ආරක්ෂක පුවත්
හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකෙරේ, ආරක්‍ෂක ලේකම්
මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පවරා ඇති බලතලවලට අනුකූලව, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා පොලීසියට සහාය වීම සඳහා ආරක්ෂක හමුදාවන් යොදා ගැනේ.
නව යුද්ධ හමුදාධිපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි
නව යුද හමුදාධිපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර් ඩබ්ලිව්පී, ආර්එස්පී, පීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී අද (අගෝස්තු 21) දින කොළඹ යුධ හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයේදී සිය ධූරයෙහි රාජකාරි නිල වශයෙන් භාර ගන්නා ලදී.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම
ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.
හිටපු යුද හමුදාපති නිල උසස් වීම් ලබයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කර නික්ම යන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 2019 අගෝස්තු 17 දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.
ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.
ආරක්ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් අක්කර 23.5 ක් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ
කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් පුළුල් කරමින් කිළිනොච්චි ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හි රජයේ බලපත්‍රලාභීන් සතු ගොඩනැගිලි ද ඇතුළුව අක්කර 23.5 ක භූමි භාගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින කෙටි උත්සවයකදි නිදහස් කරන ලදි.
නවසීලන්ත මහ කොමසාරිස්වරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි
නවසීලන්ත මහ කොමසාරිස්වරිය වන ජොආනා කෙම්ප්කර්ස් (H E Mrs. Joanna Kempkers) මහත්මිය අද (අගෝස්තු 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
විශේෂ ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේ මහනුවර ඇසල පෙරහැර සාර්ථකව පැවැත්වේ
සඳුදා (අගෝස්තු 05) දින ආරම්භ වූ වාර්ෂික ඇසල පෙරහැර අද (07) වීදි සංචාරය කරන තෙවන දිනයයි. ආරක්‍ෂක මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් ත්‍රිවිධ හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවා ඇති අතර දැඩි ආරක්‍ෂක විධිවිධානයන් ක්‍රියාත්මක වේ.
කොළඹ ආරක්ෂක සමුළුව - 2019 අගෝස්තු මස අවසානයේදී
කොළඹ ආරක්ෂක සමුළුව - 2019 මේ මස (අගෝස්තු) අවසානයේ කොළඹදී පැවැත්වීමට නියමිතය. යුද හමුදා නිල වෙබ්අඩවියට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දෙදින ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව 29 වන දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ වන අතර 30 වන දින සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.