ආරක්ෂක පුවත්
යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වැඩ භාර ගනී
යුද හමුදා මූලස්ථානයේ 57 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ගැමුණු හේවා බළඇණියේ මේජර් ජෙනරාල් සෙනරත් බන්ඩාර ඊයේ (ජනවාරි 18) දින වැඩ භාර ගත්තේය.
නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, අද (ජනවාරි 15) දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාපති : වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් අද දින (ජූලි 15) සිට බලපැවැත්වෙන පරිදි වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබූ වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න 24 වන ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත්කර තිබේ.
ජාතිය COVID-19 න් ආරක්ෂා කිරීම සඳහා සොල්දාදුවන් නිරෝගීව සිටිය යුතුය - යුද හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් සිල්වා
ජාතිය සුවපත් කිරීම සඳහා සොල්දාදුවන් නිරෝගීව සිටිය යුතු බවත් COVID-19 සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු පූර්වෝපායයන් අනුගමනය කළ යුතු බවත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු දිනයන්හිදී එක්රැස්විම්වලින් සහ ගමන් බිමන් වල යෙදීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී
අලුතෙන් වාර්තා වූ රෝගීන් 9 දෙනෙකු ඇතුළුව සම්පූර්ණ තහවුරු කරන ලද COVID-19 අසාදිත රෝගීන් අද දක්වා 50 දක්වා ඉහළ යාමත් සමග, වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවාඩු දිනවල විනෝද චාරිකා සහ වන්දනා චාරිකා වලට සහභාගී වීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වහාම පොලිසියේ ලියාපදිංචි වන ලෙස නිරෝධායන ක්‍රියාවලිය මගහැර ගිය ශ්‍රී ලාංකික මගීන්ගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී
මාර්තු 1 සිට 15 දක්වා එක්සත් රාජධානිය, ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව ඇතුළු යුරෝපීය රටවලින් පැමිණි සියලුම ශ්‍රී ලාංකිකයින් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙස හෝ පොලිසියට දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.
COVID-19 පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කටකතා පතුරවන්නන්ට එරෙහිව ආරක්‍ෂක අමාත්‍යාංශය නීතිමය පියවර ගනී
කොරෝනා වෛරසය පිළිබඳව කටකතා පතුරවන හා නොමඟ යවන තොරතුරු පළ කරන සමාජ මාධ්‍ය ජාල සහ වෙනත් ඩිජිටල් මාධ්‍ය වෙබ් අඩවි හරහා පළකරන අයවළුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉන්දියාවේ පැවති ‘DEFEXPO-2020’ ප්‍රදර්ශනයේදී ආරක්ෂක ලේකම් ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඉන්දියාවේ ආරාධනයකට අනුව ලක්නව් නුවර 11 වන ‘DEFEXPO-2020’ සඳහා සහභාගී වීම සදහා ඉන්දියාවට ගිය අතර ඉකුත් බදාදා (පෙබරවාරි 5) දින ආරම්භවූ ප්‍රදර්ශණය සදහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී විය.
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී දෙරටෙහි දිගුකාලීන බැඳීම් සවිමත් කරමින් හෙට දින (03) මෙරටෙහි සංචාරයක
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ශ්‍රී ලංකා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත හෙට (3) දින පස්දින සංචාරයක් සඳහා දිවයිනට සම්ප්‍රාප්ත වීමට නියමිතය.
පිලිපීන නාවික හමුදා නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ
පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ ‘Remon Alcaraz’ සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ ‘Davao Delsur’ යන නෞකාවන් දෙක දින තුනක සුහද සංචාරයක් සදහා අද (ජනවාරි 26) දින කොළඹ වරායට ළගා විය
සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
නිවාඩු නොමැතිව සේවය අතහැරගොස් සිටින සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සතියක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙහිදී ඔවුන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට හෝ මවු රට වෙනුවෙන් තවදුරටත් සේවයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදී ඇත.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2020 ජනවාරි මස 01 දින සිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2019 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්විය.
රුසියානු බිම්බෝම්බ විශේෂඥයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ මෙහෙයුම් පිළිබඳ දැනුවත් වෙයි
රුසියානු සන්නද්ධ හමුදාවේ ඉංජිනේරු ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යූරි ස්ටාවිට්ස්කි (Lieutenant General Iurri Stavitskii) ගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියානු දූත පිරිස දිවයිනේ සිදුකළ සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් තම ධුරයෙහි වැඩ භාර ගනී
ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් අද දින (නොවැම්බර් 29) උදෑසන සුබ මොහොතින් නව අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදි.
පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (නොවැම්බර් 29) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය අද දින (නොවැම්බර් 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙහෙයුම් අධ්‍යක්ෂක මිවා කාටෝ මහත්මියගේ (Ms. Miwa Kato) ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (නොවැම්බර් 27) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
7 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ඉරිදා (1) දින ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කිරිමට නියමිතය.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකා අධ්‍යක්ෂක ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා අද (නොවැම්බර් 26) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ඉන්දියානු නාවික නෞකාවක් දිවයිනට පැමිණේ
ඉන්දියානු නාවික හමුදාවේ ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා සදුදා දින (නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට ලගා විය. නාවික හමුදා මාධ්‍යට අනුව ත්‍රිකුණාමල වරාය වෙත ළගා වූ සංචාරක ඉන්දියානු නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් අද (නොවැම්බර් 25) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා අද (නොවැම්බර් 22) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් වෙයි
ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 21) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සාර්ථකව අවසන් විය.