ආරක්ෂක පුවත්
කිලිනොච්චි ප්‍රදේශයේ යුද හමුදා හමුදා භටපිරිස් විසින් ආගමික ස්ථාන පිරිසිදු කිරීමට වැඩසටහන්
ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලන්කාවිල් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ කාරියලනගපඩ්ඩුවාන් අන්තෝනියාර් පල්ලිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
ශ්‍රී ලංකා නාවික නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන අභ්‍යාසයට (SLINEX 2019) සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. නාවික හමුදා නිල වෙබ් අඩවියට අනුව ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකා දෙක නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ ත්‍රීකුණාමල වරායෙන් පිටත් විය.
දියකාවා යුද අභ්‍යාසය - 2019 පළමු අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි
පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 03) දින මින්නේරියේදී ආරම්භ වූ ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර යුද අභ්‍යාසය(FTX), ‘දියකාවා යුද අභ්‍යාසය 2019’ නැගෙනහිර කලාපය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී.යුද හමුදා මාධ්‍යට අනුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි නැවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් විසින් බදාදා දින (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමලය වරායේ ඇෂ්රොෆ් ජැටියේ දී මෙහෙයුමක් සිදුකරන ලදී.
ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන පොලිස් දිනය සමරයි
ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන ‘පොලිස් දිනය’ සැප්තැම්බර් 03 (2019) වන දින සමරන ලදී.
පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (සැප්තැම්බර් 04) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරම් වැළැක්වීමේ නියෝජිත කණ්ඩායම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි (Major General Craig Furini) මහතා ඇතුළු ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිත කණ්ඩායමක් පුද්ගල ජාවාරම් සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා සැප්තැම්බර් 03 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව එළබෙන සතියේ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ලබන සතියේ (සැප්තැම්බර් 11 සහ 12) පැවැත්වීමට නියමිතව ඇත.
දියකාවා යුද අභ්‍යාසය අදියර 10 - 2019 ආරම්භ වේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” අද (සැප්තැම්බර් 03) මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේදී ආරම්භ විය.
නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි
නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි
නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
විපතට පත්ව සිටි ඉන්දියානු ධීවරයින්ට නාවික හමුදාවේ සහාය
උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක සිටි නැවියන් විසින් යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට පත්වී තිබු ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දියානු ධීවරයින් සිව් දෙනෙකු ඉරිදා දින (සැප්තැම්බර් 01) නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.
මධ්‍යම අප්‍රිකා ජනරජයේ සාම සාධක රාජකාරියේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් විසින් සිවිල් සුභසාධන වැඩසටහන් සිදු කරයි
මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම (Multidimensional Integrated Stabilization Mission in the Central African Republic) පසුගිය මාසයේදී සිවිල් ජනතාව සහ ආරක්ෂක අංශ අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් සමාජ සුභසාධන ක්‍රියාකාරකම් සහ ඖෂධ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් කිහිපයක් සිදු කර ඇත.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායෙන් උතුරේ ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් පවත්වයි
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් පසුගිය සතියේ යාපනය දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයක ජීවිතාරක්ෂක දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම් මත “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කයේ වැඩසටහන් මාලාව පවත්වා ඇති බව වෙරළාරක්‍ෂක බලකා මාධ්‍ය වාර්තා කරයි.
විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (සැප්තැම්බර් 01) පැවති 35 වන විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.
09 වන
අඛණ්ඩව 9 වන වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දෙදිනක පුර පවත්වන ලද බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) දින අරම්භ වූ යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම ආරක්‍ෂක සම්මන්ත්‍රණය වන "කොළඹ ආරක්ෂක සමුළුව" සිකුරාදා (අගෝස්තු 30) දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත්විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් යාපනයේදී
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් 2019 අගෝස්තු 23 වන දින සිට 26 දින දක්වා යාපනයේ සහ එහි දූපත් ආශ්‍රිතව පැවැත්විණි.
ආරක්ෂක ලේකම් “කොළඹ ආරක්ෂක සමුළුව - 2019” හි ආරම්භය සනිටුහන් කරයි
9 වන “කොළඹ ආරක්ෂක සමුළුව - 2019” අද (අගෝස්තු 29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. අද පෙරවරුවේ ආරම්භ වූ සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රුසියානු දූත පිරිස ආරක්‍ෂක ලේකම් හමුවෙයි
රුසියානු විද්‍යාඥ ආචාර්ය Evegeny Usachev ඇතුළු රුසියානු නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අගහරුවාදා (අගෝස්තු 27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය
සැම්බියානු ආරක්‍ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සැම්බියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීපන් සිමුසන්දු (Brigadier General Stephen SIMUSANDU) මහතා අගහරුවාදා (අගෝ 27) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
දියකාවා යුද අභ්‍යාසය අදියර - 10 එළෙඹන සතියේ සිට ආරම්භ වේ
යුද හමුදා මාධ්‍යට අනුව අඛණ්ඩව මෙම වර්ෂයේ 10 වන වරට පැවැත්වීමට සැලසුම් කර ඇති අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකා සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායන් අතර නවදිල්ලියේ දී ඉහළ මට්ටමේ රැස්වීමක්
ඉන්දියානු වෙරළාරක්‍ෂක බළකාය (ICG) සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකාය (SLCG) අතර සිව්වන වරට පවත්වන ලද වාර්ෂික ඉහළ පෙළ රැස්වීම පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි.
“ 9 වන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය” බ්‍රහස්පතින්දා ආරම්භ වේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණය වන “කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019” බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) දින ආරම්භ වේ. අඛණ්ඩව 9 වන වරටත් දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.
නාවික හමුදා නෞකාවන් විදේශීය පුහුණු මෙහෙයුමක් සඳහා පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් පුහුණු මෙහෙයුම් සඳහා බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන් බලා මෙරටින් පිටත්ව ගියහ.
මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී පත් කර ඇත. යුද හමුදා මාධ්‍යයට අනුව ඔහු යුද හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී වේ.