බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය සහ අන්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පාකිස්ථානය සහතික විය.
ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම මගින් ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සේවාව තවදුරටත් විධිමත් කරනු ඇත.
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ඉතා කඩිනමින් පිහිටුවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට ඊයේ පොරොන්දු වී ඇත.
දිගු කලක් තිස්සේ පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නාරහේන්පිට පොලිස් රෝහලට අමතර රුධිර කාන්දු පෙරන පහසුකම් සහ ප්‍රමාණවත් වෛද්‍ය සහ සුළු කාර්ය මණ්ඩලයක් ලබාදෙනු ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ (ICTA) අධීක්‍ෂයණ හා කළමනාකරණය යටතේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT) හරහා ඒකාබද්ධ පද්ධතියක් යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
විනයගරුක හා නීතිගරුක පුරවැසියන් බිහිකරනු පිණිස පාසල් ශිෂ්‍යභට ව්‍යාපාරය ජනප්‍රිය කරවීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවැසීය.
ඵලදායී උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ පාලනය කිරීමට කැපවන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පොලිසියෙන් ඉල්ලා සිටියේය.
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රා) කමල් ගුණරත්න මහතා විසින් මේ වන විට ඉදිකරමින් පවතින මෙරට සිව්වන විශාලතම ස්ථුපය වන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ඉදිකිරීමට කටයුතු භාර ආරක්ෂක අංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ නොමඟ ගිය තරුණ තරුණියන් රැඩිකල් අදහස් වලින් වෙනස් කිරීමේ අරමුණින් නිසි වැඩපිළිවෙළක් නිසි බලධාරියෙකු යටතේ ක්‍රියාත්මක කර ඔවුන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 14) පැවසීය.
ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න තම දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් විමසිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි අතර, මේ සදහා විශේෂයෙන් පිහිටුවන ලද නීතිය බලාත්මක කිරීමේ ඒකකවල සහාය ඇතිව එය මර්දනය කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව පැවසීය.
පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාවේ නාමයෙන් ජාතික ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නොසළකා හැරි බවත් නමුත් වර්තමාන රජය සුරක්ෂිත හා සාමකාමී ජාතියක් නිර්මාණය කර ඇති බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසිය.
නෝර්වේ තානාපති ට්‍රීනි ජෝනාලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal) අද (ජනවාරි 08) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමු විය.
පරිසරය සංරක්ෂණය කිරීම සඳහා රජය ගෙන ඇති පියවරට සහාය දැක්වීමේ අරමුණින් හේලීස් සමාගම යටතේ ක්‍රියාත්මක වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීපීඑල්සී) සමාගම රබර් අත්වැසුම් පොලිස් පරිසර ආරක්ෂණ අංශය වෙත ලබාදීමේ උත්සවය අද දින ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (07) කොළඹ 03 කොල්ලුපිටියේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රාජකාරි කටයුතු පිළිබඳව නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.
එක්සත් ජාතීන්ගේ තානාපති ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න අද (ජනවාරි 02) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව් ආර් පලිහක්කාර පත් කර ඇත.
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ මිත්‍රත්වය වැඩිදියුණු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සයිරි අමිරානි ඉල්ලා සිටියේය.
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ (SERRIC) නියෝජිතයින් පිරිසක් අද (ජනවාරි 01) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
රජයේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ විනයගරුක සහ නීතිගරුක පුද්ගලයින් සිටින රටක් බිහිකිරීම බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
සේවය අවසන් කර යලි සිය රට බලා යන තුර්කි තානාපති ටුන්කා ඔසුහාඩා මහතා (Tunca Ozcuhadar) සඳුදා (දෙසැම්බර් 30) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්වූ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පිරිස් මහතා අද (දෙසැම්බර් 24) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ආයෝජකයින්ගේ විශ්වාසය සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඉන්දියානු නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං අද (දෙසැම්බර් 19) දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
ශ්‍රී ලංකා රුසියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි ශ්කෝදා (Colonel Denis I.Shkoda) මහතා අද (දෙසැම්බර් 18) දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.