පසුගිය පුවත්
යුද්ධයේදී ආබාධිත වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරු යැපෙන්නන් වෙත
සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීම සබැඳිවයි
ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින අයවළුන් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ගෙන යන අතර, අදාල දීමනාව නුදුරේදීම ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.
ත්‍රිවිධ හමුදා සේවා සාමාජිකයින් හට වෘත්තීය පරිසාධක මට්ටම්
සහතික පත්‍ර ප්‍රධානෝත්සවයක්
ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මුලස්ථාන ඉදිකිරිම් ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා වෘත්තීය සාමාජිකයින් 519 ක් වෙත වෘත්තීය පරිසාධක මට්ටම් 3 සහ 4 (NVQ Level 3 and 4) සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 30 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.
මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ
නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි
නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි අද (ජුනි 05) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ගුවන් හමුදාවෙන් මහරගම අපේක්‍ෂා රෝහලට විශේෂ පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම 'අපේක්‍ෂා රෝහල' වෙත රුපියල් ලක්ෂ 15ක් වටිනා විශේෂ පරිත්‍යාගයක් පසුගියදා සිදුකළේය.
නිරිතදිග මෝසම් වැසි ආරම්භ වේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.
‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ අනුරාධපුර මහ රෝහලට
රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි
රටේ යුද්ධය පැවති සමයේ එවකට යුද පෙරමුණේ දී බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා උදාර සේවයක් ලබා දුන් හමුදාවට සුවය දෙන නිවහනක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් තමන්ද දෙවරක් ප්‍රතිකාර ලබා ගත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සිහිපත් කරන ලදි.
ශෝක පණිවිඩය
ඉන්දියාවේ ඔඩිෂා හි සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ශෝකය ප්‍රකාශ කරයි.
උත්කර්ෂවත් පොසොන් භක්ති ගීත සඳහිරු සෑය අභියස
දේශයේ උදාරතර හමුදා රණවිරුවන්හට ඉහළම උපහාර පිරිනැමීම උත්තමාචාරය පිරිනමමින් විශේෂ ‘පොසොන් භක්ති ගීත’ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑ පරිශ්‍රයේදී ඊයේ (ජුනි 03) සවස පැවැත්විණි.
විස්තීරණ පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
පස්දින නිල සංචාරයක් සඳහා මැයි 31 දින දිවයිනට පැමිණි විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා ඊයේ සවස (ජුනි 02) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ජනාධිපතිතුමාගේ පොසොන් පණිවිඩය
මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිතය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝය.
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීම් මධ්‍යස්ථාන නිලධාරීන් කණ්ඩායමක්
කැනඩාවේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට
නුදුරේදී කැනඩාවේ පැවැත්වෙන පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහනකට (Training of Trainers) සහභාගීවීමට නියමිත ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීම් මධ්‍යස්ථාන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග හමුවිය.
නික්ම යන බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි
කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී කරන ලද කර්නල් පෝල් ක්ලේටන් සිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමුගැනීම සනිටුහන් කරමින් අද (මැයි 31) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි
රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක
නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් තුමන්ගෙන්
රණවිරු කොඩියට දායකත්වයක්
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ස් රුවන්චන්ද්‍ර මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින සිදුකරන ලදි.
යුද්ධ හමුදාව භාවිත කළ මුලතිව් ප්‍රදේශයේ තවත් ඉඩම් නිදහස් කෙරේ
ආරක්‍ෂක අංශ විසින් භාවිත කරන ලද ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවති ඉඩම් අක්කර 8.178 ක ඉඩම් කට්ටි දෙකක් ඉඩම් නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ඉකුත් සිකුරාදා (මැයි 19) නිදහස් කරන ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් හමුදා ක්‍රීඩා සඳහා විශිෂ්ඨ දායකත්වයක්
ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ
“නිලධාරි” යන නාමයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) කුසලතා අනුපිළිවෙලෙහි “නිලධාරී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ සහභාගිත්වයෙන් 2023 මැයි 29 ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදි.
ශෝක පණිවිඩය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධකරණය පිළිබඳ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජයන්ත ධනපාල මැතිතුමාගේ අභාවය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ශෝකය ප්‍රකාශ කරයි.
රණවිරු කොඩිය සඳහා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා සහ වරාය අධිකාරියේ සභාපති දායකත්වය දක්වයි
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ගරු. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ද බර්නාඩ් මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින (29) සිදුකරන ලදි.
යුද හමුදාව විසින් පොළොන්නරුවේ ඩෙංගු මර්දන වැඩසටහනක්
පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන පාබල සේනාංකයට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 234 වන පාබල බලසේනාවේ භඨ පිරිස් විසින් පොළොන්නරුව සහ තදාසන්න ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.
රෝගී වූ ධීවරයෙකු රැගෙන ඒමට නාවික හමුදාවේ නෞකාවක්
ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී රෝගාතුර වූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (මැයි 26) ගොඩබිමට රැගෙන එනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍යතුමන්ගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්
රණවිරු කොඩියට දායකත්වයක්
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ වැඩසටහනෙහි රණවිරු කොඩි අලෙවියෙහි තවත් එක් අවස්ථාවක් ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා වෙත හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දිනයේ සිදුකරන ලදි.
ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
රණවිරුවෙකු සදහා නව නිවසක්
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් සමීපතම මිතුරකුගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීමක් වශයෙන් කොළඹ 07 හි පදිංචි හේමාල් මුණසිංහ සහ සරෝජනී මුණසිංහ යන මහත්ම මහත්මීන් විසින් රුපියල් ලක්ෂ 15ක තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිවසක් නොමැති යුද්ධයේදී තුවාල ලබා සිටින රණවිරුවෙක් වෙත සෙවණක් ලබාදෙන්නට අනුග්‍රාහකත්වය දක්වන ලදී.