අනාගතයේ දී සියලු ප්‍රජාවන්ට සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත්වීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් ආදියෙන් තොර සමාජයක් ඇතිකරන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.
පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ , අධිකරණ නියෝගයක් මත සහ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි ලෙස බලාත්මක කරන ලද නිරෝධායන නීතියේ විධිවිධාන යටතේ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
රට තුල කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට සහාය දක්වමින් ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරන කාර්යභාරය ජපාන රජය විසින් පැසසුමට ලක් කර තිබේ.
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීමෙන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශේෂඥතාවය සනාථ කර ඇති බවයි.
රට තුල උද්ගතවී තිබෙන COVID-19 හා සම්බන්ධ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි සතිය තුළදී සම්පූර්ණ වසා දැමීමක් (lockdown) ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා සංචාරයන් සීමා කර ගෘහස්ථව සිටින්න
මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම පිණිස කොරෝනා වෛරසය (COVID-19) පැතිරීම වැලක්විම සඳහා ජනතාවගේ එක් රැස් විම් හා ගමන් බිමන් සීමා කරමින් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
කොරෝනා වෛරසය COVID - 19 අවම කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන් පිළිබඳව ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීම සඳහා සයිබර් අවකාශය භාවිතා කරමින් මහජනතාව නොමඟ යන ප්‍රකාශ නොකරන ලෙස කටකතා පතුරවන්නන්ට දැඩි ලෙස අනතුරු අඟවමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ තම නිවාස තුල රැදී සිටීමෙන්, සෞඛ්‍ය හා ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් පිළිපැදීමෙන් මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට සහාය ලබා දෙන ලෙසයි.
කොරෝනා වෛරස තර්ජනය පාලනය කිරීම සඳහා සැබෑ ශ්‍රී ලාංකිකත්වය මුසු වූ නිර්භීතභාවය හා කැපවීම ප්‍රදර්ශනය කරමින් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ ඕනෑම ආපදා තත්වයකදී පළමු ප්‍රතිචාර දක්වන්නේ හමුදාව බවයි.
මිලියන 21.4ක් වන ශ්‍රී ලාංකික ජනතාව COVID - 19 වෛරසයෙන් ආරක්ෂා කිරීමට රජය පූර්ණ වශයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (මාර්තු 13) දින පැවසීය.
රණවිරුවන් රැකබලා ගැනීමට කැපවී සිටින රජය, සටනේදී දිවිපිදු හා ආබාධිත තත්වයට පත් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හා දීමනා වල විෂමතා විසඳීම සඳහා පවත්නා විධිවිධාන නව කැබිනට් පත්‍රිකාවක් මඟින් සංශෝධනය කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
රැඩිකල්කරනය වීම, ත්‍රස්තවාදය යලි ඉස්මතු වීම, බෙදුම්වාදය, ආගමික අන්තවාදය, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම හා වැඩ වර්ජන වැනි අභ්‍යන්තර කැළඹීම් ප්‍රධාන අභියෝගයන් වන අතර රජය, රටේ ජාතික අරක්ෂාව තහවුරු කිරීම සඳහා හොඳ සුදානමක් හා අවධානයකින් පසුවන වන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේය.
මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයින් 200,000 කට අධික පිරිසකට ඔවුන් වෙත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් වට්ටම් ලබා දීම පිණිස ‘විරුසර වරප්‍රසාද කාඩ්පත’ (VPCs) නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මියගිය හා ආබාධිත සොල්දාදුවන්ගේ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සැලසුම්කර ඇති ‘විරුසුමිතුරු’ නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි.
මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින අතර එම බෙදුම්වාදී මතවාදයන් පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
250 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය (සීඅයිඩී) විසින් කරගෙන යනු ලබන විමර්ශණ වල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශවල පසුවිපරම් යටතේ සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්‍ෂ්ප කරයි.
රට තුළ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා විනයගරුක හා වෘත්තීයමය පොලිස් බලකායක අවශ්‍යතාවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේය.
ප්‍රචණ්ඩකාරී, මූලධර්මවාදී අන්තවාදයට විරුද්ධ ඒකාබද්ධ සටනේදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි.
දකුණු ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම්. අස්රෆ් හයිධරි මහතා පොරොන්දු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වය යටතේ ඉදිරියේදී රටේ සාමය අස්ථාවර කිරීමට ත්‍රස්තවාදයට කිසිසේත් ඉඩ නොතබන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.
රණවිරුවන් සහ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් සේවා සැපයීම දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීම දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බව පවසයි.
හමුදාමය සබඳතා ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් වැඩි පුහුණු අවස්ථා ලබා දෙන අතරම රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීමට ඊශ්‍රායලය කැමැත්තෙන් සිටී.
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඉන්දියාවේ ආරාධනයකට අනුව ලක්නව් නුවර 11 වන ‘DEFEXPO-2020’ සඳහා සහභාගී වීම සදහා ඉන්දියාවට ගිය අතර ඉකුත් බදාදා (පෙබරවාරි 5) දින ආරම්භවූ ප්‍රදර්ශණය සදහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී විය.
කලාපය තුළ සාමය හා ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව පැවසූ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා සහාය දෙන බවට ද ප්‍රතිඥා දුන්නේය.
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL) අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පත්කර තිබේ.