නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වැඩ භාර ගනී

ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර (ජුනි 1) යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති නිල උත්සවයකදී වැඩ භාර ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මකයි

වර්ෂාවත් සමග ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන කණ්ඩායම් රැසක් යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදාපති ධුරයට

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද හමුදාපති ලෙස පත් කෙරේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරේ

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැසි සහිත කාලගුණය තවදුරටත්

අද (මැයි 31) දින කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය සඳහා පැවතිය හැකිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ ආයෝජකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක්

ආයෝජකයින් ඇතුලු විදේශකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන “ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” හඳුන්වාදීමේ වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 30) බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද සමයේදී කාන්තා බළකායේ සේවය ප්‍රශංසනීයයි - ආරක්‍ෂක ලේකම්

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සෙබළියන් අපරිමිත කැපකිරීම් කරමින් රට වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් මියගිය එක්සත් ජාතීන්ගේ
සාම සාධක භටයන් සිහිකරයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ජාත්‍යන්තර දිනය වන අද, මැයි 29, සාමය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලාංකිකයන් 11 දෙනා ඇතුළු සියලුම එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන්ට උපහාරය පුද කිරීමට මම කැමැත්තෙමි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවේ යුපුන් අබේකෝන් නව ජාතික සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවයි

ජර්මනියේ පැවති ජර්මානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 විවෘත ඉසව්ව පසුගිය බ්‍රහස්පතින්දා (26) පැවති අතර එහිදී තත්පර 10.06 කින් නිමා කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් සමත් විය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම සහ ආරුගම්බේ කලපු ප්‍රදේශවල කඩොලාන රෝපණ වැඩසටහනක් දියත් කරන ලද අතර එහිදී නාවික හමුදා සාමාජිකයින් විසින් අවස්ථා දෙකකදී කඩොලාන පැළ විශාල ප්‍රමාණයක් සිටුවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා බෝට්ටු මගින් සිසුන් විභාග මධ්‍යස්ථානවලට

·    ගංවතුරින් විපතට පත්වුවන්ට සහය වීමට නාවික හමුදාව සුදානමින්


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරින් විපතට පත් අ.පො.ස (සා.පෙළ) සිසුන් 156 දෙනෙකුට යුද හමුදාව පහසුකම් සපයයි

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් අද (24) උදෑසන ගංවතුරින් විපතට පත් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘස් මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස (සා.පෙළ) සිසුන් 156 දෙනෙකු වහාම ඉවත් කර, ඔවුන්ට නැවත විභාගය ආරම්භ කිරීම සඳහා පාසලේ ආරක්ෂිත ස්ථානයක් කඩිනමින් සකස් කර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රළු මුහුදු කාලගුණයක් සහ මිලිමීටර් 50 ට අධික වර්ෂාපතනයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස සංක්‍රමණයවීමට ගත් උත්සාහයක් නාවික හමුදාව ව්‍යර්ථ කරයි

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 67 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා භට පිරිස් 100ක්

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් සියදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 23) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම විහාර මහා දේවී උද්‍යානයේදී

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් සිවිල් ජනතාව සඳහා කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනේ සිව්වන අදියරය සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම පරිදි පසුගියදා විහාර මහා දේවී උද්‍යානයේ දී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී පාද මළුවේ සිට නල්ලතන්නිය දක්වා පුජනීය වස්තූන් වැඩම කරවීම යුද හමුදා දායකත්වයෙන්

ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් සම්ප්‍රදායානුකූලව පෙරහැරකින් නල්ලතන්නිය වෙත වැඩම කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ මුලිකත්වයෙන් උතුරු වෙරළේ
කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ආශ්‍රිත වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2022 මැයි 20) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තවත් කැස්බෑ පැටවුන් නිදහස් කරයි

වෙරළාරක්ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර මගින් කැස්බෑ පැටවුන් 283දෙනක් නිදහස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් මඩකළපුව මුහුදේදී සහ කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විජයග්‍රාහී දිනයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසකට නිල උසස්වීම්

විජයග්‍රාහී දිනයට සමගාමීව, අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් යුද හමුදා නිලධාරීන් 396 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 74 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් 450 දෙනෙකු මීළඟ නිලයට උසස් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික රණවිරු සැමරුම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

13 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම සන්නද්ධ හමුදා සේනාධිනායක හා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (මැයි 19) දින උදෑසන අභිමානවත්ව හා ඉතා චාම් අයුරින් පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපති තුමන් හා සන්නද්ධ හමුදා සේනාධිනායක තුමන්ගේ රණවිරු දින පණිවුඩය

මාතෘ භූමියේ නිදහසත්, භෞමික අඛණ්ඩතාවත් රැක දුන් වීරෝදාර රණවිරුවා කුමන තත්ත්වයක් අබිමුව වුව ද අපට අමතක නො වේ. ඒ ඔවුන්ගේ කැපකිරීම්වල ජීව ගුණයට අප සදා ගරු කරන බැවිනි. එහෙයින් මෙවර ද ජාතික රණවිරු දිනය අප සමරන්නේ රණවිරුවා ජාතික අභිලාෂයන් වෙනුවෙන් කළ අපරිමිත පරිත්‍යාගයන් සිහිපත් කරමිනි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සාමාජිකයන්ගෙන් රෝගීන් සඳහා ලේ දන්දීමක්

ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා භට පිරිස් ඔවුන්ගේ ප්‍රජා සේවා ව්‍යාපෘතිවල කොටසක් ලෙස ලේ දන්දීමේ ව්‍යාපාර මාලාවක් සංවිධානය කරන ලදි.