ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා ඇතුළු නියෝජිත පිරිසක් අද (21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) හමුවිය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයෙහි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හී නිරතව සිටින භටපිරිස් අතර සුහදත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ක්‍රීඩා උළෙල අගෝස්තු මස 18 දින සිට 19 දින දක්වා පැවැත්විණි.
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාව විසින් සැප්තැම්බර් 17 වන දින සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි දිවයින වටා වෙරළ තීරයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරී පත් වූ යාපනයේ චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ක්‍රිස්ටිගා සෙල්වරාසාගේ පවුලට නව නිවසක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වශයෙන් http://alt.army.lk/doo/ වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය බ්‍රහස්පතන්දා (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී සිදු කරන ලදි.
‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනයන්හී දී ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකයේ දී හා සැන්ඩි බේ මුහුදු තීරයේදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරු යායේ වී අස්වනු නෙලීමේ ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අද (16) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරනු ලැබූ අතර, එම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා අද (සැප් 16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (සැප් 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ජාතියේ රණවිරුවන්ට උපහාර දැක්වීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී දිවිපිදූ මහේෂ් පද්මකුමාර රණවිරුවාගේ බිරිඳ වන ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඩී.ඩී සමන්ති කුමාරි ප්‍රනාන්දු මහත්මිය වෙත පර්චස් 10.20 ක ඉඩමක් රණවිරු සේවා අධිකාරිය විසින් පසුගියදා පරිත්‍යාග කරන ලදී.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ රුධිර සංචිත පවත්වා ගැනීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 සැප්තැම්බර් 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්පුර ගුවන් හමුදා රෝහලේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා ආරම්භ කරන ලදී.
යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා සංවිධානය කරන ලද සුහද පාපන්දු තරඟයක් යාපනය යොවුන් කණ්ඩායම සහ කඩෙයිකාඩු යොවුන් කණ්ඩායම අතර කඩෙයිකාඩු පාපන්දු පිටියේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා පුල්මුඩේ මූලික රෝහලේදී පැවැත්වූ අතර එහිදී ප්‍රදේශයේ වෙසෙන දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 125 කට අධික පිරිසකට කණ්ණාඩි ප්‍රදානය කිරීම සිදුවිය.
නවතමයෙන් පත්වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (සැප් 12) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
මඩකලපුව / මෑන් වෙස්ට් පාවත්කොඩිච්චේන විනයගර් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සහ තාක්ෂණික දායකත්වය පසුගියදා ලබා දුන්නේය.
බිම් බෝම්බ ඉවත් කරන්නන් 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට ප්‍රවීණතා සහතික ප්‍රදානය කිරීම බ්‍රහස්පතින්දා (සැප් 08) දින යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ කැලණි ගං ඉවුර දෙපස වැලි කොට්ට විශාල ප්‍රමාණයක් ඇතිරීමෙන් සිදුවීමට තිබූ ගංවතුර හානිය වළක්වා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් පසුගියදා කටයුතු කරන ලදී.
යුද හමුදා භට පිරිස් විසින් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස තල්ලඩි සිට මන්නාරම පාලම දක්වා කලපු තීරය පිරිසිදු කිරීමට පසුගියදා ශ්‍රමදානයක් සංවිධානය කරන ලදී.
තායිලන්තයේ පතායා හි පැවති විවෘත රෝදපුටු ටෙනිස් ද්විත්ව ශූරතාවලියේ (ITF 2) විවෘත යුගල ඉසව්වේ අනුශූරතාව 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් D.S.R. ධර්මසේන විසින් පසුගියදා දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2021 ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සිදුකල නවීකරණ කටයුතු වලින් පසු, ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා 2022 සැප්තැම්බර් මස 03 වන දින ගමන් ඇරඹීය.
රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ (Australian Joint Agency Task Force) නියෝජිත පිරිසක් පසුගියදා (අගෝස්තු 31) මිරිස්ස වෙරළාරක්‍ෂක මූලස්ථානයේදී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක හමුවිය.