවේ සහාය

රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ දේහය බදුල්ල මහ රෝහලේ සිට ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ඊයේ (ඔක්තෝබර් 31) කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් බීජ බෝම්බ හෙළයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්තේගම, කැබිලිත්ත රජයේ රක්ෂිතයට බීජ බෝම්බ ලක්ෂයක් (100,000) පමණ පසුගියදා (ඔක්තෝබර් 29) හෙළන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිං ගඟේ සිරවී ඇති සුන්බුන් නාවික හමුදාවෙන් ඉවත් කෙරේ

ගිං ගඟේ අගලිය, වක්වැල්ල සහ දොඩංගොඩ යන පාලම් යට සිරවී තිබූ සුන්බුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ඉවත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂකයින් විසින් රුසියානු යුවලක් බේරාගනී

මිරිස්ස වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔක්තෝම්බර් 29 වන දින සිදු කරන ලද මෙහෙයුමක් මගින් මුහුදේ ගිලීමට ගිය විදේශීය යුවළක් බේරාගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්ට පොපි මලක් පළඳවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝබර් 28) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවූ අතර එහිදී සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් ආරක්‍ෂක ලේකම්හට පොපි මලක් පළඳවන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා පොදු සමාකාලයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරියේ වැඩකටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්ෂණයට

රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද (ඔක්තෝබර් මස 28 ) පැමිණි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න රණවිරු සේවා අධිකාරියේ වර්තමාන කටයුතු අධීක්‍ෂණය කල අතර සහ ප්‍රගති සමාලෝචනයකටද එක් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 7 වැනි අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන අද (ඔක් 28) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාබනික පොහොර යොදා යුද හමුදාවෙන් වගාකරන ලද වී අස්වනු නෙලීම සිදුකෙරේ

3 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද වී අස්වැන්න නෙළා ගැනීම පසුගියදා සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව
එක්ව කටයුතු කරනු ලබයි - ආරක්‍ෂක ලේකම්

විවිධ ජාතීන් එකට ජිවත් වන අප රටේ ජාතීන් අතර සාමකාමීව, සහජීවනයෙන්, එකමුතුකමින් ජීවත්විය හැකි ක්‍රියාදාමයක අවශ්‍යතාව ඉතිහාසයේ කිසිම කාලයකටත් වඩා වර්තමානය දැඩිවම දැනෙන යුගයක් වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගියදා පැවති ‘DefExpo 2022’ ට සමගාමීව ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු මුණ ගැසුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 02 ක් කොළඹ වරායට සේන්දු වෙයි

Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (2022 ඔක්තෝබර් 25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් මිහිඳු මහා සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමාලෝචනය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ඔක් 23) අනුරාධපුර මිහින්තලා විහාරස්ථානයේ සංචාරයක නිරත වෙමින් ‘මිහිඳු මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කටයුතු සමාලෝචනය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑ මළුවේ ‘ඝාණ්ඨාරය’ විවෘත කෙරේ

සඳහිරු සෑය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ගාමක බලවේගය වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අනුරාධපුර විහාරස්‌ථානයට පැමිණ ආගමික ආශිර්වාද මධ්‍යයේ අභිනවයෙන් ඉදිකරන ලද ඝණ්ඨාරය බැතිමතුන් වෙත ඊයේ (ඔක්‌තෝබර් 22) පවරා දුන්නේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් සංවිධානයෙන් යාපනය ප්‍රදේශයේ වොලිබෝල් තරඟාවලියක්

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත යාපනයේ සිවිල් වැසියන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතා වැඩි දියුණු කිරීමේ අදහසින්, 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලද අන්තර් ග්‍රාම නිලධාරී කොට්ඨාශ වොලිබෝල් තරඟාවලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හතක වොලිබෝල් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 15-16 දිනයන්හිදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගාලුමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව‌ට අයත් සුරක්‍ෂා නෞකාව විසින් ඔක්‌තෝබර් මස 21 වැනිදාට යෙදී තිබූ සිය 5 වැනි සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  පසුගියදා ගාලුමුවදොර තීරයේ දී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර තොගයක්

නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් ඇරඹේ

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2022/2023 ඊයේ (ඔක් 19) පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (ඔක්තෝබර් 19) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් වැසියන්ගේ ආරක්‍ෂණ පාඨමාලාව - 2022 සාර්ථකව අවසන්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලබාදෙන කුකුළේගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2022 ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීම සම්බන්ධ පාඨමාලාව - 2022 පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි - ආරක්‍ෂක රාජ්‍ය ඇමති

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව සඳහා ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්‍ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනය හා නායයාම් පිළිබද අනතුරු ඇගවීම

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන්


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා යට වූ මවගේ සහ පුතුගේ මළ සිරුරු සොයා ගැනේ

611 වන බලසේනාවේ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීම නිසා එම නිවැසියන් බේරා ගැනීමට සිදුකරනු ලැබූ මෙහෙයුමකින් පසුව නිවසේ සිරවී සිටි මවගේ සහ පුතුගේ මළ සිරුරු සෙනසුරාදා (15) දින සොයාගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘දරිද්‍රතාවයේ සිට සමෘද්ධිය දක්වා’ කෘතිය එළිදැක්වේ

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 14) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති, ‘දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.