සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

“ජාතික රණවිරු සැමරුම -2022” අභිමානවත්ව සැමරීම සඳහා මූලික සැලසුම් සකස් කෙරේ

රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ජාතික රණවිරු සැමරුම -2022" අභිමානවත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද දින රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.



සිදුවීම් | සිදුවීම්

උතුරු මැද පළාතේ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

උතුරු මැද පළාතෙහි තෝරාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම පසු ගියදා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතනයේ දී සිදුවිය.


සිදුවීම් | සිදුවීම්

රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රදානයේ තවත් අදියරක්

කලුතර දිස්ත්‍රික්කයේ ඊ.එස්.ආර්. සාගර සිල්වා රණවිරුවා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ එච්.ඒ.ඩබ්ලිව් ද සිල්වා රණවිරුවා සහ ජී.ඩී. පුෂ්පකුමාර රණවිරුවා හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( පෙබරවාරි 14 ) දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.


සිදුවීම් | සිදුවීම්

රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රදානයේ තවත් අදියරක් සෙන්කඩගල දී

මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක්, කෘතිම පාද, ඇස් කණ්නාඩි යූවල් සහ ආබාධිත සහයක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ ( පෙබරවාරි 09 ) දින මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු කදවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

 

 

 

 

 

 

 


සිදුවීම් | සිදුවීම්

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක් සහ සහායක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 09) දින රත්නපුර කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන කඳවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල විශ්වවිද්‍යාල නව හෙද උපාධි අපේක්ෂකයින්
සිය ප්‍රතිඥාව ලබාදෙයි

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක 35 සහ 36 ට අයත් හෙද උපාධි අපේක්ෂකයින් ප්‍රතිඥා ලබාදීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ජනවාරි 04) වේරහැර පිහිටි සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ දී සිදු කෙරිනි.


සිදුවීම් | සිදුවීම්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 2022 වසරේ රාජකාරී කටයුතු අරඹයි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 03 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 2022 වසර සඳහා රාජකාරී ආරම්භ කරන ලදී.
 


සිදුවීම් | සිදුවීම්

රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික ක්‍රියාකාරී සැලස්ම සඳහා වැඩමුළුවක්

රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන අංශ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 27 වන සදුදා රණවිරු සේවා අධිකාරියේ දී සංවිධානය කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපතිට

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල එම සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පලඳන ලදි.


සිදුවීම් | සිදුවීම්

අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර තවදුරටත් ඉදිරියට

මහාබෝධි සමාගමේ ශ්‍රී ලංකාවේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අති පුජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුග්‍රහය යටතේ බුදු දහම ඉගැන්වීම් ප්‍රචාරය කිරීමේ අරමුණින් හෝමාගම විමලඥාන විහාරස්ථානයේ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා ඊයේ (ජනවාරි 21) දින මුල්ගල තබන ලදී.