ජාතික ශිෂ්‍යභට බලකායේ සංවර්ධනය කටයුතු සඳහා රුපියල් මිලියන 5ක ආධාරයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් බදාදා (දෙසැම්බර් 21) ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබාදෙන ලදි.
මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ 111 බලසේනාවේ යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා මහනුවර ශ්‍රී සංඝරාජ මාවතේ තෙමහල් නිවසක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
අයහපත් කාලගුණය හේතුවෙන් රාජකීය තායි නාවික හමුදාවේ HTMS Sukhothai නෞකාවට සිදුවූ ව්‍යසනය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ශෝකය ප්‍රකාශ කරයි.
අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (දෙසැම්බර් 19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
2022 දෙසැම්බර් මස 09 සහ 10 දෙදින ඉන්දියාවේ උඩුපි නගරයේ පැවති ශ්‍රී ලංකා - ඉන්දීය ප්‍රවීණයන්ගේ විවෘත මළල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වූහ.
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අද (දෙසැම්බර් 19) විවෘත කරන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ (කිලෝමීටර් 424 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 4586 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 128 ග්‍රෑම් 327 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි බවට සැකකෙරෙන තවත් බහුදින ධිවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2022 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද (2022 දෙසැම්බර් 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට 2022 දෙසැම්බර් මස 17 වන දින රාත්‍රියේ අනවසරයෙන් පැමිණ ඇති අතර, එම මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මියන්මාර් ජාතිකයන් 104 ක් නිරුපද්‍රිතව මුදාගැනීමට අද (2022 දෙසැම්බර් 18) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයා ලෙස අද (18) පත් කර තිබේ.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදා සේනාධිනායක වශයෙන් ඇති බලතල ප්‍රකාරව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදී.
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කීර්තිමත් ලේඛක ජේ.එෆ්. රංජිත් පෙරේරා විසින් රචිත ‘Prabhakaran’s Ruthless Terrorism in the Guise of a Liberation’ විද්‍යුත් ග්‍රන්ථය (E-Book) එළිදැක්වීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 15) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (12) කොළඹ මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදු ප්‍රදේශයේදී පෙරළී ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු බේරාගෙන ඇත.
ශිෂ්‍යභටයින් සැම විටම තම උසස් බව රැකගෙන ජයග්‍රහණය සහ පරාජය යහපත් මනසින් බාර ගැනීමට හැකි විය යුතු බව ආරක්‍ෂක සේවා විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩවල දස්කම් අගයමින් ආරක්‍ෂක ලේකම් කියා සිටියේ ය.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් අද (දෙසැම්බර් 14) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් අද (දෙසැම්බර් 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
.ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ධානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත කොල්ලකාරච්චි ග්‍රාමසේවා වසමේ සෙල්ලිපුරම් ගම්මානයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත ඉදිකරදුන් නව නිවස ඉකුත් සෙනසුරාදා (03) දින එම නිවාසලාභී පවුල වෙත ප්‍රදානය කරනු ලැබූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 46ක් පමණ (කිලෝ මීටර් 85ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුනික තත්වය හේතුවෙන් පෙරලීමෙන් ආපදාවට පත් ධීවර යාත්‍රාවක දින හතරක් සිරවී සිටි ධීවරයෙකු ඇතුළුව ධිවරයින් සිව් දෙනෙක් (04) නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, ප්‍රතිකාර සඳහා කල්මුණේ මූලික රෝහල වෙත යොමු කිරීමට අද (2022 දෙසැම්බර් මස 11) කටයුතු කරන ලදී.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
සීමාසහිත රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ‘සේවා අභිනන්දන’ ප්‍රණාම සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රදානත්වයෙන් අද (දෙසැම්බර් 09) බත්තරමුල්ල සුහුරුපායෙදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අද (දෙසැම්බර් 09) සමරයි. නාවික හමුදාව රට තුළ සාමයේ අරුණලු උදා කිරීම සඳහා ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙසින් හදුන්වනු ලැබේ.
පිලිපීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රොලන්ඩෝ පී ගෝමස් (Rolando P Gomez) අද (දෙසැම්බර් 09) බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.