නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂාව තහවුරු කිරීමට
ආරක්‍ෂක ලේකම්වරයාගෙන් උපදෙස්

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අද (අප්‍රේල් 17) දින විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දළදා ප්‍රදර්ශනය සඳහා වන පෙර සූදානම
ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරික්‍ෂණයට

ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය මූලික කටයුතු වල සූදානම පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (අප්‍රේල් 16) මහනුවර  වෙත පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුබපැතුම් පණිවිඩය

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්‍ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුභ අලුත් අවුරුද්දක් වේවා ...!

උදා වු සිංහල  දෙමළ අලුත් අවුරුද්ද සැමට සාමය, සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්‍ෂිත කිරීම සඳහා  ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක - 106 - හඳුන්වා දී ඇති අතර, ඒ මගින් සෘජුව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම
මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට

පසුගියදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් සැලකිය යුතු දේපල හානි සහ පුද්ගල අවතැන්වීම් වාර්තා වූ මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂිත මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම සිය අඛණ්ඩ සහාය තවදුරටක් දක්වමින් කටයුතු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී
සිය ධූරයේ වැඩ භාර ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ඒ කේ ඩී අධිකාරී අද (අප්‍රේල් 09) දින එළඹි සුභ මොහොතින් සිය නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වේ

"Clean Sri Lanka" ව්‍යාපෘතිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල මාණ්ඩලික නොවන නිලධාරීන් දැනුවත් කිරීමේ සහ ඊට අදාලව ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර ඊයේ (අප්‍රේල් 08) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2025 – 2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැළැස්ම දියත්කිරීමේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය එක් වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ "2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැළැස්ම දියත්කිරීමේ උත්සවය", අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 09) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් අමාත්‍යංශ කාර්යමණ්ඩලයට වියළි සලාක ඇසුරුම් පිරිනමයි

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ හා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු සුළු සේවක මහත්ම මහත්මින් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 9) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Paul Stephens මැතිතුමා පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 8) දින කොළඹ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරටින් මියන්මාරය වෙත ගිය සහන සේවා කණ්ඩායම
සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි

ගිණිකොනදිග ආසියාතික රටවලට පසුගියදා බලපෑ භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියන්මාර රාජ්‍යයේ ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ආපදා සහන සේවා සැලසීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායමක් මේ වනවිට මියන්මාරයේ ස්ථානගත කොට ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය INS Sahyadri නෞකාවේ මෙරට සංචාරය ඔස්සේ ඉන්දු - ශ්‍රී ලංකා
ආරක්‍ෂක සහයෝගීතාව යළි අවධාරණය කෙරේ

"ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට නිළ සංචාරය මෙරට ඉතිහාසයේ විශේෂ වැදගත් දිනයක් වශයෙන් සනිටුහන් කෙරෙන අතර, එමගින් දෙරට අතර පවත්නා ඓතිහාසික, සංස්කෘතික සහ උපායමාර්ගික සබඳතා අවධාරණය කරනු ලබයි. තවද, සමෘද්ධිමත් සහ සුරක්‍ෂිත ඉන්දියානු සාගර කලාපයක් සඳහා වන දෙරටේ නායකයින්ගේ පොදු දැක්ම මේ ඔස්සේ තහවුරු වේ."


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා ආපදා සහන කණ්ඩායම සහ මානුෂීය ආධාර
මියන්මාරය වෙත ළඟා වේ

පසුගියදා මියන්මාර රාජ්‍යයේ ඇති වූ භූමිකම්පාවෙන් ආපදාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් වෛද්‍ය සහ විශේෂ සහන සේවා කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 05) දින මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම විශේෂ ත්‍රිවිධ හමුදා කණ්ඩායම, වෛද්‍ය සැපයුම් හා මානුෂීය ආධාර තොගයක් ද සමඟින් ඊයේ (අප්‍රේල් 05) දින දිවයිනෙන් පිටත් වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක්
මියන්මාරය බලා පිටත් වේ

පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (අප්‍රේල් 05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 03 වැනි දින සිදු කෙරුණූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය දායක විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංග්‍රාමික ඉංජිනේරු සම්මන්ත්‍රණය - 2025 හි ප්‍රධාන දේශනය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරයි

වේගවත් තාක්‍ෂණික වෙනස්වීම්, පරිණාමය වෙමින් පවතින තර්ජන සහ සංකීර්ණ ගෝලීය අභියෝග මගින් අර්ථ දක්වා ඇති යුගයක, අනුවර්තනය වීමේ හැකියාව විකල්පයක් පමණක් නොව එය අවශ්‍යතාවයකි.’ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (අප්‍රේල් 3) දින කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණය අමතමින් මෙසේ ප්‍රකාශ කරන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

‘ඉන්දියානු සාගරයේ උපායමාර්ගීක පිහිටීම නිසා ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ජාතික ආරක්‍ෂාව සහ සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය තුල සමුද්‍රීය ආරක්‍ෂක උපාය මාර්ගය වැදගත්ම අංගය ලෙස සැලකේ.’


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකා දෙකක්
සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ Bungo සහ Etajima යන නෞකාවන් නිල සංචාරයක් සඳහා ඊයේ(අප්‍රේල් 1)දින කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකාවන් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

''ඊද් මුබාරක්''

අපගේ සියලුම මුස්ලිම් සහෝදර සහෝදිරියන්ට ප්‍රීතිමත් 'ඊද් උල් ෆිතර්' වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයවැය තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගියදා (මාර්තු 21) අනුමත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 26) අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ඉදිරි දැක්ම සහ ජාතික ප්‍රතිපත්තිය සමඟ සමපාත වන අයුරින් අයවැය ක්‍රියාත්මක කිරීම පෙළගැස්වීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රාජිත ප්‍රේමතිලක පසුගියදා (මාර්තු 27) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සිය කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 27) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය
ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods පසුගිය අඟහරුවාදා (මාර්තු 25) කොළඹ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ජනරජයේ 54 වන නිදහස් සංවත්සරය සහ
ජාතික දින සැමරුම් උත්සවය පැවැත්වේ

බංග්ලාදේශ ජනරජයේ 54 වන නිදහස් සංවත්සරය සහ ජාතික දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධායකත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 26) දින කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.